IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


නුවරඑළිය වසන්ත සැණකෙළිය 1දා ඇරැඹෙයි

( ශාන්ත චන්ද්‍රසිරි)

නුවරඑළිය  වසන්ත උත්සව සමය මෙවරත්  අප්‍රේල් මස 01 දින සිට 30 දින දක්වා පැවැත්වීමට සියලු කටයුතු සුදානම්  කොට ඇතැයි  නුවරඑළිය මහ නගර සභාවේ නාගරික කොමසාරිස් සුජීවා බෝධිමාන්න මහත්මිය පැවැසුවාය.

ක්‍රීඩා උත්සව රැසකින් සමන්විතව මෙරව වසන්ත උත්සවය මහත් උත්කර්ෂවත් අන්දමින් පැවැත්වීමට පියවර ගෙන ඇති බවත්, ඊට සමගාමිව නුවරඑළිය නගරය, ග්‍රෙගරි වැව, ග්‍රෙගරි වැව උද්‍යානය, වික්ටෝරියා උද්‍යානය ඇතුළු සංචාරක නැරඹුම් ස්ථාන පිරිසිදු කිරීමේ කටයුතු මේ දිනවල සිදු කරන ලබන බවද බෝධිමාන්න මහත්මිය කීවාය.

මෙම වැඩසටහනට සමගාමීව නුවරඑළිය බස් නැවතුම්පොල පිරිසිදු කිරීම ඊයේ  (27) රාත්‍රී සිදු කරන ලද අතර, නුවරඑළිය ග්‍රෙගරි වැවේ ජලජ ශාක හා වැවේ ජලයේ පාවෙමින් තිබු ප්ලාස්ටීක් බෝතල් ඇතුළු  විවිධ ඝණ අපද්‍රව්‍ය ඉවත් කිරීමේ කටයුතු නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන්ගේ  මුලිකත්වයෙන් සිදු කරන ලැබු අතර, ඊට  ජීවිත ආරක්ෂක නිලධාරීන්, බෝට්ටු හිමියන් හා නුවරඑළිය මහ නගර සභාවේ සේවකයින්ගේ සහාය ලැබී තිබිණි.

මෙහෙදී වැවේ පැවැති පාසි ඇතුළු ජලඡ  ශාක ටොන් ගණනාවක් මේ වනවිට ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවත්, එසේම  වැවේ ජලයේ පාවෙමින් තිබු හා ග්‍රෙගරි වැව උද්‍යානයේ තිබු ප්ලාස්ටීක් බෝතල් ඇතුළු ඝණ අපද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඉවත් කිරීමට පියවර ගෙන ඇති බවද  නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශය පවසයි.

නුවරඑළියට පැමිණෙන දේශීය සංචාරකයන් මෙන්ම, නුවරඑළිය නගරය අවට පදිංචිව සිටින පිරිස් අවිධිමත් ලෙස බැහැර කරනු ලබන කැළි කසළ නුවරඑළියේ සුන්දරත්වයට තර්ජනයක් බවත්, එසේ හෙයින්  කැළි කසළ බැහැර කිරීමේදී නියමිත ස්ථානවලට පමණක් බැහැර කරන ලෙස නුවරඑළිය මහ නගර සභාවේ සෞඛ්‍ය අංශ නිලධාරීන් ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (1)

නුවරඑළිය වසන්ත සැණකෙළිය 1දා ඇරැඹෙයි

Nalaka Tuesday, 28 March 2023 01:41 PM

ඕක නැත්තං ,, සුද්ද කරන්නේම නැද්ද .....

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

මහවැලි ගඟට පැන්න තරුණිය කොස්තාපල් බේර ගනී
2025 අප්‍රේල් මස 10 309 0

කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.


අවුරුදු නැකත් දැන ගන්න සූර්යයා වෙතින් කේතයක්
2025 අප්‍රේල් මස 10 75 0

මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.


නාවික හමුදා දිය යට අවුරුදු උළෙල....
2025 අප්‍රේල් මස 10 205 0

ශ්‍රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම


වීසා නැතිව සිටි ඉන්දියානුවෝ 22ක් මාට්ටු
2025 අප්‍රේල් මස 10 269 0

කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.


වෛද්‍යවරිය අපයෝජන සිද්ධියේ සැකකරු යළි රිමාන්ඩ්
2025 අප්‍රේල් මස 10 337 0

අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ


මියන්මාරයට ඩොලර් මිලියනයක්
2025 අප්‍රේල් මස 10 625 0

භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 403 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site