IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට කුලියට දීලා

(සම්පත් ජයලාල්)

මැතිවරණ ඉතාහාසයේ සිටම ඡන්ද මධ්‍යස්ථානයක ලෙස යොදා ගත් නුවරඑළිය රජයේ සේවකයන්ගේ ක්‍රීඩා සමාජ ශාලාව පෞද්ගලික ව්‍යාපාරිකයකුට අවන්හලකට සඳහා බදු දීම නිසා මෙවර ඡන්දය මධ්‍යස්ථානයක් අහිමී වී ඇතැයි මැතිවරණ කාර්යාල ආරංචි මාර්ග කියයි.

අංක 5 හාවාඑළිය උතුර මැතිවරණ මධ්‍යස්ථානය ලෙස යොදාගත් එම ගොඩනැගිල් වෙනුවෙන්මැතිවරණ නිලධාරින් මේ වන විට එම ඡන්ද කොට්ඨාශය සඳහා වෙනත් ගොඩනැගිල්ලක් සොයමින් සිටින බව ද දැනගන්නට ඇත.

මෙතුවක් කල් ඡන්දය පැවැත් වූ පැරණි ගොඩනැගිල්ල, නුවරඑළිය දිස්ත‍්‍රික් ලේකම් කාර්යාලය පෞද්ගලික ව්‍යාපාරිකයකුටවසර 20 ක කාලයක් සඳහා බදු දීමයි.

මෙරට පාලනය කළ එංගලන්ත ඡාතිකයින් එම ගොඩනැගිල්ල 1941 වසරේදි ඉදි කර ඇත්තේම, රජයේ සේවකයන් සඳහා ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙසය.

එය වර්ෂ ගණනාවක් පුරාම ක‍්‍රීඩා සමාජ ශාලාවක් ලෙස පැවති අතර, විවිධ වකවානුවල රජයේ මුදල් විශාල වශයෙන් යොදවා ගොඩනැගිල්ල නවීකරණය කිරීමටත්, අවශ්‍ය කායවර්ධන උපකරණ මිලදි ගැනීමටත් විශාල මුදලක් වැය කොට තිබුණි.

එම ගොඩනැගිල්ල පෞද්ගලික අංශයට පැවරීම හේතුවෙන්, එහි තිබු ක‍්‍රීඩා උපකරණ ගලවා ඉවත් කර ඇත.

එසේම රක්ෂිතයක් ලෙස පැවතින එම භුමියේ කබානා ඇතුළු වෙනත් ඉදිකිරිම් සඳහා ඉපැරණි ගස් ඉවත් කිරීම සඳහාද අවසර ඉල්ලා ඇති බව වාර්තා වේ.

 



අදහස් (8)

නුවරඑළියේ ජන්ද මධ්‍යස්ථානයක් අවන්හලකට කුලියට දීලා

Chandana Wednesday, 14 August 2024 05:01 AM

හොඳ ආයෝජනයක් වගේ...

:       0       0

sam Wednesday, 14 August 2024 05:34 AM

හා හා ඕක ගණන් ගන්න එපා. රටේ කෑලි කෑලි පිටරටට විකුණලා ඒවා සාධාරනීකරණය කරන පාලකයෝ රට පාලනය කරන කොට ඕවා සුළු දේවල්...

:       1       2

Perera Wednesday, 14 August 2024 06:00 AM

ඕවා වෙන්නේ දේශපාලකයින්ගේ උවමනා එපාකම් වලට අනුවයි

:       0       2

Lankabarana Wednesday, 14 August 2024 06:21 AM

වර්තමානයේ ශ්‍ර්‍රිලංකා පරිපාලන සේවයේ පිරිහීම උපරිමයෙන් පෙන්වන අවස්ථාවක් කියලා කියන්න පුළුවන් , දිස්ත්‍රික්කයේ මැතිවරණ කටයුතු වෙනුවෙන් තේරීම්භාර නිළධාරි වෙන්නෙ දිසාපති නැත්නම් දිස්ත්‍රික් ලේකම් වරයා තමයි. ඉතින් ඔහු විසින්ම ඔහුට පැවරුණු වලට බාධා සිදුවන බව නොසලකා මෙන්ම දුරදිග නොබලා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන්ම රාජකාරි කටයුතු වලට අවහිරකම් කරනවා නම් ඒ ගැන කියන්නෙ කාටද අනවධානයෙන් කටයුතු කල ඔහුටත් දිස්ත්‍රික් මැතිවරණ කාර්‍යාලයේ ප්‍රධානීන්ටත් විනයානුකූලව දඩුවම් දියයුතුය

:       0       3

ජයනාත් Wednesday, 14 August 2024 06:36 AM

රාජ්‍ය ආයතන පුද්ගලික අංශයට දෙමු. එතකොට ඒව මැතිවරණ රාජකාරි කටයුතු වලට ගන්න කීයක් හරි ගෙවන්න වෙනව. ගත මනාව අතේ.

:       0       4

පිනා Wednesday, 14 August 2024 07:13 AM

මේක කරන්න ඇත්තේ මේ රජයේම එක්තරා ඇමතියෙක් ගේ උවමනාවට , ලොකූ කොමිස් කුට්ටියකුත් ගන්න ඇති උන්දැ , හැබැයි මේවගේ කිසිම විස්තරයක් හොයාගන්න හෝ , නීතිය ක්‍රියාත්මක කිරීමක් අපේ රනිල් හාමු ඉන්නකන් කාටවත් කරන්න ලැබෙන්නේ නැහැ

:       2       5

සමන් Wednesday, 14 August 2024 09:13 AM

අවුරුදු පහකට වරක් තියෙන ඡන්දෙ වෙනුවෙන් රජයේ ගොඩනැගිල්ලක් තියාගන්න ඕනෑද ? මේ ගොඩනැගිල්ල බදු දුන්න එක අගය කළ යුතුය.

:       7       6

anura Wednesday, 14 August 2024 09:51 AM

දවස් 365 ම චන්ද තියෙනවාද? මේ වාගේ දේවල් ප්‍රවෘතියක් ලෙස දකින්නන් අංගොඩ යවන්න ඕනේ.

:       5       7

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

’’අනුරත් පාස්කු ප්‍රශ්නය විසඳන්නේ නෑ’’
2025 අප්‍රේල් මස 21 46 0

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ පත්වීමත් සමඟ පාස්කු විමර්ශන වඩාත් අපක්ෂපාතීව කරනු ඇතැයි බලාපොරොත්තු වුව ද, වත්මන් ආණ්ඩුවට ද මෙම ප්‍රශ්නය නිවැරදි


මාධ්‍යවේදීන් නොවන අයටත් මාධ්‍ය හැදුනුම්පත දීලා
2025 අප්‍රේල් මස 21 138 0

මීට පෙර මාධ්‍යවේදීන් නොවන පිරිස් සඳහා ද මාධ්‍ය හැඳුනුම්පත් නිකුත් කර තිබු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.


පාප් වහන්සේට ජනපති ශෝකය
2025 අප්‍රේල් මස 21 106 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ස්වර්ගස්ථ වීම පිළිබඳ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ශෝකය පළ කර තිබේ.


ජනතාවට ඇහුම්කන් දෙන්න සූදානම්
2025 අප්‍රේල් මස 21 130 0

සියලු පුරවැසියන් සාමයෙන්, සමගියෙන් ජීවත්වන රටක් ඊළඟ පරම්පරාවට උරුම කිරීම අවශ්‍ය බවත් ජනතාවට ඇහුම්කන් දීමට රජය සුදානම් බවත් අග්‍රාමාත්‍ය ආචාර්ය හරින


යුද හමුදා බසය ලොරියක ගැටී 22ක් රෝහලට
2025 අප්‍රේල් මස 21 247 0

යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල



මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 458 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 280 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 431 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site