IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


නාසා යානය සඳට ගොඩබායි

ඇමෙරිකාවේ නාසා ආයතනය, ‘ඉන්ටුයිටිව් මැෂීන්ස්’ නමැති පෞද්ගලික තාක්ෂණ සමාගම සමඟ එක් වී නිපදවා, සඳට යැවූ රොබෝ චන්ද්‍ර යානය, සඳට පතිත කෙරුණි.

ඇමෙරිකාවේ නාසා ආයතනය මැදිහත් වී, මේ අයුරින් සඳට යානයක් ගොඩබෑම කළේ ඇපලෝ චන්ද්‍ර මෙහෙයුම් අවසන් වී, වසර 52 කට පසුවය. ඇමෙරිකාවේ නාසා ආයතනය පෞද්ගලික අංශය සමඟ එක් වී, සඳට රොබෝ යානයක් පතිත කරන පළමු අවස්ථාව මෙයයි.

පෞද්ගලික අංශය සමඟ අත්වැල් බැඳ ගනිමින්, නාසා ආයතනය නව චන්ද්‍ර ගවේෂණ වැඩසටහන් මාලාවක් ආරම්භ කර ඇති අතර, ඒවා නම් කෙරෙන්නේ, ‘කමර්ෂල් ලූනා පේලෝඩ් සර්විසස්’ නමිනි. කෙටියෙන් මෙම මෙහෙයුම් හැඳින්වෙන්නේ ‘ක්ලිප්ස්’ යනුවෙනි. ‘පෙරිග්‍රීන්’ යනුවෙන් නම් කළ එම චන්ද්‍ර යානය සඳට කඩා වැටුණු අතර එම මෙහෙයුම අසාර්ථක විය.

සඳේ දක්ෂිණ ධ්‍රැවයේ තෝරාගත් ස්ථානයකට පතිත කළේ ‘ඔඩිසියස්’ නමැති චන්ද්‍ර යානයයි. මෙය ‘ලෑන්ඩර්’ වර්ගයේ රොබෝ යානයකි. යානය පතිත කළේ ‘මැලපර්ට් ඒ’ නමින් නම් කළ චන්ද්‍ර ආවාටයටය.

‘ඔඩිසියස්’ යානය, සඳ බලා යෑම සඳහා පෘථිවි කක්ෂයට රැගෙන ගියේ බිලියනපති ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ ස්පේස් එක්ස් සමාගමේ ‘ෆෝලකන් 9’ වර්ගයේ රොකට්ටුවය. ඒ, පසුගිය පෙබරවාරි 15 වැනිදාය. ‘ෆෝලකන් 9’ ගුවන්ගත වූයේ ෆ්ලොරීඩාවේ කැනවරල් තුඩුවේ කෙනඩි අභ්‍යවකාශ මධ්‍යස්ථානයෙනි.

(ඒ.එෆ්.පී.)



අදහස් (2)

නාසා යානය සඳට ගොඩබායි

dupul Friday, 23 February 2024 08:13 AM

ඇමෙරිකාව අවුරුදු 52 ට ඉස්සර සඳට යානයක් යැව්වා. අපි අවුරුදු 72 ක් තිස්සේ තවමත් සඳ දිහා බලාගෙන ගණන් හදමින් ඉන්නවා.

:       0       0

Perera Friday, 23 February 2024 09:52 AM

චිචියගේ රොකට් එකත් හඳේ තියනවාද කියලා බැලුවා නම්...!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ධාවනය වෙමින් තිබූ ත්‍රීරෝද රථයක් ගිනි ගනියි
2025 අප්‍රේල් මස 23 101 0

හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ ත්‍රිරෝද රථයක් අද (23) ගිනිගෙන විනාශ වී ඇති බව හැටන් පොලිසිය පැවසීය.



ට්‍රම්ප්ගේ වැඩ නිසා වැඩියෙන්ම සතුටු වෙන්නේ විපක්ෂය
2025 අප්‍රේල් මස 23 240 1

ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට ආර්ථිකය ශක්තිමත් කිරීමට ගන්නා වූ තීන්දු තීරණ වලට වැඩිපුරම සතුටු වන්නේ මෙරට විපක්ෂය බව ජනාධිපති අනුර කුමාර දිසාන


ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට
2025 අප්‍රේල් මස 23 173 0

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට විසඳුම් සෙවී


අල්ලස් ගත් ලංගම ලොක්කෙකුට වැඩ වරදී
2025 අප්‍රේල් මස 23 536 0

මගියකුට ප්‍රවේශ පත්‍රයක් ලබා නොදීම සම්බන්ධ ලංකා ගමනාගමන මණ්ඩලයේ කොන්දොස්තරවරයකුවිනය පරීක්ෂණයක් පවත්වා අගතියක් නොවන පරිදි නැවත සේවය පිහිටුවීම සදහා


ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනකු අල්ලයි
2025 අප්‍රේල් මස 23 2179 4

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 629 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 320 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 468 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site