IMG-LOGO

2024 නොවැම්බර් මස 17 වන ඉරිදා


’’පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම මගේ සිලබස් එකේ නැහැ’’

(නිමල කොඩිතුවක්කු)

තමන් වෙනස් වී, බිය වී හෝ  නොමැති බවත් පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම තමන්ගේ සිලබස් එකේ නොමැති බවත් ජනාධිපති සමාව ලැබූ හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ දී අද (26) ප්‍රකාශ කළේ ය.

කොන්දේසි සහිත සමාවක් හිමිවූ තමන්ට පරණ පුරුදු  විදිහට මාධ්‍ය හමුවේ අදහස් දැක්වීමට නොහැකි වීම පිළිබඳ කනගාටු වන බවත් රාමනායක මහතා සඳහන් කළේය.

නිදහසේ කථා කළ තමන්ට ඒ නිදහස අහිමි වුවත් හැකි උපරිමයෙන් වංචාවට දූෂණයට එරෙහිව තමන් ගෙන ගිය හඬ ගෙන යන බවත් කොළඹ මාක්ස් ප්‍රනාන්දු  මාවතේ විපක්ෂ නායක කාර්යාලයේදී  මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු මේ බව පැවසීය.

ඉදිරි කාලය තුළ කලා කටයුතු වෙනුවෙන් වැඩි නැඹුරුවක් සිදුකරන බවත් රාමනායක මහතා එහිදී සඳහන් කළේය.

තමන්ට ලබාදුන් නිදහස සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ, අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු සියලු දෙනාටම ස්තුතිය පුද කරන බවත් ඔහු එහිදී පැවසීය.

එමෙන්ම කොරෝනා වසංගතය වැළඳී බන්ධනාගාර ගතව ඉතා අසීරු සමයේ දී සිට  තමන් වෙනුවෙන් කැපවී  ක්‍රියා කළ දේශපාලඥයන් කලාකරුවන් ඇතුළු සියලු දෙනාට ස්තූතිය පළකරන බවත් රාමනායක මහතා පැවසීය.

තමන්ට ජනතාවගෙන් විශාල ආදරයක් හිමිව ඇති බවත් කිසිදු අවස්ථාවක වරදාන වරප්‍රසාද වෙනුවෙන් ජනතාව ලබාදුන්  එම ආදරය අහිමි කර ගන්නේ නැතැයිද රාමනායක මහතා තවදුරටත් කීවේය.



අදහස් (10)

’’පක්ෂ මාරු කිරීම හෝ කඩේ යාම මගේ සිලබස් එකේ නැහැ’’

Bamunuarachchi Friday, 26 August 2022 06:07 PM

යහපාලන ආණ්ඩුව කාලේ එජාපෙ, දැන් සජබේ එක පක්ෂ මාරුකිරීමක් නොවෙයිද? ඔහේ ගැන පැහැදීමක් අපේ නැති නිසා පක්ෂ මාරුකළත් එකයි, කඩේ ගෙදර තියාගත්තත් එකයි. ඔහේගේ කතා අපිට අදාළ නැහැ. මට ඔහේ 3 වෙනි පන්තියේ නළුවෙක් පමණයි.

:       0       48

Bamunuarachchi Friday, 26 August 2022 06:09 PM

ජවිපය බලයට පැමිණ මෙයාව නැවත ඇතුළට දමනවා නම් මම ජවිපයට සපෝර්ට්...

:       4       5

රන්ජ Friday, 26 August 2022 06:39 PM

ඔය ඔක්කෝම යාලුවෝ මල්ලී, මමත් ඔවුන්ගෙන් කෙනෙක් මල්ලී, ඔයාලා ඔක්කොම හරක් මල්ලී...

:       0       25

Kule Friday, 26 August 2022 11:12 PM

ඔහෙලා ඔක්කොම යාළුවො මල්ලි... අපි නොදන්න සමාව...

:       1       19

Denver Saturday, 27 August 2022 08:25 AM

හැබැයි ඒ කාලෙ නම් රනිල් මාමට කඩේ ගියා අර මහ බැංකු සීන් එකේදි එහෙම. සජිත් වෙනම පක්ෂෂයක්හදන්න ගත්තම තමයි "එයාල ඔක්කොම යාලුවො මල්ලි" කියලා සජිත්ගෙ පැත්තට පැන්නෙ. අපි නොදන්න මොනරතැන්න.

:       0       18

Kithsiri Saturday, 27 August 2022 08:29 AM

මෙයාගෙ සිලබස් එකේ තියෙන්නේ විනිසුරුවන්ට කතා කරලා තීන්දු වෙනස් කරලා, මාධ්‍ය සාකච්ඡා තියලා අන්තිමට ජාතික වීරයත් වෙනවා. අපේ රටේ පුන්නක්කු කන සෙට් එක ජයවේවා කියනවා. ලංකාවේ ඡන්ද දායකයො බයි, ටොයි ජේවීපී කියලා කිසිම වෙනසක් නෑ...

:       0       15

ගමේ එකාලාSaturday, 27 August 2022 12:27 PM

රටම හොරාකාලා, විනාශ කරපු දූෂිත දේශපාලුවන් නිදහසේ, දූෂිත දේශපාලුවන් ගැන වගක්වත් නැහැ. මොලේ උඩ ඉන්න වහල්ලු තවමත් අපේ රටේ ඉන්නවා...!

:       17       0

BamunuarachchiMonday, 29 August 2022 07:26 AM

මොන උසාවියෙන්ද කවුරුවත් හොරකම් කළා කියලා තීන්දු කලේ. ගමේ රස්තියාදු වෙනකොට ඇහෙන ඕපාදුප මෙතන ලියන්න එපා . අල්පොන්සෝ අධිකරණයට බලපෑම කළා කියන එක කොමිෂන් එකේදීත්, අල්පොන්සෝගේ හඬපට වලත් කියා උනා. ඒවා බොරු නොවෙයි.

:       0       0

Asela Saturday, 27 August 2022 10:52 AM

තවද, විශේෂයෙන්ම රන්ජන් නිදහස් වීමට හේතුවූ පලමුවැනි කරුණ වූ අරගල කරුවන්ට ස්තූතිය පුදකල යුතුයි. සලරව කිව්වොත් අරගලය නිසා රනිල් ජනාධිපති උනා රනිල් ජනාධිපති උන නිසා රන්ජන්ට නිදහස ලැබුනා. ඒක කාටවත් බැහැර කරන්න බැරි කාරණයක්. මාධ්‍ය සාකච්ඡාවේ එක මාධ්‍යවේදියෙක් වත් හිටියේ නැත්ද ඔය කාරණය ඔලුවට ආපු.

:       12       1

Chinhaka Saturday, 27 August 2022 02:00 PM

අනුන්ට නින්දා අපහාස කරන එකත් ඔයාගේ සිලබස් එකෙන් අයින් කරගන්න..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

පානදුර පොදු වැසිකිලියේ මුදල් කොල්ලකෑ සිසුන් හයක් අත්අඩංගුවට
2024 නොවැම්බර් මස 17 486 0

පානදුර මුහුදු වෙරලේ පොදු වැසිකිලියේ සේවකයාගේ මුදල් භාජනය කොල්ලකෑ පාසල් සිසුන් හය දෙනෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .


කැබිනට් මණ්ඩලය හෙට දිවුරුම් දෙයි
2024 නොවැම්බර් මස 17 1234 0

නව රජයේ කැබිනට් මණ්ඩලය හෙට (18) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දීමට නියමිතව ඇත.


විදෙස් ගමන් බලපත් 66ක් සමඟ යුවළක් මාට්ටු
2024 නොවැම්බර් මස 17 455 0

විවිධ පුද්ගලයන්ට අයත් විදේශ ගමන් බලපත්‍ර 66 ක් සන්තකයේ තබාගෙන සිටි කාන්තාවක් සහ පිරිමි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව කහ තුඩුව පොලිසිය කියයි.


මහනුවරින් තවත් ඩිෆෙන්ඩරයක් සොයාගනී
2024 නොවැම්බර් මස 17 1037 0

නීති විරෝධී බවට සැක තවත් නවීන සුඛෝපභෝගී ඩිෆෙන්ඩර් රථයක් මහනුවර මූලස්ථාන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


අද - හෙට විශේෂ දුම්රිය කීපයක්
2024 නොවැම්බර් මස 17 136 0

මහ මැතිවරණය සහ සතිඅන්තයේ දීර්ඝ නිවාඩුව අවසන් වී රැකියා ස්ථාන වෙත පැමිණෙන හා සෙසු ජනතාවගේ ගමන් පහසුව සඳහා අද (17) හා හෙට (18 ) විශේෂ දුම්රිය කීපයක් ධාවනය කිරී


පිපිරීමකින් තරුණයෙක් මරුට
2024 නොවැම්බර් මස 17 792 0

අගුණකොලපැලැස්ස , රන්න පාරේ ඉන්ධන පිරවුම් හල අසල පිහිටි වාහන වලට තීන්ත ආලේපනය කරන ගරාජයක් තුළ තිබූ යකඩ බැරලයක් හදිසියේ පුපුරාගොස් එහි කැබැල්ලක් ගෙලෙහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 337 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 621 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1776 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site