(කේ. බුද්ධික කුමාරසිරි)
ජනාධිපතිවරණය වෙනුවෙන් පවත්වාගෙන යන තාවකාලික කාර්යාලවල අදාළ පක්ෂයේ ජනපති අපේක්ෂකයාගේ ඡායාරූපය හැර වෙනත් කිසිවකුගේ ඡායාරූපයක් ප්‍රදර්ශනය කළ නොහැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පවසයි.
අදාළ කාර්යාලවල ප්‍රදර්ශනය කළ හැක්කේ අදාළ පක්ෂයේ හෝ ස්වාධීන කණ්ඩායමේ ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපය ඡන්ද සලකුණ පමණක් බවද හෙතෙම පවසයි.
එලෙස ඉදිකර තිබෙන තාවකාලික කාර්යාලවල ජනාධිපති අපේක්ෂකයාගේ ඡායාරූපයට අමතරව ආසන සංවිධායකවරුන් ඇතුළු වෙනත් අයගේ ඡායාරූප ප්‍රදර්ශනය කරන බවට මේ වන විට පැමිණිලි ලැබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය කටයුතු සිදුකරන ලෙස පොලිසිය දැනුවත් කර ඇති බවත් ඒ මහතා පවසයි.
මැතිවරණ කොට්ඨාස 160 ක් තුළ ඡන්ද කොට්ඨාස 13134 ක සහ මැතිවරණ කොට්ඨාසයකට එක් කාර්යාලයක් දිස්ත්‍රික් එක් කාර්යාලයක් වශයෙන් ජනාධිපති ධූර අපේක්ෂකයන් 39 දෙනා සදහා කාර්යාල විවෘත කිරීමට අවසර ලබා දී තිබෙන බවත් ඒ මහතා වැඩ් දුරටත් පැවසීය.
ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන
“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක
ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා
2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.
දිස්ත්‍රික්ක 19යක දෙවන මානපය ප්‍රතිඵලයට අනුව සමගි ජනබලවේගයේ ජනපති අපෙක්ෂක සජිත් ප්‍රේමදාස මහතා මනාප 55348ක් ඉදිරියෙන් සිටියි.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා නව ජනපතිට ඉඩ දෙමින් ජනාධිපති කාර්යාලයෙන් අද (22) බඩු බාහිරාදිය ඉවත් කරගෙන තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පක්ෂ කාර්යාලවලට මැකොගෙන් උපදෙසක්
අරවින්ද මොනරවිල Tuesday, 27 August 2024 06:06 PM
සියලුම ගෑස් අලවි කිරීමේ අලවි සැල්වල රනිල්ගේ සලකුණ ප්‍රදර්ශනය කරනවා. ඒවා ජනාධිපතිවරණය ඉවරවෙන තුරු ඉවත් කරන්න හෝ වසා තබන්න මැතිවරණ කොමිසම කටයුතු කරනවද?
kit Tuesday, 27 August 2024 09:33 PM
ඔබ හොඳ වැඩක් කරන්නේ...!