(සුජිත් හේවාජුලිගේ )
දිවයින පුරා පළාත් පාලන ආයතන 341න් 340ක නිල කාලය අද (19) මධ්‍යම රාත්‍රියෙන් අවසන් වෙයි.
මේ අනුව මහ නගර සභා 29 හි බලය නාගරික කොමසාරිස්වරුන්ටද නගර සභා 36හි සහ ප්‍රාදේශීය සභා 275 හි බලය එම සභාවල ලේකම්වරුන් යටතටද ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පත් කෙරිණ.
කෙසේ වෙතත් ප්‍රමාදවී පිහිටවනු ලැබූ ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ නිල කාලය පමණක් තවදුරටත් පවතිනු ඇත.
පළාත් පාලන ආයතන 2018 වසරේ මාර්තු 29 වැනිදා සිට වසර හතරක කාලයක් ක්‍රියාත්මක වුවද පසුගිය වසරේ පැවති අයහපත් තත්වය හේතුවෙන් වසරක කාලයක් එහි නිල කාලය දීර්ඝ කරනු ලැබීය.
මේ අනුව පළාත් පාලන ආයතන නීතියට අනුව ඊයේ දිනට පෙර ඡන්ද විමසීමක් පවත්වා නව සභිකයින් තෝරා පත් කර ගත යුතුව තිබිණ. එහෙත් ඡන්ද විමසීම ඒ දිනයට පෙර පැවැත්වීමට නොහැකිවීම හේතුවෙන් පළාත් පාලන ආයතනවල බලය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට මෙසේ අවසන්විය.
මේ අතර සියලුම රජයේ දේපළ නැවත බාරදෙන ලෙස නිල කාලය අවසන් වූ සියලුම පළාත් පාලන ආයතනවල ප්‍රධානීන්ට රජය ඊයේ නිල වශයෙන් දැනුම්දී ඇත.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසුවේ පළාත් පාලන ආයතන නියෝජිතයන්ගෙන් සමාජයට ලොකු සේවයක් සිදු වූ බවයි.
එම සේවය නිලධාරීන්ගෙන් ලබා ගත හැකි වෙතැයි විශ්වාස නොකරන නමුත් ඔවුන්ගෙන්ද උපරිම වශයෙන් සේවාවක් ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ අවසන් කැමැත්තට අනුව, එතුමන්ගේ අවසන් කටයුතු සිදුවනු ඇතැයි වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි. පාප්තුමන්ගේ අවස
ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පල්ලියට නව රැඩිකල් චින්තනයක් ගෙන ආ බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාපාත් වහන්සේගේ අභාවය වෙනුවෙන් ශෝක ප
පළාත් පාලන මැතිවරණය හේතුවෙන් ලබන මැයි මස 5 සහ 6 දෙදින බස්නාහිර පලාත තුළ වාහන ආදායම් බලපත්‍ර නිකුත් කරන සියලුම කවුළු වසා තබන බව බස්නාහිර පළාත් ලේකම් කාර්
මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයත
කතරගම සිතුල්පව්ව මාර්ගයේ කොච්චි පතාන නිවාඩු නිකේතන භූමියක තිබි පිරිමි මළ සිරුරක් අද (22) සොයාගත් බව කතරගම පොලීසිය කියයි.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යයනය කිරීම සඳහා අපරාධ පරීක්‍ෂණ සහ මූල්‍ය කොට්ඨාශය භාර ජ්‍ය
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ආණ්ඩුවේ බලය අද රැයින් ඉවරයි