(එච්. එම්. ධර්මපාල )
දෙහිවල, ගල්කිස්ස, බොරලැස්ගමුව යන පොලිස් වසම් තුළ නිවාස 10කට අධික ප්‍රමාණයක් බිඳ රුපියල් ලක්ෂ හැට තුනකට අධික රන් භාණ්ඩ ඇතුළු දේපළ සොරාගත් පුද්ගලයෙකු විදේශීය රටක නිෂ්පාධිත ජීව අත්බෝම්බයක්ද දෙහිවල පොලිසිය අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය කියයි.
සැකකරු ගල්කිස්ස පීරිස් පාර පදිංචි වයස 37 ක් වන පුද්ගලයෙක් වන අතර, මීට පෙරත් නිවාස බිදුම් වලට සම්බන්ධව බන්ධනාගාර ගතව සිට පැමිණි අයෙකුද වන බවත් අධික ලෙස හෙරෝයින් පානයට ඇබිබැහිවී ඒ සදහා මුදල් සොයා ගැනීමට මෙලෙස නිවාස බිදුම් සිදුකරන බවටත් හෙළිවී ඇති බවත් පොලීසිය කියයි.
පසුගිය 16 වනදින දෙහිවල සිරිමල් මාවත නිවසක් බිද රුපියල් ලක්ෂ 60 අධික රන්භාණ්ඩ සොරා ගත් බවට පොලීසිය වෙත ලද පැමිණිල්ල ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහන් ප්‍රේමරත්න මහතා විසින් එම පැමිණිල්ල දෙහිවල පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රොෂාන් උදයංග මහතා වෙත යොමුකරනු ලැබ ඇත.
ඒ අනුව සිදුකළ විමර්ශනයේදී සැකකරු හෙළිකරන ලද තොරතුරු අනුව ඔහු පදිංචි ගල්කිස්ස පීරිස් පාර නිවස සෝදිසියේදි විදේශීය රටක නිෂ්පාදිත ජීව අත්බෝම්බයක්ද, වාද්දූව සැකකරුගේ ආච්චිගේ නිවසේ ගෙවත්තේ වළදමා තිබූ රුපියල් ලක්ෂ හැටකට ආසන්න රන්භාණ්ඩ හා රුපියල් ලක්ෂ තුනකට ආසන්න රන්භාණ්ඩ මොරටුව ප්‍රදේශයේ පෞද්ගලික උකස් මධ්‍යස්ථාන වලට උකස් කර තිබියදී පොලිස් භාරයට ගෙන ඇති රන්භාණ්ඩ අතර වටිනා පෙන්ඩන් සහිත මාල කීපයක්, රන් දම්වැල් කීපයක්, අත් මුදු කීපයක්, කරාබු කීපයක් වන බවත් පොලීසිය කියයි.
පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය හා නාවික හමුදාව 2021 හා 2022 දී අත් අඩංගුවට ගත් හෙරෝයින් කිලෝ 494කට අධික ප්‍රමාණයක් පුත්තලම මහෙස්ත්‍රාත් අයෝමා විමලවිර මහත්මි
දක්ෂිණ අධිවේගී මාර්ගයේ කහතුඩුව කොට්ටාව අතර කිලෝමීටර් 5.4 ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් අයකු මියගොස් තිදෙනකු තුවාල ලැබූ බව දක්ෂිණ අධිවේගී රථ වාහන පොලි
වැඩිදුර පරීක්ෂා කිරීමට අවශ්‍යව වරායේ තිබූ රතු ලේබල් ඇලවූ සැකකටයුතු කන්ටේනර් තුන්සිය විසිතුනක් හිටි හැටියේ පිට කිරීම බරපතළ සැකයට තුඩු දෙන කාරණයක්
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා සහ ශ්‍රී ලංකාවේ පලස්තීන තානාපති ඉහාබ් කලිල් මහතා අතර විශේෂ හමුවක් එම අමාත්‍ය
කොම්පඤ්ඤවීදීයේ පොලිසීයට යාබදව බාලදක්ෂ මාවතේ සිට චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත දක්වා ඉදිකෙරෙමින් පවතින ගුවන් පාලමේ ඉදිකිරීම් ප්‍රමාදය හේතුවෙන් රුපිය
අකුණු සැර වැදීමෙන් හාලිඇල නෙළුව වතුයායේ තේ දළු නෙලමින් සිටි කාන්තාවන් හය දෙනෙකු අද (28) සවස තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි ද එක් කාකාන්තාවක් ජීවිතක්ෂයට පත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
නිවාස බිඳුම් කළ අයෙක් රන්භාණ්ඩ-මුදල් සමඟ පොලිසියට හසුවෙයි