IMG-LOGO

2024 ඔක්තෝබර් මස 05 වන සෙනසුරාදා


පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

(රෝෂන් තුෂාර)

සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලඥයින් හා දේශපාලන ක්‍රියාකාරීන් පහළොස් දහසකට  අධික පිරිසක් සහභාගි වෙනවා යැයි කියන උද්ඝෝෂණයට හා පාගමන වලක්වමින් වාරණ ආඥාවක් නිකුත් කරන්නැයි කුරුඳු වත්ත පොලිසිය කළ ඉල්ලීම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ප්‍රසන්න අල්විස් මහතා අද ප්‍රතික්ෂේප කළේය.

විවේචනය කිරීම අදහස් දැක්වීම නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක් බවට පූර්ව අධිකරණ නියෝග මගින් ද සනාථ කර ඇති බවට පෙන්වා දුන් මහේස්ත්‍රාත්වරයා එසේ වාරණ ආඥාවක් නිකුත් කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වන වගන්තියෙන් ලබා දී ඇති මානව අයිතීන් කප්පාදු කිරීමක් බවට සඳහන් කළේය.

කුරුදු වත්ත පොලිසියේ පොලිස් ස්ථානාධිපතිවරයා අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106 වගන්තිය යටතේ මහජන පීඩාවන් වැළැක්වීමට මෙම ආඥාව ඉල්ලා සිටියද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 වගන්තියෙන් ලබා දී ඇති අයිතීන් අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති මගින් සීමා කළ නොහැකි බව පෙන්වා දුන්නේය.

මෙරට උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව ද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.

මහේස්ත්‍රාත්වරයා මෙසේද පැවසීය.

පා ගමන හා උද්ඝෝෂණය වළක්වන නියෝගයක් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106වගන්තිය යටතේ නිකුත් කරන ලෙස පොලිස් ස්ථානාධිපතිවරයා මෙම පැමිණිල්ල මගින් ඉල්ලා තිබෙනවා.එසේ නියෝගයක් නිකුත් කළ යුතු වන්නේ හදිසි සහ අත්‍යවශ්‍ය අවස්ථාවක බව අපරාධ නඩු විධාන සංග්‍රහයේ වගන්ති වල සඳහන්.මහජන පීඩාවක් හෝ අන්‍ය ක්‍රියාවක්  කරන්නේ යැයි අනුමාන කරමින් කරන ඉල්ලීම් සඳහා නියෝග නිකුත් කිරීම සම්බන්ධයෙන් අධිකරණය සුපරික්ෂාකාරී විය යුතුයි.

මෙවන් නියෝගයක් නිකුත් කිරීමට තරම් හදිසි සහ අත්‍යවශ්‍ය කරුණක් තිබෙන බවට කරුණු ඉදිරිපත් වී නැහැ.එක් එක් අයගේ හිතළු මත නියෝග නිකුත් කිරීම නොකර සුපරික්ෂාකාරීව අධිකරණය කටයුතු කළ යුතුයි.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දාහතරවන වගන්තිය අනුව සාමකාමීව රැස්වීම භාෂණයේ නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය තහවුරු කර තිබෙනවා.එම නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පහළොස්වන ව්‍යවස්ථාව මඟින් සීමා වන අවස්ථා තිබෙනවා.

එවන් සීමා වීමක් ගැන මේ අවස්ථාවේදී අධිකරණයට ප්‍රමාණවත් කරුණු ඉදිරිපත් වී නෑ."රැස්වීම " ට මිනිසුන්ට අනන්‍ය වූ අයිතියක් තියෙනවා.එම අයිතීන් උල්ලංඝනය කරමින් නියෝග නිකුත් කිරීමට මහේස්ත්‍රාත් අධිකරණයකට බැහැ.ඒ අනුව මෙම අවස්ථාවේදී අත්‍යවශ්‍ය කරුණක් හදිසි අවස්ථාවක් සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් වී නොමැති බැවින් ඉල්ලීම ප්‍රතික්ෂේප කරනවා.

කුරුඳුවත්ත පොලිසිය මගින් ඉදිරිපත් කළ මෙම පැමිණිල්ලේ වගඋත්තරකරුවන් ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු දේශපාලන ක්‍රියාකාරිකයින් දාසය දෙනෙකු නම් කර තිබිණි.



අදහස් (1)

පා ගමනට එරෙහිව ඉල්ලූ වාරණය අධිකරණයෙන් ප්‍රතික්ෂේප කරයි

saki Tuesday, 30 January 2024 09:28 PM

සජිත් අපි එස්.අයිට විරුද්ධව නඩුවක් දාමු...!

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

කාල්ටන් වත්තේ විදුලි රැහැන් ගලවයි
2024 ඔක්තෝබර් මස 05 4081 0

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් භාවිතා කරනු ලබන වීරකැටිය කාල්ටන් වත්තට විදුලිය සපයා තිබූ තෙකලා විදුලි රැහැන් කිහිපයක් අද දහවල් විදුලි බල ම


මහ මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් 122ක් ඇප තියයි
2024 ඔක්තෝබර් මස 05 384 0

එළඹෙන මහ මැතිවරණය සඳහා තරඟ කිරීමට ස්වාධීන කණ්ඩායම් 122 ඊයේ (4) වනවිට ඇප මුදල් තැන්පත් කර ඇතැයි මැතිවරණ කොමිෂන් සභාවේ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක ම


පිටකොටුවේ ඝාතනයක්
2024 ඔක්තෝබර් මස 05 1555 0

පිටකොටුව රික්ලමේෂන් පාර ප්‍රදේශයේ දී දෙදෙනෙකු අතර අද (05) උදෑසන ඇති වූ ගැටුමකින් තියුණු ආයුධ ප්‍රහාරයකට ලක් වූ 47 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොලිස


රට විරු වාහන බලපතෙන් කෝටි ගාණක ගැහිල්ලක්
2024 ඔක්තෝබර් මස 05 3019 0

විදේශයන්හි රැකියා කරන රට විරුවන්ට විද්‍යුත් වාහන බලපත්‍ර ගෙන්වීමට අවසර දීමේදී සිදුවී ඇතැයි කියන රුපියල් කෝටි ගණනක දූෂණ වංචා සහ ආක්‍රමිකතා රැසක් පිළ


තැන් කීපයකට අදත් පොඩි වැස්සක්
2024 ඔක්තෝබර් මස 05 127 0

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


ආරක්ෂක ප්‍රධානීහු ජනපති හමු වෙති
2024 ඔක්තෝබර් මස 05 2997 0

නව ජනාධිපතිවරයා ලෙස පත්වීමෙන් පසුව සාම්ප්‍රදායානුකුලව ආරක්ෂක ප්‍රධානීහු සේනාධිනායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති කාර්යාලයේ දී හමු වූ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39009 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25547 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 313 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1059 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 375 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site