IMG-LOGO

2024 සැප්තැම්බර් මස 26 වන බ්‍රහස්පතින්දා


නවසීලන්ත කතානායක ගංගාරාමය වැඳපුදා ගනියි

(විමුක්ති එස් රුද්‍රිගු)

නවසීලන්ත පාර්ලිමේතුවේ කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතුළු එරට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් පිරිසක් පසුගිය 8 සිට අද (11) වැනිදා දක්වා මෙරට නිල සංචාරයක නිරත විය. 

කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතාගේ ප්‍රධානත්වයෙන් මෙරටට පැමිණි දූත පිරිසට පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු පිරිසක් ඇතුළත් වූහ.

කතානායක ජෙරී බ්‍රවුන්ලී මහතා ඇතළු දූත පිරිස සිය නිල සංචාරයේ අවසන් දිනයවූ අද (11) ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අමතක නොකළහ. නවසීලන්ත දූත පිරිස පිළිගත් ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය කිරින්දේ අස්සජි හිමියන් ඔවුන්ට ආගමික වතාවත් පිළිබඳව පැහැදිලි කරමින් ගංගාරාම විහාරස්ථානය වැඳපුදා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය.

දෙරටේ පාර්ලිමේන්තු සහ පුද්ගලයන් අතර සබඳතාවය පුළුල් කර ගැනීමේ වැඩසටහනේ කොටසක් ලෙස නවසීලන්ත කතානායකවරයා මෙරට සංචාරයේ නිරත විය. ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීම අරමුණින් මෙම වැඩසටහන ක්‍රියාත්මක වේ.

මෙරටට පැමිණි නවසීලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අතර ආචාර්ය කාර්ලෝස් චංග්, ඇන්ඩි ෆොස්ටර්, කුශ්ලා ටැන්ජියර් මැනුවෙල් සහ ලෝරන්ස් සූ නාන් වූහ.

(ඡායාරූප: රුෂිරු කොළඹතන්ත්‍රිගේ)

 



අදහස් (1)

නවසීලන්ත කතානායක ගංගාරාමය වැඳපුදා ගනියි

Perera Friday, 12 July 2024 12:09 AM

මෙතුමා කතෝලිකයෙක්, බෞද්ධයෙක් වුණේ ලංකාවට ආවා පස්සේද?

:       1       0

ඔබේ අදහස් එවන්න

දියත


’’රැව්ලත් කැඳත් බේරා ගත යුතුයි’’
2024 සැප්තැම්බර් මස 25 2135 1

රටේ ආර්ථිකය බේරන්න ගියොත් මිනිසුන් තරහ කරගන්න සිදුවන බව හිටපු ජනාධිපති එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එජාප නිලධාරීන් හමුවේ ප්‍රකාශ කර


අකුරැස්සේ අනතුරින් තරුණ යුවළක් මරුට
2024 සැප්තැම්බර් මස 25 1386 0

අකුරැස්ස සියඹලාගොඩ - පිටබැද්දර මාර්ගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී අද සැන්දෑවේ සිදුවූ මාරක රිය අනතුරින් පාසල් ගුරුවරියක හා ඔහුගේ සැමියා මියගොස් ඇතැයි


‘‘විවිධත්වය දරා ගන්නා ලස්සන පොහොසත් රටක් හදමු‘‘
2024 සැප්තැම්බර් මස 25 2202 0

ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩ සටහන ඉදිරියට ගෙන යාම සඳහා, අදාල පාර්ශව සමග සාකච්ඡා කර ණය සහන ලබා ගැනීමට කටයුතු කරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජාතිය


නාන්න ගිය පස් දෙනාගෙන් දෙන්නෙක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 25 542 0

පොල්ගොල්ල වේල්ලට පහළින් ජලාශයට බැස දියකෙළියේ යෙදෙමින් සිටි මිතුරන් පස් දෙනකු අතරින් දෙදෙනෙකු ජල පහරේ ගසාගන්න ගොස් අතුරුදන් වී ඇති බව වත්තේගම පොලිසිය


ජාතික-අයි ටී එන් රූපවාහීනි සහ ලක්හඬට නව සභාපතිවරුන්
2024 සැප්තැම්බර් මස 25 3119 0

ජාතික රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සෙනෙෂ් දිසානායක බණ්ඩාර මහතද , ස්වාධීන රූපවාහිනියේ සහ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37177 20


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24487 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 189 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 626 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 238 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site