(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
ආරක්ෂීත පක්ෂීන් ඇතුළු සතුන් කූඩු වලින් ගෙන රහසේ අලෙවි කිරීමේ ජාවාරමක නිරත වු සැකකරුවකු සැලළිහිනින් තිදෙනෙකු අලෙවි කිරීමට සුදානම් වන අවස්ථාවේදි අත් අඩංගුවට ගත් බව පුත්තලම දිස්ත්‍රික් වනජීවි සහකාර අධ්‍යක්ෂ එරන්ද ගමගෙ මහතා පවසයි.
මෙසේ අත් අඩංගුවට ගෙන ඇත්තේ පුත්තලම නගරයෙ කලපු සිමාවේ පදිංචි 25 හැවිරිදි තරුණයකු බව වනජීවි නිළධාරීහු පවසති.
මධ්‍යම කදුකරයෙ කදු ආසන්නයෙ සැරිසරන සැලළිහිනි ඇතුළු විවිධ පක්ෂීන් හා වියලි කලාපයෙ විවිධ ස්ථාන වල සැරිසන වන සතුන් වාසස්ථාන වලින් හා කුඩු වලින් රැගෙන ඉන් පසුව අධික මිලකට අලේවි කිරීමේ ජාවාරමක් මෙසේ සොයා ගත් බව වනජීවි නිළධාරීහු පවසති.
අත් අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්ණ කිරීමේදි හෙළිව ඇත්තේ මෙසේ අත් අඩංගුවට ගැනුන සැලළිහිනි පැටවුන් නුවර අකුරණ ඇතුළු ප්‍රදේශ වල මෙම පක්ෂීන් වාසය කරන කුඩු වලින් ඉවත් කරමින් එම පක්ෂීන්ගෙ ජීවන රටාව සම්පුර්ණයෙන් වෙනස් කරමින් රැගෙන විත් රටපුරා විවිධ ප්‍රදේශ වල පිරිස් වෙත අලේවි කිරිමේ නිරත ව ඇති බවයි.
අත් අඩංගුවට ගත් සැකකරු සමාජ මාධ්‍ය තුල මෙම පක්ෂීන්ගේ ජායාරූප ප්‍රදර්ශනය කරමින් අලෙවි කිරීම සිදුකර ඇති බව කියයි.
ශ්රී ලංකා පොදුජන පෙරමුණ ජාතික ලැයිස්තුව
නුවරඑලිය නගරයේ පිහිටි නිවසක් ඉදිරිපිට ගාල් කර තිබු සැක සහිත පෙජෙරෝ වර්ගයේ ජිප් රථයක් නුවරඑලිය පොලිසිය විසින් (12) දින පොලිස් භාරයට ගෙන ඇත.
අයපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 13 හි ග්‍රාම නිලධාරී වසම් 149 කට අයත් පවුල් 16, 707 ක සාමාජිකයින් 68,672 දෙනෙකු අද
අලුත් පිළිකා රෝගීන් 33000කට අධික සංඛ්‍යාවක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
පක්ෂින් ජාවාරමේ යෙදුණු අයෙක් අල්ලයි