(ගයාන් සූරියආරච්චි)
මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු බව කියන ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැඟවී සිටින සැකකාරිය සොයා පොලිසියේ 100 ට අධික නිලධාරීන් පිරිසක් මතුගම, අගලවත්ත, හොරවල, යටදොළ, නෑබඩ, වෑත්තෑව ඇතුළු ප්‍රදේශ කීපයක සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කර ඇත.
ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය, පොලිස් විශේෂ කාර්ය බළකාය, බුද්ධි නිලධාරීන්, පොලිස් මහජන ආරක්ෂණ කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කරති.
පොලිසිය මෙතෙක් සිදුකළ විමර්ශනවලදී සැකකාරිය මතුගම ප්‍රදේශයට අවසන්වරට පැමිණ තිබූ බවට බුද්ධි තොරතුරු අනුව අනාවණය වී තිබුණි.
එමෙන්ම එම සැකකාරියගේ නවතම ඡායාරූප කීපයක් ද පොලිස් විමර්ශනවලින් අනාවරණය කරගෙන තිබූ අතර එම ඡායාරූප ද මාධ්‍ය වෙත යොමුකර ඇත.
කෙසේ වෙතත් සැකකාරිය පිළිබදව නිවැරැදි තොරතුරක් ලබාදෙන අයකුට පොලිස් ත්‍යාග අරමුදලෙන් වටිනා මුදල් ත්‍යාගයක් ලබා දෙන බවද ඉකුත් දා වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා මාධ්‍ය හමුවකදී කියා සිටියේය.
තොරතුරු ලබාදෙන පුද්ගලයන්ගේ රහස්‍ය භාවය ආරක්ෂා කරන බවද පොලිසිය පවසයි.
ඇය පිළිබදව තොරතුරක් ඇත්නම් කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ 0718591727 සහ ස්ථානාධිපති 0718591735 යන දුරකතන අංකවලට අමතන ලෙස පොලිසිය ඉල්ලා සිටියි.
ගනේමුල්ල සංජීව නැමැත්තා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේවන විට සැකකරුවන් 8 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර පොලිස් කොස්තාපල්වරු දෙදෙනෙක්ද ඒ අතර වෙති.
එම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරයි.
විදේශයන් හි සිට මෙරට පාතාල ක්‍රියාකාරකම් මෙහෙයවන පිරිස් අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික මට්ටමේ කටයුතු ආරම්භ කර ඇතැයි වැඩබලන ප
වී මිලදී ගැනීම සදහා වී මෝල් හිමියන් ලබා ගත් ණය වලින් වෙනත් කටයුතු සිදු කරන්නේ දැයි සොයා බලන්නැයි ආහාර ප්‍රතිපත්ති හා සුරක්ෂිතතා කමිටුව නිලධාරීන්ට උපද
වියළි කාලගුණ තත්වයත් සමඟ කැලෑ ගිනි ඇතිවීමට ඇති ප්‍රවණතාව පිළිබඳව අවදානය යොමු කර අද (24) සිට මාර්තු මස 2 වැනිදා දක්වා ‘ගිනි පාලන සතියක්’ ප්‍රකාශයට පත්කරන බ
ජනාධිපති උපදේශක (මාධ්‍ය) ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී චන්දන සූරියබණ්ඩාර මහතා පත් කර තිබේ.
වරායෙන් නිදහස්කර නොගත් සත්ව ආහාර ලෙස විකිණිමට තිබූ රුපියල් කෝටි 5කට ආසන්න වටිනාකමින් යුත් ඉස්සන් අඩංගු කන්ටේනර් දෙකක් විනාශ කිරීමට රැගෙනයන මුවාවෙන්
රටපුරා පවතින උණුසුම් කාලගුණ තත්ත්වයත් සමග පවුල් 2278 කට අයත් 7194 ක් පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පවසයි.
නව කිලෝ ග්රෑම් 12 ධා රිතා වය සහිත විශා ල සේදුම් ප්‍රමා ණයන් සඳහා සුදුසු වන, පාරිභෝගිකයන්ට දිනපතා ම රෙදි සේදුම් කා ර්යය පහසුකරමින්, කා ලය ඉතිරි කිරීමට ස
ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.
මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM
නීතීඥ වෙස්ගත් කත සොයා පොලිසිය මතුගම පීරයි
අයියෝ සාමි Monday, 24 February 2025 05:04 PM
හැමෝගෙම ෆයිල් තියෙනවා. මේක විතරක් මිසින්. පැලවත්තේ හාදයෙක් කිව්වේ..!
සංක්‍රාන්ති භූමි Monday, 24 February 2025 05:26 PM
මෙයාගේ පෙනුම, හසානා සේගු ඉසදීන් වගේ !
සෙනෙවිරත්න Monday, 24 February 2025 06:50 PM
අයියෝ සාමිලා කතිරේ ගහපු සෙට් එක තමයි, මේ පාතාලේ ගෝඩ් ෆාදර්ල නඩත්තු කළේ. ඔවුන් දැන් බබ්බු වෙලා පාතාලය මාස හතරකින් හැදිච්චි දෙයක් වගේ නන් දොඩවනවා. කමක් නැහැ මීළඟ පරාජය ලැබුවාම විපක්ෂයේ අයට තේරෙයි ජනතාව කොතරම් විපක්ෂය එපා කියන හැටි...!