IMG-LOGO

2024 නොවැම්බර් මස 21 වන බ්‍රහස්පතින්දා


පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි සජිත් ඉල්ලයි

(නිමල කොඩිතුවක්කු)

21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරියට ගෙනයාමට කටයුතු කිරිම සදහා වහාම පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කතානායකවරයාගෙන් ලිඛිත ඉල්ලීමක් කර තිබේ.

මෙම රැස්වීමට නීතිපතිතුමා ඇතුළු එම දෙපාර්තමේන්තුවේ අත්‍යාවශ්‍ය නිලධාරීන් මෙන්ම නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුවේ නිලධාරින් ද කැඳවීමට පියවර ගන්නා මෙන් කථානායකවරයා වෙත අද (25) දිනයේ ලිපියක් යොමුකරමින් ඔහු මේ බව සඳහන් කරයි.

වර්තමානයේ රටේ  උද්ගතව ඇති අභියෝගකාරි තත්වයට ව්‍යවස්ථාදායකයේ ඍජු මැදිහත්වීම වහාම සිදුකල යුත්තක් බැවින් රටේ  ජනතාව ඉල්ලා සිටින ප්‍රධාන ප්‍රතිසංස්කරණ සදහා විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිම වැදගත් වුවක් බවත් එම ලිපියෙන් සඳහන් කරයි.

එමෙන්ම රට තුළ යහපත් පාලනයක් සහ විනිවිද පෙනෙන ක්‍රමවේද සදහා ද ව්‍යවස්ථා සංශෝධනයක් අත්‍යාවශ්‍ය වන බවත් එහි සඳහන් වේ.

මහනායක මාහිමිපාණන් වහන්සේලා, ශ්‍රී ලංකා නීතිඥ  සංගමය, විද්වත් වෘත්තිකයින් නව පරපුරේ තරුණ තරුණියන්, ඇතුළු මුලු මහත් රටම ඉල්ලා සිටින්නේ වහාම රටට පිළිගත හැකි විසදුමක් සදහා පාර්ලිමේන්තුව ක්‍රියාකල යුතු බැවින්  මේ මොහොතේ කථානායකවරයා  ගන්නා තීරණ රටේ  අනාගතය තීරණය වනු ඇති බවත් විපක්ෂනායකවරයා සඳහන් කරයි.

මෙය තව දුරටත් ප්‍රමාද කරලිමට හෝ සාකච්ඡා කරමින් සිටිමට කාලයක් නොවන බවත් මෙම ඉල්ලීමට කඩිනම් පිළිතුරක් අපේක්ෂා කරන බවත් විපක්ෂනායකවරයා සිය ලිපිය මගින් වැඩිදුරටත් ඉල්ලීමක් කරනු ලබයි.



අදහස් (5)

පක්ෂ නායක රැස්වීමක් කැදවන්නැයි සජිත් ඉල්ලයි

Surain Monday, 25 April 2022 02:09 PM

මොනවා, අර නීතිපතිගෙන් අදහස් ගත්තොත් ඔයාලා විතරක් නෙමෙයි, රට වැසියාටත් අංගොඩ පිහිට තමයි...! 

:       1       14

සලීම් Monday, 25 April 2022 02:43 PM

විපක්ෂ නායකතුමාගේ යෝජනාව ඉතාම හොඳයි. කිරිපිටි නැහැ. තෙල් නැහැ. ගෑස් නැහැ. සිමෙන්ති නැහැ. කරන්ට් කපනවා. අද මුළු රටම අකර්මණ්‍ය වෙලයි තියෙන්නේ. රටම මහා සාගතයකට ගෙනගිය රටේ මුදල් කළමනාකාරිත්වය කිසිම දෙයක් නොදන්නා අසාර්ථක රජය දැන්ම ඉල්ලා අස්වෙලා.. තවත් පව් නොදී ගෙදර යන්න. රටේම ජන ජීවිතය සම්පූර්ණයෙන්ම විනාශයි.

:       8       16

nimalka Monday, 25 April 2022 03:24 PM

සැබෑ ප්‍රශ්න ගැන, විසඳුම් ගැන, ප්‍රතිපත්ති ගැන වචනයක් නොකියන අරුම පුදුම විපක්ෂ නායක. තවත් විශාල අනතුරක්...!

:       8       14

fairoos Monday, 25 April 2022 04:19 PM

අලුත් ආණ්ඩුවකට අත දෙන හැම රටක්ම සූදානම්. රාජපක්ෂ හොරු ටික ගෙදර යවලා...

:       2       2

sujeewa Monday, 25 April 2022 04:47 PM

බලය ලබා ගන්නා ක්‍රමය ගැන පමණක් නොව, පළමුව මුදල් නාස්තිකරන හා මඩ ගැසීමට රැකවරණය සපයන පාර්ලිමේන්තු මන්ත්‍රී වරප්‍රසාද සම්පූර්ණයෙන්ම අහෝසි කරන්න. දෙවනුව කිසිම ආකාරයක ඉඩකඩම් ඇතුළු දේපල විදේශිකයින්ට හා විදේශිකයින්ට කොටස් හිමි ආයතන වලට විකිණීම හා පවතින ආණ්ඩුවක ධුර කාලයට වඩා වැඩි කාලයකට බදුදීම වළක්වන නීති ගේන්න... තුන්වනුව මහජන අරමුදලින් වැටුප් ලබන කිසිඳු සේවකයෙකුට වැඩ වර්ජන හා උද්ඝෝෂණ වල යෙදීම තහනම් කරන්න. හතරවනුව ඕනෑම වර්ගයක කලාකරුවන්, නීතීඥයින්, වෛද්‍යවරුන් ඇතුළු සියළුම පුද්ගලයින්ගේ හා සියළුම ආකාරයේ සංවිධාන හා පක්ෂවලද ආදායම විගණනය කිරීමට හා නියමිත බදු අයකර ගැනීමට දැඩි නීති සකසන්න. පස්වනුව පිනට රජයේ රැකියා දීම නවත්වා අවශ්‍ය පුරප්පාඩු සංඛ්‍යාවට පමණක් ඉහළම සුදුසුකම් ඇති අය විභාග වලින් පමණක් බඳවා ගන්න...!

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන්න
2024 නොවැම්බර් මස 20 416 0

රජයේ බංගලා වලින් වහාම ඉවත් වන ලෙස අධිකරණ රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන සහ කම්කරු අමාත්‍යාංශය සම්පන්දන් මහතාගේ දියණියට සහ හිටපු අම


වගා හානි සතුන් එලවන්න ලාල් කෙවිට අතට ගනී
2024 නොවැම්බර් මස 20 494 0

වගා හානි කරන සතුන්ගේ ගහනය පාලනය කිරීමට සහ බෝග හානි වැලැක්වීම සඳහා ක්‍රියාත්මක වීමට කෘෂිකර්ම අමාත්‍යාංශය විශේෂ ඒකකයක් පිහිටුවා තිබේ.


බිමල්ගේ අමාත්‍යාංශයට නියෝජ්‍ය ඇමතිලා දෙන්නෙක්
2024 නොවැම්බර් මස 20 564 0

ප්‍රවාහන, මහා මාර්ග, වරාය හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයට නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු පත් කෙරෙනු ඇතැයි එම අමාත්‍යාංශයෙහි වැඩ බාර ගනිමින් අමාත්‍


දසවැනි පාර්ලිමේන්තුව හෙට
2024 නොවැම්බර් මස 20 88 0

දස වැනි නව පාර්ලිමේන්තුවේ සමාරම්භක රැස්වීම හෙට (21) පෙරවරු 10.00ට ආරම්භ වේ.


මහ පාරට වැටීම ගැන සතුටුයි
2024 නොවැම්බර් මස 20 379 0

මහ පාරට වැටීම ගැන සතුටු වන බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා අද(20)වන දා පැවසීය.


ඇමතිකම් අදාල නෑ- වැඩේ ගොඩ දානවා
2024 නොවැම්බර් මස 20 1382 0

ඇමතිකම් අදාල නෑ, වැඩේ ගොඩ දානවා යැයි ජාතික ජන බලවේගයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ වැඩිම මනාප ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් කරුණාරත්න මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 435 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 678 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1928 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site