IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමේ අයිතිය අහිමි වී ඇති ඡන්ද දායකයින්ගේ මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නාම යෝජනා නැවත කැඳවීමට අවශ්‍ය විධිවිධාන සලසා දීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

2023-03-09 දින පැවැත්වීමට නියමිතව තිබූ පළාත් පාලන ආයතන ඡන්ද විමසීම දින නියමයක් නොමැතිව කල් යාම හේතු කොට ගෙන 2024 වර්ෂයේ අලුත් කරන ලද ඡන්ද හිමියන්ගේ නාම ලේඛනයෙහි නම ඇතුළත්ව ඇති 900,000කට අධික ඡන්ද දායක පිරිසකට ඉදිරි පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්දය ලබා දීම සහ ඡන්ද අපේක්ෂකත්වය ලැබීමට ඇති අයිතිවාසිකම අහිමි වී යාමට ඉඩ ඇති බව පෙනී ගොස් ඇතැයි රජය පවසයි.

ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ 4 වන ව්‍යවස්ථාව ප්‍රකාරව වයස අවුරුදු 18 ක් සම්පූර්ණ වී ඇති, ඡන්ද හිමියෙකු වීමට සුදුසුකම් ලැබ තමාගේ නම ඡන්ද හිමි නාම ලේඛනයේ ඇතුළත් කරනු ලැබ ඇති සෑම පුරවැසියෙකුටම සිය ඡන්ද බලය ක්‍රියාත්මක කිරීමට හැකි විය යුතු නමුත්, ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා 2023 ජනවාරි මස නාම යෝජනා කැඳවා අවසන් වී ඇති බැවින් එකී නාම යෝජනා මත පවත්වනු ලබන ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කළ හැක්කේ එතෙක් ලියාපදිංචිව සිටි ඡන්ද දායකයින්ට පමණක් බවට නිරීක්ෂණය වී ඇත.

එසේම, 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනත සම්මත වීමෙන් පසුව පළාත් පාලන ආයතන සඳහා ඉදිරිපත් කරනු ලබන නාම යෝජනා පත්‍රවල 25%ක තරුණ නියෝජනයක් සඳහා අවකාශ සැලසීම සිදු කළ යුතුව ඇත. එහෙත්, මේ වන විට 2023 වර්ෂයේදී නාම යෝජනා කැඳවා තිබීම හේතුවෙන් තරුණ ප්‍රජාව සඳහා 25% අනිවාර්ය අවස්ථාව මග හැරී ගොස් තිබේ. එබැවින් -

* ඉදිරියේදී නියමිත පැවැත්වීමට පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී ඡන්ද හිමි නාම ලේඛනයේ නම ඇතුළත්ව ඇති එහෙත් ඡන්දය ප්‍රකාශ කිරීමට නොහැකි වී ඇති ඡන්ද දායකයින්ගේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිවාසිකම් ආරක්ෂා කරලීම සඳහා ද;

* 2024 ඡන්ද හිමි නාම ලේඛනයේ නම සඳහන් තරුණ ඡන්ද දායකයින් 900,000 කට වැඩි පිරිසකට ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඡන්දය සඳහා ඉදිරිපත් වීමේ මූලික අයිතිවාසිකම් අහිමි වී යාමට ඉඩ ඇති බැවින් එකී අයිතිවාසිකම් ආරක්ෂා  කරලීම සඳහා ද;

* 2023 අංක 30 දරන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (සංශෝධන) පනතේ විධිවිධාන ප්‍රකාරව ඡන්ද අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වීමේදී තරුණයින් සඳහා වන කෝටාව අහිමි වී යාම හේතුවෙන් අසාධාරණයට ලක් විය හැකි තරුණ අයිතිවාසිකම් කරදීම සඳහා ද;

* 2023 පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා කැඳවා ඇති නාම යෝජනා ආපසු කැඳවීමටත්, ඉන් අනතුරුව 2024 ඡන්ද නාම ලේඛනය පදනම් කර ගෙන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා නාම නැවත යෝජනා කැඳවීමටත් මැතිවරණ කොමිෂන් සභාව වෙත අවශ්‍ය බලතල ලැබෙන පරිදි, එකී කොමිෂන් සභාව විමසමින්, යෝග්‍ය විධිවිධාන ඇතුළත්ව පළාත් පාලන ආයතන ඡන්ද විමසීම් (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පතක් සකස් කරන ලෙස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම පිණිස රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය  වශයෙන් අග්‍රාමාත්‍ය සහ අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා  ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.



අදහස් (2)

පුංචි ඡන්දෙට අලුතින් නාම යෝජනා කැඳවන්න යයි

lOLLA Tuesday, 03 September 2024 12:31 PM

මේක හොඳටම කරලා තියෙන්නේ .දැන් හරි අර පොහොට්ටුවේ ඉඳලා රනිලා ගාවට ලොලිපොප් කන්න ගිය සෙට් එකට උදව්වක් වශයෙන් කියලා මෝඩ මට උනත් තේරුම් යනවා

:       0       4

Chandima Tuesday, 03 September 2024 02:00 PM

ඒ ඡන්දෙට රාහුකාලේ බලන්න කියලා කිව්වේ නැතිද ?

:       0       1

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 272 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 289 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7320 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2878 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3570 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6039 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19242 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site