(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
පළාත් පාලන මැතිවරණයට ප්‍රතිපාදන සැලසෙන පළාත් පාලන මැතිවරණ ඡන්ද විමසීම (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත තුනෙන් දෙකේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවේදී අද (17) පස්වරුවේ සම්මත විය.
පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 187 ක් ලැබිණ.
ඊට විරුද්ධව කිසිදු ඡන්දයක් නොලැබුණු අතර ඡන්දය දීමෙන් වැළකුණු මන්ත්‍රීවරුද කිසිවකුත් නොසිටියහ.
පනත් කෙටුම්පත පිළිබඳ විවාදය ඊයේ පස්වරු 2.00 ට ආරම්භවී සවස 7.00 දක්වා පැවැත්විණ.
විවාදයේදී පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරු 20 කට ආසන්න පිරිසක් අදහස් දැක්වූහ.
පළාත් පාලන මැතිවරණය සඳහා මුලින් කැඳවු නාම යෝජනා අහෝසි කිරීමට අදාළ සංශෝධනයක් සහ එම යෝජනා භාර දුන් අපේක්ෂකයන්ගේ අප මුදල් නැවත ලබාදීමට අදාළ සංශෝධනයක් මෙම පනත් කෙටුම්පතට ඇතුළත් විය. මෙම සංශෝධන ඇතුලත් කරන්නේ නම් එම සංශෝධන විශේෂ බහුතරයෙන් සම්මත කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ බහුතර විනිසුරුවරු සිය මතය ප්‍රකාශ කරමින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට දැනුම් දුන්නේය.
මෙම පනත් කෙටුම්පතට කථානායකවරයා සහතිකය සටහන් කිරීම අද හෝ හෙට සිදුකිරීමට නියමිතය.
පනත බලාත්මක වන්නේ එවිටය.
පනත බලාත්මක වීමෙන් පසු මැතිවරණ කොමිෂන් සභාව මැතිවරණය පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.
ඉන්දියාවට අයත් ජම්මු කාෂ්මීරයේ පහල්ගම් පළාතේ සිදුවුණු ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ඉන්දියාවත් පාකිස්තානයත් අතර අර්බුදයක් නිර්මාණය වී ඇති අතර, එය දිනෙන්
හිටපු ජනාධිපතිවරුන්ට ජනාධිපති කාර්යාලයෙන් ලබා දී තිබෙන වාහන තුනෙන් එකක් නැවත බාර දෙන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය සනත් නන්දිත කුමානායක මහතා හිටපු ජනපති
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වූ ජනාධිපති පරීක්‍ෂණ කොම්ෂන් සභා වාර්තාව අධ්‍යනය කිරීම සඳහා අලුතින් පත් කළ කමිටුවට ජ්‍යෙෂ්ඨ පොලිස් අධික
ඇමරිකාව පැනවූ තීරු බද්දට සහනයක් ලබා ගැනීම සඳහා ඇමෙරිකාව සමග කළ සාකච්ඡා ප්‍රතිඵල දායක බව එහි ගිය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායම තමාට දැනුම් දුන් බව ජනාධිපත
වැඩි මිලට පානීය ජල බෝතල් විකුණන වෙළෙදුන් සොයා දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.
වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්ද පනත තුනෙත් දෙකෙන් සම්මතයි
Kazi Shajahan Monday, 17 February 2025 08:56 PM
එන්පිපි එකට පොඩි සිග්නල් එකක් දෙන්ඩ පුළුවන් ජනතාවට