(විමුක්ති එස් රුද්‍රිගු)
ඉන්දියාව සහ ශ්‍රී ලංකාවට බෙදාහැරීම සඳහා පාකිස්තානයේදී ඇසුරුම් කරන ලද අයිස් මත් ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 2500 ක් සහ එම මත්ද්‍රව්‍ය රැගෙන යාත්‍රා කරමින් තිබූ විශාල යාත්‍රාව අත් අඩංගුවට ගැනීමට ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව සමත් වී ඇත.
මෙම යාත්‍රාව ඉන්දීය මුහුදේ කේරල වෙරළ ආසන්නයේදී ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය සහ ඉන්දීය නාවික හමුදාව එක්ව සිදු කළ මෙහෙයුමකදී අත් අඩංගුවට ගෙන තිබේ.අත් අඩංගුවට ගත් මෙම අයිස් මත් ද්‍රව්‍ය වල වටිනාකම ඉන්දීය රුපියල් කෝටි 12000 ක් පමණ වන බව ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශය පවසා ඇත. ඉන්දීය ඉතිහාසයේ අත් අඩංගුවට ගත් වැඩිම වටිනාකමකින් යුත් මත් ද්‍රව්‍ය තොගය මෙය බවද පැවැසෙයි.
මෙම මත්ද්‍රව්‍ය කිලෝ 2500 ක ප්‍රමාණය කිලෝ 20 සහ 40 ගෝනි මලු වල අසුරා තිබූ බවත් මෙම යාත්‍රාව මෙම මලු කුඩා යාත්‍රා වලට ලබා දී ඇති බවත් ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ බලධාරීන් පවසා ඇත.මේ සම්බන්ධයෙන් පාකිස්තාන ජාතිකයකු අත් අඩංගුවට ගෙන ඇති අතර ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී ශ්‍රී ලංකාවට රැගෙන යන මත් ද්‍රව්‍ය සති කිහිපයකට පසුව නැවත ඉන්දියාවට රැගෙන ඒම සැලැස්ම බව ප්‍රකාශ කර තිබේ.
අයිස් මත් ද්‍රව්‍ය කිලෝ 2500 සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් පාකිස්තාන ජාතික සුබේර් දෙරක්ෂ්ශන්දේ නම් සැකකරු අද(22) සිට දින 5 ක කාලයක් වැඩිදුර විමර්ශන සඳහා තම කාර්යාංශයට භාර දෙන ලෙස ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යංශය පෙරේදා (20) අධිකරණයෙන් ඉල්ලීමක් කර ඇත.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පාකිස්තාන අයිස් ලංකාවට-ඉන්දියාවට බෙදන්න බැරිවෙයි