(යොහාන් භාසුර)
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග දෙකකින් සමන්විත විස්සයි20 ක්‍රිකට් තරගාවලියේ රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ අද (10) රාත්‍රී පැවැති අවසන් තරගයෙන් නවසීලන්ත ක්‍රීඩකයෝ ලකුණු 5 ක තියුණු ජයක් ලැබීමට සමත් වූහ.
නවසීලන්තය ලැබූ මෙම ජයග්‍රහණයත් සමග තරගාවලිය 1-1 ක් ලෙස සම තත්වයෙන් අවසන් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 109 ක ඉලක්කය හඹා ගිය ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී ලකුණු 103 කට සීමා විය.
පැතුම් නිස්සංක රැස්කළ ලකුණු 52 ක සෙසු පිතිකරුවන් අසාර්ථකවීම හේතුවෙන් අපතේ ගියේය.
වනිඳු හසරංග, දක්ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 17 කට කඩුලු 4 ක් දවාගැනීමෙන් පළමුව පන්දුවට පහර දුන් නවසීලන්ත පිල ලකුණු 108 කට සීමා විය.
කාසියේ වාසිය ලැබූ ශ්‍රී ලංකා පිලේ නායක චරිත් අසලංක පළමුව පන්දු යැවීමට තීරණය කළේය.
රාත්‍රී 7.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ මෙම තරගය වර්ෂාව හේතුවෙන් විනාඩි 20 ක් ප්‍රමාද වී රාත්‍රී 7.20 ට ආරම්භ කළේය.
නවසීලන්ත පිල ඕවර 19.3 කදී සියලු දෙනා දැවී 108 (විල් යංග් 30, මිචෙල් සෑන්ට්නර් 19, ජෝෂ් ක්ලාර්ක්සන් 24, නුවන් තුෂාර 22/2, වනිඳු හසරංග 17/4, මතීෂ පතිරණ 11/3, මහීෂ් තීක්ෂණ 16/1)
ශ්‍රී ලංකා පිල ඕවර 19.5 කදී සියලු දෙනාදැවී 103 (පැතුම් නිස්සංක 52, භානුක රාජපක්ෂ 15, මහීෂ් තීක්ෂණ 14, ලොකී ෆර්ගියුසන් 7/3, ග්ලේන් පිලිප්ස් 6/3)
ගම්පහ ප්‍රදේශයේ නාඩු අලෙවිය සඳහා පවතින මුත් පාලන මිලට ලබා ගැනීමේ හැකියාවක් නොමැති බව පාරිභෝගික ජනතාව පෙන්වා දෙති.
උතුරු, උතුරු - මැද සහ නැගෙනහිර පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
විදෙස් ගත ශ්‍රමිකයන්ට (රට විරුවන්ට) විද්‍යුත් වාහන ගෙන්වීමට ලබා දී තිබූ බලපත්‍ර දහසකට අධික සංඛ්‍යාවක් පසුගිය කාලයේදී අවභාවිත කර ඇතැයි ජාතික විගණන ක
‘කොවිඩ්’ පරීක්‍ෂණ සිදුකරන ලෙස හා ‘කොරෝනා’ ආසාධනය වු රැඳවියන්ට ප්‍රතිකාර ලබාදෙන ලෙස ඉල්ලා මහර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියන් කළ විරෝධතාවයකදී වෙඩි තබ
චීනයේ ෂැන්හායි නගරයේ ප්‍රදර්ශනාගාරයක සේවය කළ රොබෝ යන්ත්‍රවලට වෘත්තීය සමිති නායකයකු වූ කෘතීම බුද්ධියෙන් බල ගැන්වුණු එර්බායි නැමැති කුඩා රෝබෝ යන්ත්
මෙම වසරේ ගිනස් ලෝක වාර්තා දිනය සැමරීම සඳහා ලොව උසම කාන්තාව සහ ලොව මිටිම කාන්තාව ලන්ඩනයේ සැවෝයි හෝටලයේදී පසුගියදා තේ පැන් සංග්‍රහයක් සඳහා මුණ ගැසුණාය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නවසීලන්තය ලකුණු 5 ක තියුණු ජයක් ලබයි
Lakmal - Katunayaka Monday, 11 November 2024 12:31 PM
කුසල් මෙන්ඩිස් කියන අය ලංකාවේ ක්‍රිකට් වලින් අයින් කරලා දාන්න ඕනැ.. නැත්නම් ක්‍රිකට් හදන්න බැ..