IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


නෙළුම් කුලුන ජනතා අයිතියට

(හර්ෂණ තුෂාර සිල්වා)

දකුණු ආසියාවේ උසම කුලුන වන නෙළුම් කුලුනජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (16) පස්වරුවේ විවෘත කෙරුණි.

කොළඹ ඩී.ආර්. විජයවර්ධන මාවතේ බේරේ වැව අසබඩ වර්ග මීටර් 30,600 ක භූමියක ඉදිකර තිබෙන නෙළුම් කුලුන මෙරට ගොඩනැගිලි සහ සන්නිවේදන ක්ෂේත්‍රයේ දැවැන්ත පියවරක් ලෙස සැලකේ. නෙළුම් කුලුන ශ්‍රී ලංකාව ලෝකයට ගෙන යන සංකේතයකි.

නෙළුම් කුලුන ලබන සතියේ දී මහජනතාවට විවෘතකිරීමට නියමිතය.නෙළුම් කුලුන විවෘතකිරීම වෙනුවෙන් විශේෂ උත්සවයක් අද (16) පස්වරුවේ පැවැත්වුණු අතර කුලුනේ පාදම පරිශ්‍රයේදී එය පැවැත්විණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහභාගීත්වයෙන් කුලුන විවෘත කෙරුණේ ඩිජිටල් තාක්ෂණය භාවිතයෙනි.

ඉන් අනතුරුව නෙළුම් කුලුන විවෘත කිරීම වෙනුවෙන් සමරු මුද්දරයක් ද නිකුත්කෙරිණි. තැපැල් සේවා හා මුස්ලිම් කටයුතු ආගමික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.එම්. මොහොමඞ් මහත්මිය පළමු සමරු මුද්දරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පිළිගැන්වූවාය.

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපති ආරක්ෂක ලේකම් ජනරාල් (විශ්‍රාමික) ශාන්ත කෝට්ටේගොඩ මහතා උත්සවයේ පිළිගැනීමේ කතාව කළ අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා උත්සව සභාව ඇමතීය.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සවය ඇමතුවේ ඉන් අනතුරුවය.

ඉන් අනතුරුව මෙම අවස්ථාව සංකේතවත් කරමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙන්ග් ෂියුවාන් මහතා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සමරු තිළිණයක් පිළිගැන්වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා, චීන ජනාධිපතිවරයාට ද සමරු තිළිණයක් පිළිගැන්වීය. නෙළුම් කුලුන ඉදිකිරීමට සම්බන්ධ අනෙකුත් ප්‍රධාන පාර්ශව අතරේද සමරු තිළිණ හුවමාරු කරගැනිණි.

නිල උත්සවය අවසන්වීමෙන් පසුව ගිනිකෙළි සංදර්ශනයක් ද පැවැත්විණි. නෙළුම් කුලුන විදුලි බුබුළු යොදමින් විචිත්‍රවත් ලෙස ආලෝක කර තිබිණි.

දකුණු ආසියාවේ උසම විදුලි සංදේශ කුලුන වන නෙළුම් කුලුන බහුකාර්ය කුලුනක් වන අතර උස මීටර 356කි. එහි ඇස්තමේන්තු ගත වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 104.3කි.

නෙළුම් කුලුනේ පාදම කොටස් මහල් හතරකින් සමන්විතය. කුලුනේ මතුපිට මට්ටම බිම් මහල වන අතර සාප්පු සංකීර්ණ, තොරතුරු කවුන්ටර, පිවිසුම් යනාදී සියල්ල ඇත්තේ මෙහි තිබෙන ගොඩනැගිල්ලේය. දෙවැනි මහල ද සාප්පු සංකීර්ණ සඳහා වෙන්කර තිබේ. තෙවැනි මහල කුලුනේ පාදමේ වහලය වුවද එය විවෘත ප්‍රදේශයකි. සංදර්ශන, රැස්වීම් සහ විවිධ ඉසව් පැවැත්වීම සඳහා එම කොටස් වෙන්කර තිබේ.

කුලුනේ මල සහිත කොටස ‘ටවුරු හවුස්’ ලෙස හැඳින්වෙන අතර මීටර 45ක උසකින් සමන්විතය. මෙම කොටස මට්ටම් 9කින් සමන්විතය. මෙහි පළමු හා දෙවැනි කොටස් රූපවාහිනි හා ගුවන් විදුලි සම්ප්‍රේෂණ කටයුතු සඳහා වෙන්කෙරේ.

තෙවැනි හා සිවුවැනි මහල් උත්සව ශාලා සහ භෝජනාගාර සඳහා වෙන්කර තිබේ. තුන්වැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 250කට පහසුකම් සපයන අතර සිවුවැනි මට්ටමේ උත්සව ශාලාව අමුත්තන් 280කට පහසුකම් සපයයි.

නෙළුම් කුලුනේ කැරැකෙන භෝජන ශාලාව තිබෙන්නේ ‘ටවුරු හවුස්’ හි පස්වැනි මහලේය. අමුත්තන් 200කට එකවර පහසුකම් සැපයිය හැකි මෙම භෝජන ශාලාව එක වටයක් කැරැකීම සඳහා විනාඩි 90ක කාලයක් ගත වේ. මෙහි හයවන මහල රාජ්‍ය අමුත්තන් සඳහා සකස්කරන ලද සුඛෝපභෝගී කාමර 8කින් සමන්විතය.

මෙහි හත්වන මහල කුලුනේ එළිමහන් නැරැඹුම් මහලයි. ජනතාවට මීටර 245ක උසක සිට කොළඹ නගරය සහ අවට ප්‍රදේශ නැරැඹිය මෙම හත්වන මහලේ සිටය. ‘ටවුරු හවුස්’ කොටසේ 8වැනි හා 9වැනි මහල් වෙන්කර ඇත්තේ විදුලි සෝපාන හා වායු සමීකරණ සවිකිරීම ඇතුළු විවිධ සේවාවන් සඳහාය.

කුලුනේ කුඹ ගස කොටස හෙවත් ‘ඇන්ටෙනා මාස්ට්’ කොටස කුලුනේ ප්‍රධාන අංගය වන අතර ඇන්ටෙනා ආවරණයේ මුළු දිග මීටර 90කි.රූපවාහිනී සේවා 50 කට ගුවන් විදුලි සේවා 35කට සහ විදුලි සංදේශ සේවා 20කට නෙලුම් කුලුන මගින් පහසුකම් සැපයීමට අපේක්ෂිතය.

කතානායක කරු ජයසූරිය, ප්‍රාථමික කර්මාන්ත සහ සමාජ සවිබලගැන්වීම් අමාත්‍ය දයා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, දයාසිරි ගමගේ, මහින්ද අමරවීර, දුමින්ද දිසානායක, තිලංග සුමතිපාල, ලසන්ත අලගියවන්න, බස්නාහිර පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, ඌව පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න, ශ්‍රී ලංකා විදුලි සංදේශ කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ෂාමල් ජයතිලක, ශාන්ත බණ්ඩාර මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වසිටියහ.

 

(ඡායාරූප -ජයමාල් චන්ද්‍රසිරි)


(ඡායාරූප - චතුර .එස් කොඩිකාර)

 

 

 



අදහස් (36)

නෙළුම් කුලුන ජනතා අයිතියට

Jehaan Monday, 16 September 2019 01:07 PM

මේකේ උඩට නැගලා බිමට පනින්න තමයි මුළු රටේම මිනිස්සුන්ට සිද්ද වෙලා තියෙන්නේ...

:       723       1022

kolam bossMonday, 16 September 2019 03:19 PM

ඒකෙ තියෙන රෙස්ටුරන්ට් එකෙන් ගමේ බන්ඩයියට කොළඹ බලන්න කුලුනට නැග්ගට කන්න නම් හම්බවෙන්නේ නැහැ . ඒකෙ මේසේ උඩ ඔතල තියෙන රෙදි ටික දැක්කම බණ්ඩයියයි , සෙනෙහෙලතා අක්කයි දෙන්නම බඩගිනි වුණත් ඇඟට නොදැනීම රෙස්ටුරන්ට් එකක් දැක්කේ නැහැ වගේ මාරු වෙයි . පවු බණ්ඩයියගෙයි සෙනෙහෙලතා අක්කගෙයි මේකට වියදම් කරපු බදු සල්ලි ටික . පවු ඒ මිනිස්සු මොන තරම් හුරේ දදාද හිටියේ මේක හදන සන්තෝසෙට ..

:       315       76

සමන්ත Monday, 16 September 2019 06:25 PM

ඔව්..ඔව්.. ඒක හරි. රාජපක්ෂ හොර නඩය කරලා තියෙන වැඩ වලට ඒ ඇරෙන්න දැන් වෙන මොනවා කරන්නද? ඔය එළිවෙන්නේ තව තව.

:       0       0

DasaTuesday, 17 September 2019 04:22 PM

ජාතියේ නය බරේ සංකේතය කියල නම දැම්මොත් නරකද ?

:       0       0

geethika gunasekara Monday, 16 September 2019 01:29 PM

මේ පොටෝ එක බලන්නකෝ..! සිරිපාල මන්ත්‍රීතුමා නිදි ... මේ ගොල්ලන්ද ආයෙම රට හදන්න එන්නේ..? රටට දෙයියන්ගේම පිහිටයි.

:       4       310

මාකුඹුරේ මංජුලා Monday, 16 September 2019 01:35 PM

උඩට නගින්න කීයද? දුප්පතෙකුට කිසිදා මෙහි උඩ සිට අවට සිරි නරඹන්න වෙන්නේ නැහැ නේද?

:       3       164

Raveendra Monday, 16 September 2019 01:41 PM

ලක්දෙරණේ මුල් පුරවැසියා වන සිරිසේන උන්නැහේගෙන් තොරතුරු දැනගැනීමේ අටමගලේ අනුව අප මෙසේ විමසීමට කැමැත්තෙමු. මෙම විවෘත කිරීමට පමණක් ඔහේගේ මුදල් යෙදෙව්වද? නැතිනම් කෙසේ ඒ සඳහා වියදම් කළේද? වියදම් වූ මුදල් ප්‍රමාණය කොතෙක්ද? ඊට අමතරව "ජනතා අයිතියට " යන්නෙන් අදහස් කරන්නේ කුමක්ද ? මෙතෙක් කල් මෙය කෙනෙකුගේ බූදලයක් වී තිබුණිද? මේ සඳහා ජනතාවගේ එක ශතයක්වත් වියදම් නොකළේද? එසේ මහජන වියදම් කළේ නම් ඇයි නැවතත් ජනතා අයිතියට පත් කරන්නේ? කරුණාකර ඔහෙට මේ සඳහා පිළිතුරු දීමට කාලය නොමැති නම් ඔහේගේ එක එක ලේකම්ලා ඉන්නවනේ මහජන මුදලින් සුරසැප විඳින එවන් කෙනෙකුට කියා හෝ පිළිතුරු සපයන මෙන් සියලුම ශ්‍රී ලාංකිකයන් ඔහෙට අණ කරන්නෙමු. මේ සඳහා මුල්ගල් තියපු අයගෙන්ද මෙම පැනයන් ඇසීමට කැමැත්තෙමු...

:       3       402

පොහොට්ටුවේ මිනිසාTuesday, 17 September 2019 02:00 AM

කෝටි 200 පොහොට්ටුවේ සමිතියෙන් ආපසු දෙන්නම්.

:       27       58

p.d goonawardena Monday, 16 September 2019 01:42 PM

අර සිරිපාල එතනත් නිදි ...!!!

:       2       209

AnandaWednesday, 18 September 2019 08:27 AM

සිරිපාල නෙවෙයි.., ඔය නිදිපාල...

:       0       8

Ruhunu Monday, 16 September 2019 01:52 PM

නිමල් සිරිපාල මැතිතුමා එතනත් නිදි වගේ..

:       1       106

nilu Monday, 16 September 2019 02:18 PM

සංචාරකයන් මිලියන 2ක් එන නිසා මේකේ වියදම අවුරුදු දෙකෙන් හොයන්න පුළුවන්. මේ ආණ්ඩුව මේකත් බදු දෙයිද දන්නේ නැහැ. මැලේසියාව මේවගේ කුලුණකට යන්න ඩොලර් 20ට වඩා ගන්නවා.

:       10       165

KumarMonday, 16 September 2019 04:52 PM

නිලූ,ඔය කුළුණු වගේ කුළුණු ඇමෙරිකාවේ කිහිප පොලකයි යුරෝපයේත් තිබෙනවා. ඒ පැතිවලින් එන යට ඕක අලුත් දෙයක් නොවේ. ලංකාවේ අලුත් සල්ලි කාරයෝ නම් කැමති ඇති.

:       0       0

sirimal Monday, 16 September 2019 02:46 PM

"ලෝකෙට පරකාසේ ගෙදරට මරගාතේ කුළුණ" කීවා නම් වැඩිය හොඳයි. බෝර්ඩ් ලෑල්ලේ නම තිබ්බට රනිල් වික්‍රමසිංහට එන්න කියලා නැද්ද?

:       178       210

damitha aus Monday, 16 September 2019 02:54 PM

නෙලුම් කුළුණේ ණය වාරිකය බිලියන 2.4යි. තවත් වසර 10ක් ගෙවීමට තිබෙනවා. කොළඹ නෙලුම් කුළුණ ඉදිකිරීම සඳහා චීනයේ එක්සිම් බැංකුවෙන් ලබාගත් ණය මුදල වෙනුවෙන් සෑම වසරකම රුපියල් මිලියන 2400ක ණය වාරිකයක් ගෙවීමට සිදුව ඇති බව ජනපති මාධ්‍ය අංශය පවසයි. එසේම එම ණය වාරිකය තවත් වසර 10ක කාලයක් ගෙවීමට තිබෙන බවත් මේ වසරේ පළමු මාස හය වෙනුවෙන් රුපියල් මිලියන 1200ක මුදලද ගෙවා ඇති බවත් ජනපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.

:       0       42

sirimal Monday, 16 September 2019 03:13 PM

ඔය කුළුණ ආරම්භයේ ඒ කියන්නේ 2012 වසරේදී රුපියල් කෝටි 200ක මුදල් වංචාවක් සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වූ බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියනවා නේද? "2012 වසරේදී චීන සමාගමකට ගෙවූ රුපියල් කෝටි 200ක අත්තිකාරම් මුදලක් පිළිබඳ ගැටළු මතුවූ අවස්ථාවේදී ඒ පිළිබඳ විමර්ශනය කිරීමේදී එවන් සමාගමක් හෝ චීනයේ පිහිටා නොමැති බව අනාවරණය වූ බවයි " එතුමා කිවේ. මුල් ගල තිබ්බ කට්ටිය මේගැන මොනවා කියයිද දන්නේ නැහැ නේද ? මදැයි කරපු සංවර්ධනය.

:       569       592

sena Monday, 16 September 2019 03:34 PM

ගිය ආණ්ඩුව ගිවිසුම ගහන වෙලාවේ කොටි 200 ක් හොරකම් කළා නම් ,මෙපමණ කලක් බල සිටියේ මොකද ? මුන්නැහේ රනිල් ගේ හොරකම් අල්ලපු විදිය අපි දැක්කනේ .මෙම ආණ්ඩුව කුකුල් කුඩු ගෙවල් ටිකක් හැදුව. අනික් වැඩ හොරකම් පමණය මොහු කොමිසන් දාල අල්ලපු හොරු කොහෙද ඉන්නේ , එක්කෝ පාර්ලිමේන්තුවේ නැත්නම් රට .කෝ මහේන්ද්‍රන්.කෘෂිකර්ම බිල්ඩිමට කෝටී ගණන් සල්ලි ගෙව්වේ කවුද ? දුමින්ද නොවේද එය කලේ ?මෙයා රට විනාශ කිරීමට මුලිකයා.රජයේ සියලු වැඩ දකින්නේ පත්තරෙන්. මොහු රටක නායකයෙක්ද ? මොහුගේ ආඩම්බර කතාව නම් හරි ඉහලය.

:       62       265

RaveendraMonday, 16 September 2019 06:14 PM

ඇල්ලුවා රවින්ද්‍ර මල්ලියේ ඔක්කොම හොරු ටික..// ඇල්ලුවේ වෙන කව්රුත් නොවේ මේ මම සිරිසේන..// ඔක්කොම හොරුටික දැම්ම ඇතුලට කල්දේරම් බතට..// බැලුවිට ඉන්නේ හාල් මැස්සෝ ,සුඩයෝ වගේ පොඩි උන්නේ ..//

:       0       0

athuraTuesday, 17 September 2019 04:49 AM

ගිය ආණ්ඩුව කරපු හොරකම් අල්ලන්න ඇමරිකාවෙන් ආවත් බැරිවෙයි.මොකද හොරුන්ගෙත් හොරු කම්බා හොරු සාක්ෂි ඉතුරුවෙන්න හොරකම් කරයිද ?

:       128       62

sirimalWednesday, 18 September 2019 07:31 PM

මෙච්චර කාලයක් බලා හිටියා නෙවේ... ජනාධිපතිගේ පුදුමාකාර හඬ පටියක් එලියට දැම්මා එ්කනේ ඔය කතාව හෙළි කරන්න හේතුවුන කාරණාව.

:       0       0

karthini Monday, 16 September 2019 05:02 PM

සිරිපාල මැතිතුමාට පුදුම නින්දක්නේ යන්නේ !

:       0       0

ASELA Pumasinghe Monday, 16 September 2019 07:58 PM

එයාලා කියයි අපි දන්නේ නැහැ කියලා. පවුලම හොරා කාල දැන් ඒ සල්ලි වලින් උන්ගේ පුත්තු ජයටම මගුල් ගන්නවා. අනික එයාලට රස්සාවල් ඕනේ නැහැ ජීවත් වෙන්න. අනේ පව් අපි නේද? ආයේම රැවටෙනවා ..ආයේම රැවටෙනවා ...

:       0       0

Migida Monday, 16 September 2019 08:11 PM

සිරිපාල ගිය තැනක බුදි... කෝටි ගණන් ගහපු ගැහිල්ල ඇසුණාද?

:       0       0

nera Tuesday, 17 September 2019 03:06 AM

උපදේශකලගෙන් අහන්න ඇති මේක සවුත්තු කරන්න කියන්න කතාවක් . ඕක සිංහලෙන් කිව්වට චීන තානාපති ඕක පරිවර්තනය කරලා කියවනවා . චිනේ තියෙන්නේ රාජ්‍ය සමාගම්. ඔවුන් කරන්නේ ආණ්ඩුවේ තීරණය විතරයි.ඔය වගේ බොරු නිසා තමයි නුවර හයිවේ එකට චීන සල්ලි දුන්නේ නැත්තේ. දැන් කොට උඩ ගිහිල්ල තියෙන්නේ .

:       1       103

amali Tuesday, 17 September 2019 03:31 AM

බැංකු වලට ණය වෙලා ගෙවල් හදාගෙන බැංකු වලට පොලී ගෙවා ගෙවා ඉන්න අය නෙලුම් කුලුන ණය අරගෙන හැදුවා කියල බනිනවා. හැබැයි ණය අරගෙන හැදුවා වුනත් යම්කිසි සුළු හෝ ආදායමක් එනවලු .

:       3       3

athuraTuesday, 17 September 2019 04:50 AM

රටට සංචාරකයන් නාවොත් අදායම ලැබිලා ණය ගෙවන හැටි පහදන්න.

:       45       3

Uditha - London Tuesday, 17 September 2019 04:28 AM

මට ඩුබායි වල බර්ජ් කලීපා ගොඩනැගිල්ලේ සහ ප්‍රංශයේ අයිපල් කුළුණත් නිව්යෝක් වල ලිබර්ටි ප්‍රතිමාවේත් උඩට ගිහින් බලන්න අවස්ථාව ලැබුනා. නමුත් කොළඹ නෙලුම් කුලුනේ ෙඋඩට යන්න කීයක් විතර යනවද දන්නේ නැහැ ලංකාවේ මුදලින්. ඇත්තටම ලාංකිකයෙක් විදිහට මම නම් සන්තෝෂ වෙනවා මෙහෙම දෙයක් මගේ රටේ තියන එක ගැන. ලංකාවේ බහුතරයක් මිනිස්සු හැමතිස්සෙම හුරුවෙලා ඉන්නේ ඕනෑම දෙයක ඇදක් පලුද්දක් හොයන්න. කවදාවත් දෙයක් බලල එය අගය කරන්නේ සහ එහි වටිනාකම දකින්නේ අතලොස්සක්. මම දකින විදිහට ලංකාවේ දියුණුවක් නැත්තේ බහුතරයක් මිනිස්සුන්ගේ තියන මේ ආකල්පය නිසා. අපි ලෝකෙත් එක්ක ඉදිරියට යන්න නම් මෙවැනි දේවල් විය යුතව තිබෙනවා. මම හරි ආඩම්බර වෙනවා මගේ රටේ මෙහෙම දෙයක් තියන එක ගැන.මිනිස්සු හැටියට අපි කරන්නේ රජයට බනින එකම විතරනේ. ඔව් ඇත්ත මේගොල්ලෝ ගැන කියන්න ගියොත් කතා කරලා වැඩක් නැහැ. නමුත් හොද දෙයක් කලොත් අපි මිනිස්සු විදිහට එක අගය කරන එකත් කරමු !

:       2       223

Nimal Tuesday, 17 September 2019 04:30 AM

මේකේ සිරි නරඹන ඔය මැති ඇමති වරුන්ට මහත්තුරුන්ට සිහිපත් උනාද දුප්පත්කම නිසා උතුරේ සිට ඔය කුලුන හදනකොට අත් උදව් කාරයෙක් හැටියට වැඩ කරන්න ඇවිත් බිමට වැටිලා ජීවිතය පුජා කල අහිංසක දමිළ වැසියාව. කාටද ඔහුව සිහිපත් වුනේ අද?

:       108       145

sandy123Tuesday, 17 September 2019 08:15 AM

නිමල් මහතාට බොහොම ස්තුතියි එය මෙහි පළ කලාට. ඇත්තටම මම කණගාටු වෙනවා මම එම පුවත නොදැන සිටීම ගැන. නමුත් ඇත්තටම මේ කෙලෙහි ගුණ නැති මිනිසුන්ට ඕවා කොහෙද මතක් වෙන්නේ? තමන්ට සහ තම වරිගයට අවශ්‍ය දේවල් ගැන පමණක් හිතන මේ අයට කොහෙද ඒවාට වෙලාවක්? අඩුම ගානේ ඒ පවුලේ කෙනෙක්ට මේ අවස්ථාවට සහභාගී වෙන්න දීලා තමන්ගේ කෘත ගුණ සලකන්න තිබුනා. කොහොම වුනත් මේ වෙලාවේ මම මියගිය සොහොයුරාගේ පවුලට මගේ ශෝකය පළ කරන්න කැමතියි.

:       0       0

sandy123Tuesday, 17 September 2019 03:50 PM

නිමල් මහතාට බොහොම ස්තුතියි එය මෙහි පලකළාට... ඇත්තටම මම කණගාටු වෙනවා මම එම පුවත නොදැන සිටීම ගැන... නමුත් ඇත්තටම මේ කෙලෙහි ගුණ නැති මිනිසුන්ට ඕවා කොහෙද මතක් වෙන්නේ...? තමන්ට සහ තම වරිගයට අවශ්‍ය දේවල් ගැන පමණක් හිතන මේ නරුමයින්ට කොහෙද ඒවාට වෙලාවක්... අඩුම ගානේ ඒ පවුලේ කෙනෙක්ට මේ අවස්ථාවට සහභාගි වෙන්න දීලා තමන්ගේ කෘතගුණ සලකන්න තිබුණා. කොහොම වුණත් මේ වෙලාවේ මම මියගිය සොහොයුරාගේ පවුලට මගේ ශෝකය පල කරන්න කැමතියි...

:       0       0

Gamarala Tuesday, 17 September 2019 03:35 PM

ඕක ආරම්භ කරපු අයටත් කිව්වා නම් කාටද ආඩම්බර?

:       0       0

Sena Wednesday, 18 September 2019 12:13 AM

නෙළුම් කුළුණේ උස දන්නවා, බර දන්නවාද? එය ශ්‍රී ලංකාවේ ණය බර පිළිබඳ සංකේතයයි.

:       0       2

PA - RA Wednesday, 18 September 2019 12:31 AM

රටේ දියුණුව මහජනතාවගේ බුද්ධිමත් කම, එයට අකුල් හෙලනවා නම් එයා කව්ද කියලා ඔබලාම හිතාගන්න. අපි ඡන්දෙ දෙන්නේ උඹත් හැදියන්, රටත් හදපන් කියලා... ඉස්සර ඡන්දෙ දුන්නේ අපිවත් රටත් හදපන් කියලා.., ඔය නෙලුම් පොහොට්ටු කුළුණ පිපෙන්නේ 2020 අප්‍රේල් මාසේ අන්තිම...

:       1       0

sunil Wednesday, 18 September 2019 10:34 AM

දැන් ඉතින් අපිට තුන් වේල කාලා ඉන්න පුළුවන් වෙයි.

:       0       2

Perera Wednesday, 18 September 2019 07:15 PM

ලංකාවේ දූෂණය අහස උසට බව ඔය කුළුණෙන් මනාවට සංකේතවත් වෙනවා.

:       0       0

Chanak los angeles Thursday, 19 September 2019 05:05 AM

සාටකයන් මස්ටික කාලා කටු ටික ජනතාවට විසිකරලා. ඔව්, මේක දැන් ජනතාවට පවරලා.. සාටකයන් කියන්නේ මේක දැන් අයිති ජනතාවටයි.. මේවාට අපි අරගෙන තිබෙන චීන ණය හා ඒවායෙන් ගසාකාලා තිබෙන මුළු සේසතම දැන් සිටින හා මතු උපදින්න ඉන්න ජනතාව විසින් ගෙවපන්... ඒවාට අපේ වගකීමක් නැහැ කියන දෙයයි. දේශපාලකයින්ට හොරා කන්නයි ජනතාව ඒ හොරාකන ණය ගෙවන්නයි... හරි හොඳයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

උතුරු පළාත් අ‍ාණ්ඩුකාරවරිය ඉල්ලා අස්වෙයි
2024 සැප්තැම්බර් මස 23 377 1

උතුරු පළාත් අ‍ාණ්ඩුකාර පි. එස්. එම් චාර්ල්ස් මහත්මිය සිය ධූරයෙන් අද (23) ඉල්ලා අස්විය.


පොදු සන්ධානයක් හදන්න එජාපය සජබෙට ආරාධනා කරන්න යයි
2024 සැප්තැම්බර් මස 23 2715 4

ඉදිරි දේශපාලන කටයුතු වෙනුවෙන් විපක්ෂයේ පොදු සන්ධානයක් පිහිටුවීම සඳහා සමගි ජන බලවේගය සමඟ සාකච්ඡා අරඹන්නැයි එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනි


සජසයෙන් සැලුන් දොරක්
2024 සැප්තැම්බර් මස 23 2017 3

සමගි ජන සන්ධානයේ ප්‍රතිපත්ති පිළිගත හැකි සියලු දෙනාට ඉදිරි මැතිවරණ වෙනුවෙන් දොරටු විවෘත කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්


කුඩාවැල්ලෙන් මුහුදු ගිය ධීවරයින් 3ක් අතුරුදන්
2024 සැප්තැම්බර් මස 23 212 0

කුඩාවැල්ල ධීවර වරායෙන් තනි දවසේ ධීවර රැකියාව කිරීමට ධීවරයින් තිදෙනකු සමග ඉකුත් 21 දා දහවල් 1.30 ට පමණ මුහුදු ගිය ධීවර යාත්‍රාවක් මේ දක්වා ගොඩබිමට නොපැමිණ


කොටස් වෙළෙඳපොලේ පිබිදීමක්
2024 සැප්තැම්බර් මස 23 1218 0

කොළඹ කොටස් වෙළෙඳපොළ සී.එස්.ඊ. මිල දර්ශකවල කැපී පෙනෙන ඉහළ යෑමක් අද (23) දිනයේ වාර්තා විය.


වජිරා චිත්‍රසේන දිවි ගමන නිම කරයි
2024 සැප්තැම්බර් මස 23 1326 0

සම්ප්‍රදායික දේශීය නර්තන කලාව ජාත්‍යන්තරයට ගෙනගිය ජාත්‍යන්තර සම්මානලාභී ප්‍රවීණ නර්තන ශිල්පීනි ආචාර්ය වජිරා චිත්‍රසේන මහත්මිය අද ⁣දහවල් (23) අභාවප්


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 26962 18

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 23514 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 126 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 398 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 187 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site