(ඩයනා උදයංගනී)
ඉදිරි පළාත් පාලන මැතිවරණයේ දී දුෂිත රාජපක්ෂවරුන්ගේ බලය සියයට 10 දක්වා අඩුකිරීමට සියලු දේශපාලන පක්ෂ වගබලා ගතයුතු යැයි 43 වන සේනාංකයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
මෙම මැතිවරණයෙන් පසු රටේ නව දේශපාලන පරිවර්තනයක් ඇතිකරන දේශපාලන ව්‍යාපාරයක් කරළියට ගෙන එන බව ද හෙතෙම කීවේය.
මෙවර පළාත් පාලන මැතිවරණයේදී පස්, කළුගල්, වැලි මත බලය රඳවාගෙන සිටින දුෂිත ව්‍යාපාර කල්ලිය පලවාහැරීම මෙන්ම පළාත් පාලන ආයතන යනු මධ්‍යම රජය මත යැපෙන ආයතන නොව ස්වයං ශක්තියෙන් නැගීසිටින ආයතන බවත් පත්කිරීමත් අරමුණු කරගත යුතු බව ද මන්ත්‍රීවරයා සඳහන් කළේය.
පාඨලී චම්පික මහතා මේ බව පැවසුවේ 43 සේනාංකය මගින් කොළඹ දී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමිනි.
පළාත් පාලන ආයතනවලට තවදුරටත් අයවැයේ මුදල් ලබාදීමේ හැකියාවක් නැති නිසා, තමන්ගේම ආදායම් වලින් ජනතාවට සේවය කරන තැනක් බවට පරිවර්තනය විය යුතු බව ද මන්ත්‍රීවරයා කීවේය.
පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන අංශය විසුරුවා හැරි බව එම අධිකාරියේ උසස් නිලධාරියෙක් පැවසීය.
මන්නාරම, වෙඩිතලතිව් යුද හමුදා පුහුණු කඳවුරේ පුහුණුව ලබන සෙබළුන් අතර උණ රෝගයක් පැතිරයාම හේතුවෙන් එම කඳවුරේ සෙබළුන් පිරිසක් කඳවුර තුළ නිරෝධායනය කිරීමට
පාර්ලිමේන්තු මහ මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් ඉදිරිපත් වූ ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාර්ථීන් 24දෙනාගෙන් විසි දෙදෙනෙකුම පාර්ලිමේන්තුවට
සංචාරක නවසීලන්ත පිල සහ ශ්‍රී ලංකා පිල අතර තරග තුනකින් සමන්විත එක්දින ක්‍රිකට් තරගාවලියේ මහනුවර පල්ළෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දැන් පැව
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මුර්දු ප්‍රනාන්දු මහත්මිය නව අග විනිසුරු ලෙස පත්කිරීමේ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව අනුමත කර ඇත.
කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් යානා 03 ක් තාක්ෂණික දෝෂවලට ලක් වීම නිසා , ගුවන් ගමන් වාර කීපයක් අවලංගු කර , තවත් ගුවන් ගමන් වාර කීපයක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුංචි ඡන්දෙදී රාජපක්ෂලාගේ බලය හමාර කළ යුතුයි
චන්දන Wednesday, 18 January 2023 04:52 PM
රාජපක්ෂ ලා විතරක්ම නෙවෙයි තව අය ඉන්නව . ඡන්දෙ ඉවර වුනාට පස්සේ බලාගන්න .
kondebandapucheenaThursday, 19 January 2023 10:34 AM
ඔබත් සමඟ
විපරමා Wednesday, 18 January 2023 04:57 PM
1948න් පස්සේ අපේ රටේ හිටපු දූෂිතම පවුල් පාලන ආණ්ඩුවක් ගෙනගිය බලලෝභී නායකයා මහින්ද. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කෙරුවා. මුලුමහත් ජනතාවම අද නොවිඳිනා දුක් විඳින්නේ දූෂිත රාජපක්ෂ සංහතියම කරපු වැරැදි නිසා. සදහටම හිරගෙදර ඉන්න ඕනෑ උදවිය දේශපාලනෙන් අතුගාලාම දැමිය යුතුයි.
happochchiWednesday, 18 January 2023 05:30 PM
ජයවේවා...! පීඩිතයින්ට ජයවේවා..!
Bamunuarachchi Wednesday, 18 January 2023 05:53 PM
මේ හාදයා බණ ටෝකින්. එක ආසනයක්වත් නොතිබ්බ රනිල් ජනාධිපති වුණා නම්... රටට වැඩකරපු රාජපක්ෂලා නැති වෙනවාද හලෝ...?
ගමෙ එකාලාWednesday, 18 January 2023 08:32 PM
ආසියාවේ ආශ්චර්යය සෞභාග්‍යයේ දැක්ම නියමෙට පෙන්නලා තියෙනවා. නූපන් දරුවන් පවා ලෝකෙටම ණයකාරයින් කරලා.. පවුල් පිට්න් හොරාකාලා?
Bamunuarachchi ySunday, 22 January 2023 11:02 PM
අවුරුදු 30 යුද්දේ හිඟන්නාගේ තුවාලේ කරගෙන හොරා කාපු එවුන්ගෙන් රට බේරගත්තේ මහින්ද. මහින්ද නැතිනම් ගමේ ඒකාල තාමත් ප්‍රබාකරන්ට කඹුරනවා.
ගජමිතුරු Thursday, 19 January 2023 10:57 AM
ඒක ඇත්ත. ගල්බමුණා වැනි කසිප්පු වර්ග නිෂ්පාදනය බෙදාහැරීම කරන්නෙ රාජපක්ෂලාගේ සහායක කණ්ඩායම් තමයි හලෝ. නුඹ ඇතුළු එහෙම එවුන් ඉන්නකම් රාජපක්ෂ කල්ලිය පරාජයට පත්කරන්න බැහැ තමයි
BamunuarachchiFriday, 20 January 2023 07:47 AM
රාජපක්ෂ පරාජය කරන්න නිකමුන්ට කයිවාරු කාරයින්ට බැහැ. 1977 පසුව රාජපක්ෂ තරම් රටට වැඩකරපු නායකකුට පුළුවන් මහින්ද පරාජය කරන්න. එහෙම කෙනෙක් ඉන්නවාද? ඉන්නවානම ඔයකටින්ම නම කියන්න?
fairoos Wednesday, 18 January 2023 06:03 PM
ඒ විතරක් මදි... හොරාකාපු සල්ලි ආපහු ගන්නත් වැඩපිළිවෙළක් අවශ්‍යයි...
PODDA Wednesday, 18 January 2023 06:27 PM
බමුණා වැදි බණ කියනවා... රනිල් ජනාධිපති වුණේ රාජපක්ෂගේ පිහිටෙන්... ඒකවත් තේරෙන්නේ නැති ජූජක බමුණෙක්...
Bamunuarachchi Sunday, 22 January 2023 11:10 PM
ඒක තමයි පොඩ්ඩෝ කියන්නේ. මේ වැටි වැටි ඇවිදින පොඩ්ඩන්ට මේවා තේරෙන්නේ නැහැ. 30 වතාවක් චන්දෙ පැරදුන එක ආසනයක් වත් රනිල් වත් ජනාධිපති කලේ මහින්ද නම් එක වතාවක් පැරදුන මහින්දව දේශපාලනයෙන් එලවන්න පුළුවන් එකෙක් ඉන්නවාද?
SUNIL MILANO Wednesday, 18 January 2023 07:52 PM
පස් වැලි විතරක් නෙවෙයි, ඇයි ගල්අඟුරු... මේ මිනිස්සු කොහෙන් කතා කරන්නද මන්දා... හැමෝම කතා කළොත්... බෝ පැළ වගේ... හොරු රාජපක්ෂ හොරුන් විතරයි. මේ අය කම්බා හොරුන්...
සෙනෙවිරත්න Wednesday, 18 January 2023 09:19 PM
අරමුණ හොඳයි. ඒත් වැඩේට තෝරගනිපු පුද්ගලයා තමයි අවුල. නරකද එයා නැතිව තනියම කරනවා නම්...!
Bunny Preena Thursday, 19 January 2023 09:24 AM
ඔව්ව කියන කවුරු කවුරුවත් ර්‍අටකට වඩා වැදගත්, කොයි ආන්ඩුවක් යටතෙවත් වෙනස් කල නොහකි ජාතික ප්‍රතිපත්තියක් ගෙන එන්ට යෝජනා කරන්නෙ හෝ කටයුතු කරන්නෙ නැහැනෙ. ඔක්කොමල නිකන් කියවනවා විතරයි. ඔක්කොමල එකම වල්ලෙ පොල්.