IMG-LOGO

2024 නොවැම්බර් මස 07 වන බ්‍රහස්පතින්දා


නිවසේ නිරෝධායන වන අයට හදිසි ඇමැතුම් අංක

(නිමන්ති රණසිංහ)

කෝවිඩ් රෝගින්ගේ රෝගී තත්ත්වය අනුව ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ නිවෙස්වල කළමණාකරණය සඳහා යොමුකිරීමේ නව ක්‍රවේදයක් අද (19) සිට ආරම්භ කළ බව කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.

1904 යන අංකය ඔස්සේ කෙටි පණීවුඩ සහ දුරකතන ඇමතුම් මගින් මෙම ක්‍රමවේදය බස්නාහිර පළාත සදහා පමණක් ක්‍රියාත්මක වන බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

නිවේදනයක් නිකුත් කරමින් එම මධ්‍යස්ථානය සදහන් කරන්නේ, කෝවිඩ් 19 වැළැදුන රෝගීන් පහත විස්තර ඇතුළත් කෙටි පණීවිඩයක් 1904 අකයට යොමු කළ යුතු බවය.

අ). රෝග තත්ත්වයේ ස්වභාවය

1). ශ්වසන අපහසුතා ඇති රෝගීන් - A

2). උණ තත්ත්වයෙන් පෙලෙන රෝගීන් - B

3). කිසිදු රෝග ලක්ෂණයක් නැති රෝගීන් - C

ආ). වයස

ඇ). ජාතික හැදුනුම්පත් අංකය

ඈ). ලිපිනය

එස්.එම්.එස් පණීවිඩ මගින් ලැබෙන තොරතුරු කෝවිඩ් 19 රෝගය පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථනය මගින් අදාළ ප්‍රතිකාර මධ්‍යස්ථානය වෙත යොමු කිරීම සදහා වෛද්‍ය කණ්ඩායමක් වෙත යොමු කරනු ලබන බව ද එම මධ්‍යස්ථානය සිය නිවේදනයේ සදහන් කර ඇත.

රෝගීන් ලබා දෙන තොරතුරු වර්ගීකරණය කර දුරකතන අංක 247 අංකය මගින් සම්බන්ධ වී රෝගී ත්ත්තවය නිශ්චය කර අවශ්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමු කරනු ලබන අතර ඒ සදහා ගිලන් රථ සේවා සහ අනෙකුත් ප්‍රතිකාර පහසුකම් සපයනු ලබන බව ද එම නිවේදනයේ සදහන් වෙයි.

නිවෙස් නිරෝධායනයට යොමු කරවන රෝගීන්ට වෛද්‍ය කණ්ඩායමක් දුරකතන මාර්ගයෙන් නිරතුරුවම සම්බන්ධ වී අවශ්‍ය සේවා ලබා දෙනු ඇති අතර මේ සදහාම පමණක් වෙන් කොට ඇති දුරකතන අංක 1390 හරහා එම පහසුකම සලසනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සදහන් කරයි.

 



අදහස් (1)

නිවසේ නිරෝධායන වන අයට හදිසි ඇමැතුම් අංක

නුවන් Saturday, 21 August 2021 06:25 PM

මම බදුල්ලේ.. මම 19 වෙනිදා හොස්පිට්ල් එකෙන් කරපු රැපිඩ් එකෙන් පොසිටිව් කියලා දැනගත්තා. මම ගෙදරම කොරන්ටයින් වලට යොමු කළා.. ඒත් මේ වෙනකම් ප්‍රදේශය භාර PHI වත් ආවේ නැහැ. රෝහලින් දැනුවත් කරේ නැහැ කියනවා. කළමනාකරණයක් නැතුව මොන ⁣වැඩපිළිවෙලක් කරත් වැඩක් නැහැ.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

හිස්බුල්ලා‌ගේ මැතිවරණ කාර්යාලයකට ගල් ගැසූ අයෙකු අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 07 201 0

හිටපු රාජ්‍ය අමාත්‍ය එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතාගේ මුස්ලිම් කොන්ග්‍රස පක්ෂයේ කාන්තන්කුඩි ප්‍රදේශයේ මැතිවරණ ප්‍රචාරක කාර්යාලයකට ගල්වලින් පහරදී බ


වත්මන් පාලකයන්ට ’’ඩිමෙන්ෂියාවද’’ කියලා හිතෙනවා
2024 නොවැම්බර් මස 07 732 0

අද රටේ බලය අල්ලගෙන ඉන්නේ පාර්ලිමේන්තු ක්‍රමය ගැන කිසිම විශ්වාසයක් නැති පිරිසක් බව එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජයවර්ධන මහතා පැවසීය.


අලි ඇතුන් නඩුව විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය නවතයි
2024 නොවැම්බර් මස 07 639 0

ලියාපංචි නොකළ අලි ඇතුන් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ පවරා ඇති නඩුව විභාග කිරීම වළකාලමින් අතුරු නියෝගයක් නිකුත් කළ ශ්‍රේ


නොවැම්බර් පළමු දින 6ට සංචාරකයින් 30,620ක්
2024 නොවැම්බර් මස 07 333 0

මෙම මාසයේ ගෙවුණු දින 6 තුළ සංචාරකයින් 30,620ක් මෙරටට පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.


නව තානාපතිවරු දෙදෙනෙක් ජනාධිපතිට අක්තපත්‍ර දෙති
2024 නොවැම්බර් මස 07 811 1

ශ්‍රී ලංකාවට අලුතින් පත්ව පැමිණි තානාපතිවරු දෙදෙනෙක් අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත නිල වශයෙන් සිය අක්තප


’’ජනාධිපතිවරයා ප්‍රජාතන්ත්‍රවිරෝධී ගමනකට අර අදිනවා’’
2024 නොවැම්බර් මස 07 1188 5

අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ ආණ්ඩුවෙන් මාධ්‍යයට, වෘත්තීය සමිති ව්‍යාපාරයට සහ විපක්ෂයට දැඩි බලපෑම් එල්ල වෙමින් තිබෙන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 60 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 443 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1391 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site