(වූහාන් නගරයේ වෙසෙන තරුණියකගේ දින පොතෙන්)
වූහාන් නගරයේ ප්‍රවාහන සේවය නවතා දමා තිබිණි. සියලු වෙළඳ මධ්‍යස්ථානවල දොරගුළු ලාගත් වතින් තවමත් එසේය. නිවාසවලින් පිටත ලෝකයට නොබසින්නැයි කරන දැනුම් දීම් අනුව වූහාන් වැසියෝ හුදකලාව කල්ගත කරමින් සිටිති.
29 හැවිරිදි ගුවෝ ජින් නම් වන තරුණියක් ජනවාරි 23 වන දින සිට මේ දක්වා චීනයේ වූහාන් නගරයේ වාසස්ථානයක සිරවී හුදකලාව දිවිගෙවන්නීය. ජින් සමාජ සහ මානව හිමිකම් ක්‍රියාකාරිනියකි. එසේම ස්වෝත්සාහයෙන් දිවිගෙවන්නියකි. එහෙත් අද ඇයට නිවසින් එළියට බැසිය නොහැකි වී තිබේ.
ගෙවී ගිය සතිය පුරා ඇය කුඩා දින පොතක් පවත්වාගෙන ගියාය. එයින් ගත් සටහන් අපි මෙසේ පළකරමු.
ජනවාරි 23 - අවුරුද්ද ම මෙහෙම ඉන්න වුණොත්
උදේ නැගිට්ටට පස්සේ වයිරසය ගැන ආරංචි වුණාම, මම දැනගෙන හිටියේ නැහැ මොකක්ද කරන්න ඕනෙ කියලා. මොකක්ද ඒකෙන් අදහස් වෙන්නෙ? කොයිතරම් කාලයක් මේ වයිසරය තියේවිද? කොහොමද ඒකට මුහුණදෙන්නෙ? සූදානම් වෙන්න ඕනෙ කොයිවිදියටද? මේ කිසිදෙයක් මම දන්නෙ නැහැ.
‘වයිරසය ආසාදනය වුණු ගොඩක් මිනිස්සුන්ට ප්‍රමාණවත් රෝහල් තිබුණේ නැහැ’, ‘ඔවුන්ට හරියාකාරයෙන් ප්‍රතිකාර ලබාදෙන්නෙ නැහැ’ වගේ කෝපයෙන් උමතු වෙලා දැක්වූ අදහස් බොහොමයක් සමාජ මාධ්‍යවල පළවෙලා තිබුණා.
මිනිස්සු බහුතරය හිටියෙ මුඛ ආවරණ පැළඳගෙන. යාලුවො මට කිව්වේ පුලුවන් තරම් ආහාර ඇතුළු අත්‍යවශ්‍ය දේවල් මිලදීගෙන තියාගන්න කියලායි. ඒ වෙනකොටත් වෙළඳසැල්වල හාලුයි, නූඩ්ල්සුයි ඉවරවෙලා.
වෙළඳසැලක හිටපු මිනිහෙක් ලුණු බොහෝ ප්‍රමාණයක් මිලදීගනිමින් හිටියා. ‘ඔච්චර ලුණු මොකටද?’ කිසිවකු ඔහුගෙන් අහනවා මට ඇසුණා. ‘අපිට මුළු අවුරුද්දම මෙහෙම ඉන්න වුණොත්?’ පළමුවැන්නා පිළිතුරු දුන්නා.
මම ෆාමසියකට ගියා. ඒවෙනකොටත් මිනිස්සු බොහොමයක් එහි පිරිලා බඩු මිලදීගනිමිනුයි හිටියේ. ඒ වෙද්දිත් මුඛ ආවරණ සහ විෂබීජ නාශක විකිණිලාම අවසන්වෙලා.
හැකි තරම් කෑමබීම මිලදීගත්තාට පස්සෙත් මම හිටියෙ කම්පනයෙන්. පාරේ ගිය මෝටර් රථ වගේම පදිකයන් සංඛ්‍යාව ටිකෙන් ටික අඩුවීගෙන යනවා. නගරය එකපාරටම නතරවෙලා. කවදද මේ නගරය ආයිත් පණගැහෙන්නෙ?
ජනවාරි 24 - නිහඬමය නව අවුරුදු සන්ධ්‍යාව
මුළු ලෝකය ම නිහඬ වෙලා. මේ නිහැඬියාව මට ගෙන එන්නේ බියජනක හැඟීමක්. මම ජීවත්වෙන්නෙ තනියම. ඉතිං තවත් මිනිස්සු මගේ අවට ඉන්න බව මට දැනෙන්නෙ උත්සවවලදී ඔවුන් නඟන ප්‍රීතිමත් හඬ මේ කොරිඩෝව දිගේ ගලන් ඇවිත් ඇහෙද්දියි.
ජීවිතය බේරගන්නෙ කොහොමද කියලා හිතන්න මට උවමනාවටත් වැඩියෙන් කාලය තියෙනවා. මට බේරෙන්න වෙන විදියක් නැහැ. වෙනත් සම්බන්ධතා නැහැ.
අසනීප වෙන්න නොදී මාව හොඳින් තියාගන්න එක මගේ එක ඉලක්කයක් වුණා. මම ශාරීරික සුවතාවල යෙදෙන්න ඕනෙ. ජීවිතේ බේරගන්න කෑමබීමත් ඕනේ. ඒනිසා මිලදීගෙන ගබඩාකරගන්න තරම් ප්‍රමාණවත් කෑමබීම තියෙනවද කියලා හොයලා බලන්න ඕනේ.
වයිරසය කොයිතරම් කාලයක් තියේවිද, ඒ හින්දා කොයිතරම් කාලයක් අපට නිවෙස්වලට වෙලා ඉන්න වේවිද, අපි ක්‍රියාකරන්න ඕනෙ කොයිවිදියටද කියලා රජයෙන් දැනුම්දුන්නේ නැහැ. මිනිස්සු නම් කියන්නෙ මැයි වෙනකම් ම මේ විදියට ගෙවල්වලට වෙලා ඉන්න වේවි කියලයි.
පහළ තට්ටුවෙ තිබුණෙ ෆාමසියයි සිල්ලර බඩු කඩෙයි අද වහලා. ඒත් කෑම බෙදාහරින මිනිස්සු තවමත් සේවයේ යෙදිල ඉන්නවා දකින්න ලැබීම සතුටක්.
සුපිරි වෙළඳසැල්වල තිබුණු නූඩ්ල්ස් සියල්ල විකිණිලා. ඒත් හාල් ටිකක් ඉතිරිවෙලා තිබුණා. මම අද ගිහින් සුදු ලූණු දලු, සැල්දිරි කොළ, බිත්තර මිලට අරගත්තා.
ගෙදර ඇවිත් ඇඟ සෝදාගෙන ඇඳුම් පැළඳුම් හෝදලා දැම්මා. තමතමන්ගේ සනීපාරක්ෂාව ගැන හිතන එක හරිම වැදගත්. දවසකට 20ක් නැතිනම් 30 වතාවක් විතර මම අත් සෝදනවා.
පිටතට යන එකෙන් මට තේරෙන්න ගන්නවා තවමත් මම ලෝකය එක්ක බැඳිලායි ඉන්නෙ කියලා. වැඩිමහලු උදවියයි, ආබාධිත අයයි හුදකලාව ජීවත්වෙන්නේ කොහොමද? ඒක හිතාගන්න බැරි තරම් අමාරු දෙයක්.
සාමාන්‍යයෙන් උයන ප්‍රමාණයට වඩා අඩුවෙන් උයන්න මට ඕනෙ වුණේ නැහැ. මොකද ඊයේ තමයි සූකර අවුරුද්දෙ අවසාන රාත්‍රිය. ඒක සමරන්න තිබුණේ ප්‍රණීත ආහාරයකුත් එක්කයි.
රාත්‍රී ආහාරය අවසානයේ මම යාලුවන්ට වීඩියෝ සහිත දුරකතන ඇමතුමක් ගත්තා. වයිරසය මගහැරලා කතාකරන්න දෙයක් තිබුණේ නැහැ. ඇතැම් යාලුවො හිටියෙ වූහාන්වලට කිට්ටු නගරවල. සමහර යාලුවො වයිරසය නිසා ගෙවල්වලට නොයන්න තීරණය කරලා තිබුණා. වයිරසය හින්දා සමහරු අපිව මුණගැහෙන්නවත් කැමැති වුණේ නැහැ.
අපි එහෙම කතාකරමින් ඉද්දි එක යාලුවෙක් කැස්සා. තවත් කෙනෙක් ඇයට විහිලු කළා, වහාම දුරකතනය විසන්ධි කරන්නයි කියලා.
අපි පැය 3කට සැරයක් කතා කළා. මම හිතුවා එහෙම කතාකළාට පස්සේ හොඳ සිතුවිලිවලින් නින්දට යන්න පුලුවන් වේවි කියලා. ඒත් මම ඇස් වැහුවාම, පහුගිය දිනවල වුණු සිද්ධි විදුලි වේගයෙන් මතකෙට එන්න පටන්ගත්තා.
ඇස්වලින් කඳුළු කඩාවැටුණා. මට දැනුනෙ හරිම අසරණ බවක්. කේන්තියකුත්. ඒ වගේම දුකකුත්. මගේ මරණය ගැනත් මම හිතන්න ගත්තා.මට පසුතැවිලි වෙන්න කිසිවක් තිබුණෙ නැහැ. මොකද මගේ රැකියාව ගැන මට තෘප්තියක් තිබුණා. ඒත් මට ඕනෙ වුණේ නැහැ මගේ ජීවිතේ මේ තරම් ඉක්මණින් ඉවරවෙනවා දකින්න.
ජනවාරි 25 - චීන අලුත් අවුරුදු හුදකලාව
චීනයේ අලුත් අවුරුදු දා අදයි. සංස්කෘතික උත්සව සමරන්න මට කවදාවත් විශාල උනන්දුවක් තිබුණෙ නැහැ. ඒත් දැන් අලුත් අවුරුද්ද වෙනදාටත් වඩා, අදාළ නැති කාරණයක් බවට පත්වෙලා.
උදේ කිවිසුම් හරිද්දි ලේ පිටවෙනවා මට පෙනුනා. නිතරම මගේ මොළය පිරිලා තිබුණේ අසනීපවෙයි කියන කනගාටුදායක සිතිවිල්ලෙන්. මම කල්පනා කරමින් හිටියෙ කාමරෙයන් එළියට යනවාද නැද්ද කියලායි. ඒත් කිසිම උණක් තිබුණෙත් නැතිව මම හොඳ සනීපෙන් හිටියා. ඉතිං මම ටිකකට පිටතට ගියා.
මම මුඛ ආවරණ 2ක් පැළඳගෙනයි හිටියේ. මිනිස්සු නම් කිව්වෙ ඒ වැඩේ නම් කිසිම වැදගැම්මකට නැති දෙයක් කියලයි. මම බයෙන් හිටියේ දුර්වල තත්වයේ මුඛ ආවරණ ගැන. ඒනිසා මුඛ ආවරණ දෙකක් පැළඳගෙන සිටීම මට ආරක්ෂාකාරී හැඟීමක් ලබාදුන්නා.
අර නිහැඬියාව තවමත් එහෙමමයි.
මල් විකුණන වෙළඳසැලක් විවෘත කරලා. වෙළඳසැලේ හිමිකරුවා මළ ගෙවල්වල සැරසිලි කරන්න ගන්න මල් ඉදිරි දොර ළඟ අහුරලා තිබුණා. ඒකෙන් යමක් ඇඟවුණාද සංකේත වුණාද කියලා මම දන්නෙ නැහැ.
සුපිරි වෙළඳසැලේ එළවළු රාක්ක හිස්වෙලා. නූඩ්ල්ස් සහ ඩම්ප්ලින්ග් සියල්ලම වගේ විකිණිලා. බඩු මිලදීගන්න පෝලිම්වල හිටියෙත් මිනිස්සු ටිකදෙනයි.
මම වෙළඳසැලට එන හැම වතාවකම කෑමබීම බොහෝ ප්‍රමාණයක් මිලදී ගත්තා. ගෙදර හාල් කිලෝ 7ක් තියෙද්දි මම තවත් කිලෝ 2හමාරක් මිලදීගත්තා. බතල, ඩම්ප්ලින්ග්, සොසේජස්, රතු බෝංචි ඇට, කොළ බෝංචි සහ ලුණු දාපු බිත්තර මිලදීගැනීමෙන් මාව වළක්වගන්න මට ම බැරිවුණා.
ලුණු දාපු බිත්තරවලට මම කැමති ම නැහැ. මම ඒවා ගත්තෙ මේ තත්වය ඉවරවුණ දාකට යාලුවන්ට දෙන්නයි.
මේ මාසෙට ඇතිතරම් මට කෑම බීම තියෙනවා. ඉවරයක් නැති මේ කෑම මිලදී ගැනීම උමතුවක්. ඒත් මේ වගේ තත්වයක චීනය තියෙද්දි මම කොහොමද ඒ වෙනුවෙන් මට ම දොස් පවරගන්නේ?
මම ගං ඉවුරු දිගේ ඇවිදින්න ගියා. ක්ෂණික ආහාර අලෙවිකරන අවන්හල් දෙකක් විවෘත කරලා. මිනිස්සු කිහිපදෙනෙක් තමන්ගෙ සුරතල් බල්ලොත් එක්ක නගරයේ ඇවිදිමින් හිටියා. මම දැක්කා තවත් සමහරු නිස්කාන්සුවේ ඇවිදින හැටි. ඒ අයට ඕනෙ වුණේ නෑ වයිරසයක් නිසා ගෙවල් ඇතුළට වෙලා, කොටුවෙලා ඉන්න.
මීට කලින් කිසිම දවසක මම තනිවම පාරේ ඇවිදලා නැහැ. දුරට පෙනෙන පාරක තනියම ඇවිදින එක මට දැනුනේ මගේ ලෝකය තව ටිකක් විහිදිලා ගිහින්, පුළුල් වෙලා වගෙයි.
මතු සම්බන්ධයි
ඩිල්ෂානි චතුරිකා දාබරේ
(බීබීසී සටහන් ඇසුරින්)
අසභ්‍ය ඡායාරූප සහ වීඩියෝ භාවිත කරමින් සිදුකරන බිය වැද්දීම්, තර්ජනය කිරීම් සහ කප්පම් ගැනීම් පිළිබඳ පැමිණිලි මෙම වසරේ සැලකිය යුතු අන්දමින් ඉහළ ගොස් ඇතැ
2024 රාජ්‍ය සාහිත්‍ය සම්මාන උළෙලේදී වසරේ හොඳම ස්වතන්ත්‍ර නවකතාවට හිමි සම්මානය හ විරාජනී තෙන්නකෝන්ගේ කැමෙලීයා කෘතියට හිමිවිය
සැකකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා ගිය අනුරාධපුර පොලිසියේ නිලධාරීන් කණ්ඩායමකට කැති, පොලු, උදලු, පිහි, මන්නා රැගෙන පහර දීමට තැත් කර, ජීප් රථය යන මාර්ගය කොට
ශ්රී ලංකාවේ අනාගත සංවර්ධන ප්‍රමුඛතා පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ලෝක බැංකු සභාපති අජේ බංගා (Ajay Banga) මහතා අතර ජනාධිපති කාර්යාල
දියවැඩියා රෝගීන්ට අත්‍යාවශ්‍ය වන ඉන්සියුලින් එන්නත දිවයින පුරා රෝහල් රැසක හිගවීම හේතුවෙන් එම රෝගීහු දැඩි දුෂ්කරතාවයන්ට පත්ව සිටිති.
පවතින අධික වර්ෂාවත් සමඟ මඩාටුගම ආඬියාගල ප්‍රධාන මාර්ගයේ කිරළව පාලම ගිලා බැසීමේ අවදානමක් ඇතැයි ද ඒ හේතුවෙන් ඊයේ (27) පස්වරුවේ සිට එම පාළම මතින් ගමන් කිරී
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
නිහඬ නුවරක හුදකලාවක
lanka Friday, 07 February 2020 11:30 AM
එළවලුයි, හාලුයි, බිත්තරයි විතරයි සුපර්මාර්කට් වල ඉතිරිවෙලා තියෙන්නේ... හොඳ සර්ප මස් ටිකක්, වවුල් මස් ටිකක් එහෙම ආසාවටවත් හොයාගන්න ඉතුරුවෙන්න නැතිව ඇතිනේ....
JayFriday, 07 February 2020 09:50 PM
ලංකා, මිනිස්සු අමාරුවේ වැටිලා ඉන්න වෙලාවක එ්කත් විහිලුවකට ගන්න එපා.. පොඩ්ඩක් හිතන්න ඔයා මේ වගේ අවස්ථාවකට මුහුණ දුන්නා නම් කොහොමද කියලා. අමතක කරන්න එපා... අපි කාට වුණත් මොනවගේ කරදරවලට මොන අවස්ථාවේ මුහුණ දෙන්න වෙයිද දන්නේ නැහැ...
NuwanSaturday, 08 February 2020 09:10 AM
චීනුන්ට ඔවුන්ගේ පව්කාර වැඩ දැන්වත් තේරුණොත් ඇති..
Gamage Friday, 07 February 2020 11:52 AM
චීනයේ යිගූර් කියන ජන කොට්ටාශය දැන් චීන ජාතිකයන් විසින් සම්පූර්ණයෙන්ම පාගා දමා තිබුණා. ඔවුන්ගේ දේවස්ථාන, ඔවුන්ගේ සිරිත් විරිත්, ඔවුන්ගේ ආහාරපාන සම්පූර්ණයෙන්ම තහනම් කර තිබුණා. තවද ඔවුන් මිලියන ගණනින් කඳවුරු වලට ගාල්කරනු ලැබුවා.
lankasri Friday, 07 February 2020 01:20 PM
ඔව් මරණ භය කියන්නේ ලොකුම භයයි. සැමවිටම කුහුඹුවකුගේ හෝ පණ බේරන්න. මදුරුවෙක්වත් මරන්න එපා. මෙවැනි ව්‍යවසනයන්ට ඔබට මුහුණපෑමට සිදුනොවේ. නිරෝගී දිර්ඝායුෂ ලැබේ. දීර්ඝායුෂ ලැබෙන්නේ ධර්මයේ හැසිරී කෙලෙස් දුරු කොට සසරෙන් එතර වීමටයි.
janis Friday, 07 February 2020 01:52 PM
චීන ජාතිකයන්ගේ පොලට ගියවිට ඔබට දකින්න ලැබෙන්නේ ලේ විලක් මැද මරපු සහ මරන්න එකතු කරගෙන ආ සුනඛයින්... ඒ අතරින් ඉතාම දුක්වුනේ අබාධිතයින්ට උදව් කරන වර්ගයේ සුනඛයින්, පවා මරා, එතැනදීම පුළුස්සා කෑමට ගනී. නාගයින්ගේ බෙල්ල කපා ලේ බොන්න සලස්වා දී මුදල් ගනී. මා සිතන්නේ එහි විපාකයි මේ. බුදුරදුන් පවා මේ මාංශ තහනම් කරපු හේතුව මින් මනාව පැහැදිලි වේ...
ලසන්තFriday, 07 February 2020 03:02 PM
මිත්‍රයා, ලංකාවේ අපි හරක් මස් කනවා, ඉන්දියාවේ හින්දූන් එය පිළිකුල් කරනවා. ඌරුමස් කනවා, මැදපෙරදිග මුසල්මානුවන් එය පිළිකුල් කරනවා. අපි මුහුදු බෙල්ලන් රසකර කමින් ගොළුබෙල්ලන් කෑම පිළිකුල් කරනවා. මේ සියල්ල සංස්කෘතික හා සමාජයීය කාරණා... මිනීමස් කා දිවි රැකගත් මිනිසුන්ද අතීතයේ බොහෝ සිට ඇත. කිසියම් ජාතියක් පොදුවේ සංස්කෘතික හෝ සාමාජීය කාරණා අනුව මැනීම සුදුසු නොවේ. තනිතනි පුද්ගලයාගේ සිතෙහි ක්‍රියාව අනුවම කර්ම, ඵලවිපාක තීරණය වේ.
NuwanSaturday, 08 February 2020 09:09 AM
මෙච්චර විනාශයක් වෙලත් තේරෙන්නේ නැති මිනිස්සු ඉන්නවනේ චීනුන්ගේ පව්කාර වැඩ නිසා මේක වුනේ කියලා...
sunil perera Friday, 07 February 2020 10:20 PM
දැන් අපේ චීනයට ගිය එක ශිෂ්‍යයෙකුට වියදම් කරන මුදල අවුරුදු හතරකට වැඩිකිරීම තිස්තුන... ගෙන්වා ගැනීමට සහ නිරෝධායනයට වියදම සියලු එකතුව... දිහා බලනකොට... අනේ පව් මැදපෙරදිග අපේ අම්මලා, අක්කලා.., ජීවිත පූජාවෙන් හම්බකරන විදේශ විනිමය ගැන... කළමනාකාරීත්වයක් නැති අවුරුදු 72ක පාලනය කළ පාර්ලිමේන්තුවේ සාමාජිකයින්ට කාර්වලට පමණක් වියදම් කරන මුදල ගැන හිතනකොට .... ශ්‍රීලන්කන් එකේ පාලකයන්ගේ අල්ලස්... අපි අසරණ වෙලා වගේ දැනෙනවා බුදු හාමුදුරුවනේ....
sampath Monday, 10 February 2020 12:42 PM
චීනේ නොමිලේ ප්‍රතිකාර කරන්නේ නැහැ. සෞඛ්‍ය රක්ෂණය නැත්නම් මැරෙන්නයි වෙන්නේ... ඒ විතරක් නෙවෙයි සාමාන්‍ය ජනයට අාහාර රැස් කරගන්න තරම් වත්කමක් නැහැ. ඉතින් දුක්ඛිත තත්වයකින් ජීවත් වෙන්නේ ලංකාවේ සිසුන් වූහාන් පැත්තේ යවන්න ඕනේ... වර්ජන, නවකවද කරන කට්ටිය සතියකට, දෙකකට අපේ රටේ අධ්‍යාපනය මොනතරම් නිදහස්ද කියලා දෙන්න වූහාන් කවදත් සාමකාමී, සුහදශීලි ජනතාවක් සිටින පළාතක්...