(සුජිත් හේවාජුලිගේ )
පළාත් පාලන මැතිවරණය එළඹෙන 25 වැනිදාද පැවැත්වීමට නොහැකි වනු ඇතැයි පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතා පැවසීය.
ඔහු මෙසේ පැවසුවේ මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් සහ අගමැතිවරයා අතර අද (10) පැවති සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයන් මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කර ඡන්දය සම්බන්ධයෙන් ඉදිරියේදී ප්‍රකාශයක් නිකුත් කරනු ඇතැයිද ඔහු සඳහන් කළේය.
ජානක වක්කුඹුර මහතා මෙසේද සඳහන් කළේය.
දැන් තියෙන තත්වය අනුව 25 වැනි දා ඡන්දය තියන්න අමාරුයි. ඒක ඕන කෙනෙකුට ඒක පේනවා. මොකද තැපල් ඡන්දය තිබ්බේ නැති නිසා. කොමිසම අප්‍රේල් විසිපස් වැනිදාට පෙර ඉදිරිය ගැන යම්කිසි ප්‍රකාශයක් කරාවි.
මුදල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා කරලා මැතිවරණ කොමිසමේ ඉල්ලීම්වලට සාධාරණයක් ඉටු කිරීමට කැපවන බවට අගමැතිවරයා මෙහිදී ප්‍රකාශයක් කළා. මැතිවරණයට ඉදිරිපත් වූ රාජ්‍ය සේවකයන්ගේ වැටුප් ගෙවන ආකාරය ගැනත් සාකච්ඡා කළා.මැතිවරණ කොමිසමෙන් නිර්දේශයක් එවනවා කියලා කිව්වා. අනතුරුව එම නිලධාරීන් ඡන්දයට ඉදිරිපත්වන කොට්ඨාශයෙන් පිටත ස්ථානයකට පත්කරලා වැටුප් ගෙවන්න කටයුතු කරනවා.
කටුගස්තොට මහ පාලමෙන් මහවැලි ගඟට පැන්න 21 හැවිරිදි තරුණියක බේරාගැනීමට එම ස්ථානයේ රාජකාරි කළ පොලිස් කොස්තාපල්වරයකු කටයුතු කර තිබේ.
මෙවර සිංහල හින්දු අලුත් අවුරුදු නැකත් නිවැරදිව දැනගන්නට ‘‘සූර්යයා‘‘ ආයතනය විසින් QR කේතයක් හඳුන්වා දී තිබේ.
ශ්රී ලංකා නාවික හමුදාවේ මාලිමා සත්කාරක සේවාවට අයත්, මාලිමා කිමිදුම් සමාජය සහ නාවික හමුදා කිමිදුම් අංශය එක්ව, ප්‍රථම වරට සංවිධානය කළ දිය යට සිංහල හා දම
කල් ඉකුත් වූ වීසා බලපත්‍ර යටතේ මෙරට නීතිවිරෝධී ලෙස රැදී සිටි ඉන්දීය ජාතිකයන් 22 දෙනකු අත්අඩංගුවට ගත් බව ආගමන විගමන දෙපාර්තමේන්තු කියයි.
අනුරාධපුර ශික්ෂණ රෝහලේ පුහණූ විශේෂඥ වෛද්‍යවරියක අපයෝජනයට ලක් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඞ් බාරයේ සිටින හිටපු යුද හමුදා සෙබළා ඞී. එන්. ඒ. පරික්ෂ
භූ කම්පනය හේතුවෙන් විපතට පත් මියන්මාර ජනතාවට සහන සැලැසීම සඳහා ඇමෙරිකා ඩොලර් මිලියනයක මූල්‍ය ආධාරයක් සිදු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කර තිබේ.
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
පුංචි ඡන්දෙට බාලගිරි දෝෂය
විපරමා Monday, 10 April 2023 03:23 PM
බාලගිරි දෝෂය නෙවෙයි ,දූෂිත දේසපාලුවෝ බයයි. පොඩි සහන ටිකක් දීලා ,ජනතාව අන්දවන්ඩ කල්මරණවා..
Lal Monday, 10 April 2023 03:32 PM
ඡන්ද එපා
kim jon Monday, 10 April 2023 09:32 PM
පලයන් උතුරු කොරියාවට
swene Monday, 10 April 2023 04:13 PM
බාලගිරි දෝෂය නෙවෙයි. ජනපතිත් රජයත් විරුද්ධව කටයුතු කළා මෙන්ම කොමිසමත් තම බලය පාවිච්චි කරලා තියන්න උත්සාහ කලේ නැහැ .
saman Monday, 10 April 2023 04:33 PM
NPP එකට බය වෙච්ච තරමක්!
podi hadaya Monday, 10 April 2023 05:19 PM
ඡන්දෙ තිබ්බොත් ප්‍රතිඵල එනකොට සමහරුන්ට පාචනේ හැදිලා තියෙයි..
Bamunuarachchi Wednesday, 12 April 2023 06:45 AM
බාලගිරි දෝෂෙන්ම අභාවත්ප්‍රාප්ත උනත් කමක් නැහැ.