IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


නිහතමානී කලාකරුවාණෙනි ඔබට සුභ ගමන්

‘‘ඒත් මම බැලුවා, තවම කෝල් එක ආවේ නැත්තේ මොකද කියලා මචං’’

‘‘ඇයි එහෙම ඇහුවේ?’’

‘‘නෑ ඉතිං මචෝ, කවුරුහරි මැරුණු ගමන් උදෙන්ම කතා කරනවනේ ඒකයි බැලුවේ?

මේ ජැක්සන් ඇන්තනි නමැති ප්‍රතිභාපූර්ණ කලාකරුවා මා සමඟ පැවසු අදහසකි. එයට හේතුවක්ද තිබේ. ඒ කලාකරුවකු මියගිය පසු, ඔහු හෝ ඇය පිළිබඳව ‘‘ලංකාදීප ‘‘පුවත්පතට ලිපියක් ලිවීමට කර්තෘතුමාගේ උපදෙස් පරිදි නිතරම මම ඔහුට ආරාධනා කළෙමු. ඒ ආරාධනාව කොතරම් කාර්යබහුල තත්ත්වයේ සිටියද, ඉවත නොහෙළා, අප පුවත්පත කෙරෙහි ඇති ආදරය නිසාම ඔහු එදාට ලිපිය ලියා මට දුරකතනයෙන් දැනුම් දෙන්නේ ‘‘ඔන්න ලිපිය එව්වා මචෝ’’ කියලයි.

එතරම්ම නිහතමානීව සිටි මේ ප්‍රතිභාපුර්ණ කලාකරුවා දැන් ආපෙන් සමුගෙන ගොස් හමාරය. මීට වසරකට පෙර, එනම් 2022 දී ආචාර්ය සෝමරත්න දිසානායක මහතාගේ අලුත්ම චිත්‍රපටය වන ‘‘සිංහබාහු’’ රූගත කිරීම් තලාව ප්‍රදේශයේ සිදුකොට යළි සුපුරුදු නවාතැනට යාමේ දී රාත්‍රියේ ඔහු ගමන් ගත් කැබ් රථය මතට අලියකු ගැටීමෙන් සිදුවූ අනතුර නිසා, ඔහුටත්, තම සොහොයුරා හා තවත් සහයකුටත් දරුණූ ලෙස තුවාල සිදුවුණි. එයින් ජැක්සන්ට බරපතළ හානි සිදුවූ නිසා ඔහු කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. එදා සිට පසුගිය 9 වැනිදා පෙරවරුව දක්වා ඔහු සිහිසුන් නොලබු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ගත්තේ ‘‘අද සුව වෙයි. හෙට සුව වෙයි’’ යන හැමෝගෙම ප්‍රාර්ථනා මැදය. එහෙත් ඒ සියල්ල වෙනස් කරමින් සනාතන බුදු හදමට අනුව ඔහු ජීවිතයෙන් සමුගෙන අප හැරගොස් තිබේ. රාගම පොඩි වී කුඹුරේදී 1958 ජූලි මස 8 වැනිදා උපත ලැබූ කොන්යානිගේ ජෝශප් මල්සි ජැක්සන් ඇන්තනි නොහොත් ලොවේ සැවොම දන්නා ජැක්සන් ඇන්තනි කුඩා කාලයේ සිටම කලාවට පෙම්බැඳ, එයටම ඇතුළුවී එහි බොහෝදේ සොයා ගිය අපේ කාලයේ නිර්මාණශීලී කලාකරුවෙකි. මවුපියන් ‘‘මල්සි’’ යනුවෙන් තම නිවසේ දී හැඳින් වූ ජැක්සන්, හපුගොඩ කනිෂ්ඨ විද්‍යාලයෙන් හා බණ්ඩාරවෙල ශාන්ත මරියා විදුහලෙන් මූලික අධ්‍යාපනය ලැබ පසුව උසස් අධ්‍යාපනය සඳහා ගනේමුල්ල, ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුළත්වුණි. එයින් සමත්ව කොළඹ විශ්ව විද්‍යාලයට ඇතුළු වු ඔහු, සිංහල භාෂාව හා සාහිත්‍යය පිළිබඳව ගෞරව උපාධියක් ලබාගත් අතර, පසුව ශ්‍රී ජයවර්ධනපුර සරසවියෙන් ජනමාධ්‍යය පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය ද හිමි කර ගත්තේය.

ජැක්සන් උපතින් කතෝලිකයකු වුවද බෞද්ධ අධ්‍යාපනයට බොහොම ලැදි අයෙකි. බෞද්ධ පත පොත හදාරමින්, නාහිමිපාණන් වහන්සේලා ඇසුර ලබමින් ඔහු බෞද්ධ අධ්‍යාපනය හොඳින් ප්‍රගුණ කළේය. මේ නිසාම ඔහුට ලාංකේය බෞද්ධ ඉතිහාසය පිළිබඳ සාකච්ඡා වැඩසටහන් ‘‘බෞද්ධයා’’ රුපවාහිනි නාලිකාව සමඟ පැවැත්වීමේ අවස්ථාව උදාවුණි. ඔහු එය ඉතාම ශූර ලෙස එය ඉදිරිපත් කළේ. සංඝයා වහන්සේලාගේ ද ගෞරවාදරයට පාත්‍රවෙමිනි.

ජැක්සන් එක අංශයකට පමණක් සීමා වූ කලාකරුවකු නොවේ. ඔහු වේදිකාව, සිනමාව, හා රූපවාහිනිය යන මාධ්‍ය ත්‍රිත්වයම ජයගත් කලාකරුවෙකි. රංගධාරයකු, ගායකයකු, චිත්‍රයට, ටෙලිනාට්‍ය අධ්‍යක්‍ෂවරයකු, තිර රචකයකු, ගීත රචකයකු ලෙසද, නාට්‍ය වේදියකු, රූපවාහිනි පුරකයකු, ගුවන් විදුලි හඬ නළුවකු, විශ්ව විද්‍යාල බාහිර කථිකාචාර්යවරයකු, නර්තන ශිල්පියකු, ඉතිහාසඥයකු, සංචාරක වැඩසටහන් මෙහෙයවන්නකු ආදී අංග ගණනාවක් ඔස්සේ තම දැනුම මෙහෙයවූ කලාකරුවෙකි. එවැනි කලාකරුවකු, අදටත් මෙරට කලා ක්ෂේත්‍රයේ සිටීද යන්න පැනයකි.

වේදිකාවේදී ‘‘මරාසාද්, මධුර ජවනිකා, ලෝම හංස, ධවල භීෂණ, අත්, මෝරා, තාරාවෝ ඉගිලෙති, මෙතනින් මාරුවෙනු, වැනි වේදිකා නාට්‍ය රැසකටත්, ‘‘පළිඟු මැණිකේ, ඇල්ල ළඟ වලව්ව, සුසීමා, වෙද හාමිනේ, දඬුබස්නාමානය, අකාල සනධ්‍යා, පිටගම්කාරයෝ, කඩුල්ල, අප්පච්චි, වැනි ටෙලිනාට්‍ය ගණනාවකටත්. ‘‘ගුරුගෙදර, ආවා, ජුලියට්ගේ භූමිකාව, ඇඩ්‍ර්ස් නෑ, ගිනි අවි හා ගිනිකෙළි, බව කර්ම,, බවදුර, වීසිදැල, ගරිල්ලා මාකටිං, රන්දිය දහර, සූරිය අරණ, මහරජ ගැමුණූ, ධර්ම යුද්ධය, අස්වැසුම, ඝරසරප,’’ වැනි චිත්‍රපට ගණනාවක් ඔහු රඟපෑවේ විශිෂ්ට රංගධරයකුගේ ලක්ෂණ පෙන්වමිනි... මේ නිසාවෙන්ම ඔහු 16 වතාවක් මෙරට හොඳම නළුවා සම්මානයට පාත්‍රවුණේ වාර්තාවක්ද තබමිනි. ඔහු අධ්‍යක්‍ෂණය කළ චිත්‍රපට හා ටෙලිනාට්‍ය මෙරට බොහෝ දෙනා අතර කතා බහට ලක්වූ අතර, ඒවාද සම්මානයට පාත්‍රවිණි.

ඔහු ගායකයකු ලෙසින් ක්ලැරන්ස් විජේවර්ධන සමඟ එක්ව ‘‘සිතේ සුසුම් නිවනා ගායන, දැස පියාගත් කල, දේවතාවන් සිටින දවල්, රෑ තාරකාවෝ ‘‘වැනි ගීත එදා සිට අද දක්වා එලෙසින්ම ජනප්‍රිය වී තිබෙන්නේ, ඔහු ගායකයකු සතු ලක්ෂණ නියමාකාරයෙන්ම පෙන්නුම් කළ නිසාවෙනි.

අවසන් කාලයේ දී පවුලේ සාමාජිකයෙක් සමග එක්ව ඔහු ගැයූ ‘‘අහස පොළොව උහුලනවාලු ‘‘ගීතය ද ඉතාම ජනප්‍රියත්වයට පත්විය.

මෙරට ජනප්‍රිය ගායිකාවක හා රංගන ශිල්පිනියක වන කුමාරි මුණසිංහ සමඟ විවාහ වී සිටි ජැක්සන්, මාධවී වත්සලා, අඛිල ධනුද්ධර සහ සජිත අනුත්තර යන දරු තිදෙනාගේ ආදරණීය පියාණන් විය. මේ සියලු දෙනම අද දවසේදී කලා ක්ෂේත්‍රයේ දක්ෂ කලාකරුවන් බවට පත්ව සිටින්නේ ජැක්සන්ගේ ජාන ලක්ෂණවලට පින් සිදුවෙන්නටය. ජැක්සන් අවසන් වරට රඟපෑ ‘‘සිංහබාහු’’ චිත්‍රපටය පිළිබඳව එකල ආදරයෙන් කතාකලේ තම පුතණුවන් දෙදෙනා වන අඛිල හා සජිත සමඟ එකට රඟපාන්න ලැබීම නිසාවෙනි. එහෙත් එය අවසන් කරන්නට ඔහුට නොහැකිවුණී. සිය පියා වෙනුවෙන් එහි බර අඛිල කරට අරගෙන එම චිත්‍රපටය නිම කළේ, පියාගේ ඉල්ලීම නිසාවෙනි

ඔහු රූපවාහිනී ක්ෂේත්‍රයේ කවුරුත් නොකළ බොහෝ දේ කරන්නට සමත් වූ නිර්මාණශීලී අධ්‍යක්ෂවරයෙකි. 2000 වසරේදී ‘‘හපන් පැදුර’’ නිර්මාණය කරමින් මෙරට දූ දරුවන්ට යළි ළමා ගීත ගැයීමේ ආසාව හා ඒවා ඇසීමේ ආසාව උදාකර දුන්නේය. අනතුරුව ‘‘මහා සිංහලයේ වංශ කතාව, මහා සිංහලයේ යටත් විජිත කතාව ‘‘වැනි ඉතිහාසයේ රුපවාහිනියට ගෙනවිත්, මෙරට අධ්‍යාපනයෙන් විසිවී ගිය ඉතිහාසය විෂය යළි පාසලට ගෙන ඒමට පුරෝගාමී මෙහෙවරක් ඉටුකළේ නිවැරදි සන්නිවේදකයකුගේ ලක්ෂණ පෙන්නුම් කරමිනි. එයින් නොනැවැතුණු ජැක්සන් , අනතුරුව ‘‘අවාරේ සිරිපා, ගඟ දිගේ, රෝම පුරාණය, සලංහත්තේ. කළු ගඟ දිගේ, වැය වාර්තා වැඩසටහන් ඉදිරිපත් කරමින්, මෙරට රූපවාහිනි කලාව ගම මඟරට ගෙන ඒමට සමත්විනි. ඔහු අවසන්වරට ඉදිරිපත් කළ ‘‘කළු ගඟ දිගේ’’ වැඩ සටහන ඉවර කරන්නට බැරිවුණි. ඔහු මා සමඟ පැවසුවේ මෙරට ගංගා පිළිබඳ සියල්ලම තබා ඉදිරිපත් කර, ඒ කටයුත්ත නිමකර බවයි. එහෙත් අවාසනාවක මහත එය සිදු නොවිණි.

ජැක්සන් නැමැති මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා පිළිබඳව බොහෝ දේ ලිවීමට හැකිය. ඒ තරමට ඔහු ඇවිදින පුස්තකාලයක් තරම් යැයි මට සිතේ. ඕනෑම ප්‍රශ්නයක දී ඔහු ඒ පිළිබඳ තම විග්‍රහය ඉදිරිපත් කළේ බො​හෝ දෙනාට යමක් සිතන්නට ඉඩ හරිමිනි. මේ නිසාවෙන්ම ඔහු බොහෝ දෙනාගේ විවේචනයට ද ලක්විණි. විශේෂයෙන් දේශපාලනඥයන් සමඟ සිටීම නිසා ඔහුට එල්ල වූ විවේචන මැරෙන තුරාවටම සිදුවිණි.

ඇයි මචං මට තවම පහර ගහන්නේ. මම 2018 ඉදලා මේ දේශපාලනයෙන් ඉවත් වෙලා හිටියේ මම ඒ බව ‘‘ලංකාදීපයට’’ සම්මුඛ සාකච්ඡාවක් දීලත් කිව්වා. ඒත් මඩ ගහනවා හරිම දුකයි. මොනවා කරන්න ද?

ඒ මා සමඟ ඔහු වරෙක කී කතාවකි. ඔහු ජනාධිපතිවරණයට පෙර මා සමඟ කළ සංකච්ඡාවේ දී ‘‘මා පාතාල දේශපාලනයට කැමති නෑ’’ කියමින් කළ කතාව එකල බොහෝ දෙනාගේ කතාබහට ලක්විණි. මේ නිසාම ඔහුට එය පැහැදිලි කරන්නට සිදුවුණේ, මරණ තර්ජන පවා එල්ලවූ නිසාවෙනි. කෙසේ වුවද ඔහු කළ කී සමහර දෑ සහ සමහර කතා බොහෝ මතවාදයන්ට ද ලක්වූ අතර, විවේචනවලට ද ලක්විණි.

කෙසේ වුවද ඔහු ඒ කළ කී දෑ පිළිබඳව නැවත සිතීමේ දී අපට එදා ඒ කියු දේවල් කොපමණ දුරට සත්‍යද යන්න වැටහෙන්නේ දැන්ය. එහෙත් පමාවී වැඩිය. ඔහු අද අප අතර නැත. මේ ප්‍රතිභාපූර්ණ කලාකරුවා රටට අවැසි මොහොතේදීම අප අතරින් සමු ගැනීම රටෙත්, අපේත් අභාග්‍යයක් නොවන්නේද?

ජැක්සන් ඇන්තනි කලාකරුවාගේ දේහය හෙට (10) පෙරවරු 9.00 සිට රාත්‍රී 10.00 දක්වා බොරැල්ල ජයරත්න ‘‘රෙස්පෙක්ට්’’ ශාලාවේ තැන්පත් කර ඇති අතර, 11 වැනිදා පෙරවරුවේ සිට 12 වැනිදා දහවල් 12.00 දක්වා ඔහු විසු 90/A/58, වනිගසුරිය වත්ත, රාගම පාර, කඩවත යන නිවසේ තැන්පත් කරන අතර, අවසන් කටයුතු 12 වැනි බ්‍රහස්පතින්දා පස්වරුවේ රාගම ශාන්ත පාවුළු දේවස්ථානයේ දී සිදු කෙරේ.

ජැක්සන් ඇන්තනි කලාකරුවාණන් ඔබ මෙරටට සම්පතකි. ජාතික වස්තුවක්, බොහෝ දේ අපට උගැන් වූ ගුරුවරයෙකි. කලාකරුවන්ට බොහෝ දේ කියාදුන් මිතුරෙක්, ඔහු අනතුරට ලක් වූ දා සිට ඔහු වෙනුවෙන් අදහන ආගම් අනුව සෙත් ප්‍රාර්ථනා කළේ, ඒ ඔහු මෙරටට ආගම් අනුව සෙත් ප්‍රාර්ථනා කළේ. ඒ ඔහු මෙරටට කියාදුන් බොහෝ දේවලට ප්‍රති උපකාර ලෙසිනි.

මිතුරාණෙනි, ගුරුවරයාණෙනි, ප්‍රවීණ කලාකරුවෙකි. ඔබට මෝක්‍ෂ සුවය අත්වේවායි පතන්නේ දැඩි සංවේගයකින් යුතුවය.

(සමන්ත යහම්පත්)

 



අදහස් (9)

නිහතමානී කලාකරුවාණෙනි ඔබට සුභ ගමන්

ජගත් ලියනගේ Monday, 09 October 2023 08:44 PM

මනුස්සයෙක් මැරුනාම දුකයි . ඒත් ?

:       21       6

AB Tuesday, 10 October 2023 12:15 AM

කලාවේ රසය කුමක්ද යන්න හොදින්ම දැනගෙන කලාවේ නියැලී කලාකරුවන් අතර කලාකරුවෙක් සහ ජැක්සන් ඇන්තනි කලාකරුවා විසින් පැතිකඩ කිහිපයකින් කලාව වෙනුවෙන් කල දස්කම් සහ සේවය අගයමු.

:       0       24

පිටිගල මිලානෝ Tuesday, 10 October 2023 09:52 AM

සුන්දර ජැකා යකා කල එකා කවුද…?

:       8       12

තරුෂි Tuesday, 10 October 2023 10:31 AM

මොහුගේ තිබුනේ කැමරා ඉස්සරහා මවාගත් නිහතමානීකමක් ඔහු ඉතාමත්ම අහංකාර පුද්ගලයෙක්. ඉස්සර මොහු දුවත් සමග ඇයගේ පාසලට ආවම මොහුගේ යම් යම් වැඩ කිරීමට ළමයින්ට පවරනවා හරියට වැඩකාරයන්ට අණ දෙනවා වගේ. කැන්ටිමට ගිහින් මේක ගේන්න, මේ පොත ගිහින් අහවල් ගුරුවරයාට දෙන්න වගේ දේවල්. මම පුද්ගලිකවම එය අත්දැක තිබෙනවා.

:       11       12

Anura GunawardaneWednesday, 11 October 2023 10:09 PM

ඒකට තමයි නායකත්වය කියන්නේ

:       0       4

sam Tuesday, 10 October 2023 05:26 PM

ඔහු හොඳම නළුවාය. නමුත් ඇත්තටම ජැක්සන් ඇන්තනි සහ ඔහුගේ පවුලේ අය ඔවුන්ගේ රංගනයන් ලංකාවේ මිනිසුන් රැවටීමට යොදා ගත්තා. ඔහු තම වෘත්තීය ඉතා හොඳින් කර ඇත. නමුත් ඔහු සාමාන්‍ය මිනිසුන්ට සංවේදී නොවේ. එය වේදිකාවේ පමණි...

:       13       9

Senarath Wednesday, 11 October 2023 09:17 AM

ඔහු සතුව විවිද ක්ශේත්‍ර පිලිබදව දැනුම් සම්බාරයක් තිබුන. ඔහු බෞදයෙක් නොඋනත්, බෞද්ධ දර්ශණය පිලිබවත් හොනද දැනුමක් තිබුන. ඔහුගේ අබාවය රටට් විශල පාඩුවක්. ඔහුට නිවන්සුව ප්‍රාර්ථනා කරමි.

:       3       10

Amila Wednesday, 11 October 2023 02:15 PM

ඔහු ඉතා දක්ෂ නළුවෙකි. ඒ ගැන කිසිම විවාදයක් නැත. ඔහුට මිනිසුන්ගේ සිතුවිලි ඉතා හොඳින් අවබෝධ කරගත හැකිවිය. එමනිසා ඔහු ඒ අවස්ථාවේ තිබුණු ඉල්ලුම වහා අවබෝධ කරගෙන එයට සරිලන සැපයුම දෙන ලදී.. ජැකා ඔබට සුබ ගමන්...!

:       1       6

සුකිරිබටිල්ලා Sunday, 15 October 2023 05:07 AM

"මම ඔහුට ආරාධනා කළෙමු." මේ පත්තරකාරයින්ට සිංහළ උගන්නපල්ලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

දුන්හිඳ බස් අනතුරේ තවත් සිසුවෙක් මරුට
2024 නොවැම්බර් මස 23 376 0

බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.


උත්සව සමයේ වැටලීම් වැඩිකරන්න කියයි
2024 නොවැම්බර් මස 23 175 0

එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා


සිලින්ඩරයේ ජාතික ලැයිස්තුවට ශ්‍රීලනිපයත් සටනට
2024 නොවැම්බර් මස 23 676 0

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්


වඳුරව නිධානය කළුගල් ගොඩක්
2024 නොවැම්බර් මස 23 3359 0

පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක


IMF ලංකාව ගැන ගත් තීරණය
2024 නොවැම්බර් මස 23 1810 0

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්


පුංචි සභා මැතිවරණය ලබන වසර මුල
2024 නොවැම්බර් මස 23 1028 0

පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2006 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site