පාකිස්තානයට අයත් බලුකිස්තානයේ බෝම්බ දෙකක් පිපිරී 20 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
පාකිස්තාන මහ මැතිවරණය හෙට (8) පැවැත්වෙයි. අද (7) දිනය පුරා ප්‍රාන්ත රැසකින් මැතිවරණ ප්රචණ්ඩ ක්‍රියා වාර්තා විය.
පළමු බෝම්බය පුපුරා ගියේ බලුකිස්තානයේ ෂිහින් දිස්ත්‍රික්කයේ ස්වාධීන අපේකෂකයකුගේ මැතිවරණ කාර්යාලයක් ඉදිරියේය. එම බෝම්බයට හසුවීමෙන් 12 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ.
දෙවැනි බෝම්බය පුපුරා ගියේ කිල්ලා සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ ය. එම බෝම්බ ප්‍රහාරයෙන් මියගිය ගණන 8 ක් බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කර තිබේ.
බෝම්බ පුපුරුවන්න ඇත්තේ බලුකිස්තාන බෙදුම්වාදී සටන්කාමීන් යැයි පොලිසිය සැක කරයි.
සායිෆ් උල්ලා දිස්ත්‍රික්කයේ බෝම්බයට හසුවීමෙන් බොහෝ දෙනකු තුවාල ලැබූ බවත්, තුවාලකරුවන්ගේ තත්ත්වය බරපතල බැවින්, මරණ සංඛ්‍යාව තවත් ඉහළ යා හැකි බවත් පැවැසෙයි.
(එන්.ඩී.ටීවී.)
පසුගිය රජය සමයේදී බේරුවල ධීවර වරායේ සිදුව ඇතැයි කියන රුපියල් කෝටියකට අධික මුල්‍යමය වංචාව සම්බන්ධයෙන් වරාය කළමනාකාරවරයා සහ සේවකයන් හත්දෙනකු පිළිබඳ ව
ප්‍රංශ ජාතික කාන්තාවකට මහනුවර හෝටලයකදී අතවර කළ බව කියන කුණ්ඩසාල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව මහනුර සංචාරක පොලිසිය පවසයි.
ඉදිරියේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය සඳහා රත්නපුර ඡන්ද කොට්ඨාසයට තරග කිරීම සඳහා ස්වාධීන කණ්ඩායම් තුනක් මේ වනවිට ඇප මුදල් තැන්පත් කර ඇති බව රත්නපුර ද
ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර ගුවන් ගමන් යලි අද (4) සිට සාමාන්‍ය පරදි ක්‍රියාත්මක වන බව ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසයි .
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර විශේෂ සාකච්ඡාවක් දෙවන දිනටත් අද (4) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ විය.
බස් රථ වලදී මගීන්ට අපහසුවට පත් වන අයුරින් කටයුතු කළොත් දැනුම් දීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පාකිස්තානයේ බෝම්බ පිපිරේ