IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පුංචි ඡන්දය තියන්න බැරි වුණ හේතුව ජනපති පවසයි

(අංජුල මහික වීරරත්න)

පළාත් පාලන මැතිවරණය කල් දැමීම ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩකිරීමක් බව කියූවද එම මැතිවරණය පැවැත්වීමට නොහැකි වූයේ ජනතාවගේ ජිවත්වීමේ අයිතිය සුරක්ෂිත කිරීම වෙනුවෙන් එම කාලය කැප කිරීම නිසා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

එම නිසා පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට නොහැකි වීම පිළිබඳ තමා කණගාටු නොවන බවද ජනාධිපතිවරයා කීය. ජනතාවගේ ඡන්ද අයිතිය සුරැකීමට මෙන්ම ජීවත්වීමේ අයිතිය ද සුරැකීමට තමා කැපවී සිටින බවද මහරගම තරුණ සේවා සභා ශ්‍රවණාගාරයේ පැවති නව ජනතා පෙරමුණේ ජාතික සම්මේලනය අමතමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

 



අදහස් (27)

පුංචි ඡන්දය තියන්න බැරි වුණ හේතුව ජනපති පවසයි

jagath liyanage Thursday, 22 August 2024 07:29 PM

ඕවට සිංහලෙන් කියන්නේ බයිලා කියලයි. පුංචි චන්දය තිබුණා නම් අන්ත පරාජයක් ලබනවා. ඒකෙන් බේරෙන්න තමයි තිබ්බේ නැත්තේ...

:       254       160

Mangala Thursday, 22 August 2024 07:41 PM

ඡන්ද පදනම හදාගන්න මිසක් මිනිස්සු ගැන හිතලා කල් දැම්මේ නෑ. ජනතාව බෙල්ල මුලටම හිරකළා...

:       231       148

Hector Perera Thursday, 22 August 2024 07:43 PM

හොඳ කියමනක් ජනපතිතුමනි...,

:       129       228

ලුම්බිණි Thursday, 22 August 2024 08:10 PM

විශ්වාස කරන්න පුළුවන් දෙයක් කියනවාද?

:       62       9

වාසල Thursday, 22 August 2024 08:19 PM

අනේ යන්න..පරදින්න බයේ ඡන්දෙ නොතිය ඉදලා දැන් පොර ටෝක් දෙනවා..මිනිස්සු මැරුණත් බලය දෙන්න කැමති නෑ..පිනට ඇවිත් බොරු කතා කිවුවට

:       56       8

Praba Thursday, 22 August 2024 09:00 PM

දැන් ඔබතුමාලා බිලියන ගණන් බලය ගන්න වියදම් කරන්නේ අපිට කන්න ඕන තරම් තියෙන නිසාද? යන්න සර් බයිලා නොකියා

:       50       8

amila Thursday, 22 August 2024 10:03 PM

කාලය කැප කළා කියන්නේ ගෑස් ගෙන්නපු එකටද? ඒකත් හැටහුටාමාරක් උපදේශකයෝ වටකරගෙනනේ කරලා තියෙන්නේ... නේද?

:       49       7

ජනරළ Thursday, 22 August 2024 10:14 PM

දැන් තීන්දුව ලැබිලා තියෙනවා. අපි එක හිතින් ගරු කළ යුත්තේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දුව මිසක් මේ එක එක පුද්ගලයින් කියන මෝඩ පිස්සු මනස්ගාත කතා නෙවෙයි. ඕවා නිකන් මේ කිතුල් ගහට නැගපු මිනිහා කියපු කතා. ජනතාවගේ ඡන්ද අයිතිය අහිමි කළ කෙනෙකුට නීතියෙන් අත්වන දඬුවම් අදාළ වරද කරුවන්ට ලබාදීමට ඉදිරියේදී කටයුතු සිදුවිය යුතුයි.

:       49       6

Prasad Thursday, 22 August 2024 10:33 PM

පිනා හිතන් ඉන්නේ මිනිස්සු පට්ට මෝඩ ගොබ්බයින් කියලා. ඡන්දෙ කල්දැම්මේ ඇයි කියලා නොතේරෙන... පින් ජනාධිපති වුණු ගමන්ම, තියෙනවාටත් වඩා ලොකු බිල්ලෙක් මවලා පෙන්නුවා. විශාල දුර්භික්ෂයක් එනවා කිව්වා. වැල් පාලමේ යන්න වෙලා තියෙන්නේ කිව්වා. කරපු මගුලකුත් නෑ. ණය ගත්තා විතරයි. ඡන්ද තිබ්බෙත් නෑ. ණය ගෙව්වෙත් නෑ. ආර්ථිකේ වර්ධනේ වුණා කියන්නේ මොනවා කරලාද?

:       48       7

විජිත් Thursday, 22 August 2024 10:53 PM

කටට එන ඕන දෙයක් වමාරනවා.. පළාත් පාලන ඡන්දේ තිබ්බේ නැත්තේ ආණ්ඩුව අනිවාර්යයෙන්ම පරදින බව බුද්ධි අංශ දැනුම්දුන්නු නිසයි. ඒ හැර වෙන දෙයක් නිසා නොවෙයි. ඡන්දය නොතිබීමෙන් රටේ ජනතාවගේ මුලික අයිතිවාසිකම් උල්ලන්ඝනය වුණු බව ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් තින්දුකලේ නිකම් නොවෙයි, නිතිඥයවරුන් ඉදිරිපත්කල සාක්ෂි රැසක් අධ්‍යයනය කිරීමෙන් පසුවයි. මෝඩයා ඒ තීන්දුවට විරුද්ධයි. මිනිහා කියන්නේ වෙන කතන්දරයක්. " ජනතාවගේ ජීවත්වීමේ අයිතිය සුරක්ෂිත කරන්න කාලය යෙදෙව්වලු "කොහොමද කතාව? අපරාධය පසුපස දඬුවම කවදා හෝ එනවා...

:       56       8

සුගත් සෙනෙවිරත්න Thursday, 22 August 2024 11:36 PM

ජනාධිපතිතුමනි, ඔබ හිතනවාද ඔබ දේවල් මේ රටේ මිනිස්සු විශ්වාස කරයි කියලා...?

:       55       10

Perera Friday, 23 August 2024 12:06 AM

මෙයාට 2x2 පොල්ලකින් සලකන්න ... ඔය ළඟ ඉන්න කවුරුවත් නැද්ද?

:       58       9

Samantha Friday, 23 August 2024 01:10 AM

රටක් සාමාන්‍ය තත්වයන්ගෙන් ගිලිහී ගොස්, යුදමය හෝ ආර්ථික අභියෝගයන් ට මුහූණ දෙනවිට රටේ සාමාන්‍ය නීතියද අභියෝගයන්ට ලක්වන බව නොරහසකි. එවිට රාජ්‍ය නායකයෙකු සතු ප්‍රධානම, ප්‍රමුඛතම කාර්‍ය භාරය වන්නේ රටේ ජනතාව ජීවත් කරවීම මිස ඡන්ද තැබීම නොවේ. අරගලයකින් රට උඩු යටිකුරු කොට ඉල්ලා සිටියේ ඡන්දයක් නොව රාජ්‍ය පාලනයේ පූර්ණ ප්‍රතිසංස්කරණයක් බව සිහිපත් කළ යුතුයි​. එබැවින් රටක අර්බුදකාරී අවස්ථාවක රාජ්‍ය නායකයෙකු ලෙස චර්චිල් මෙන්ම ස්ටාලින්ද ගත් ක්‍රියා මාර්ග තුළින් සියලු ජන කොටස්වල අයිතිවාසිකම් ආරක්‍ෂා නොවුණද​, ගත් එම තීන්දු, තීරණ නිසා බහුතරයකගේ අයිතිවාසිකම් තහවුරු විය​. අද ජ.වි.පෙ සහ සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ පාර්ශව විසින් උසාවි ගොස් ලබාගත් තීන්දු වලංගු නොවන්නේ එබැවිනි. රටක අධිකරණ ක්‍රියාවලිය ජනතා පරමාධිපත්‍යය උදෙසා වැදගත් මෙහෙවරක් ඉටුකරන නමුත්, එයට මිනිසුන්ගේ කුසගින්න නිමාකළ නොහැකි බව ඔවුන් තේරුම් ගත යුතුයි. ඒ අනුව ජනාධිපතිවරයා ලෙස තම අත්දැකීම් සහ පලපුරුද්ද භාවිතා කොට ජනාධිපතිවරයා ගත් ක්‍රියාමාර්ග ස්වාභාවික යුක්ති ධර්මයේ නාමයෙන් අතිශයින්ම නිවැරැදියි...

:       6       87

ගමේ එකාලා Friday, 23 August 2024 01:32 AM

නිකම් බොරු කියලා ජනතාව අන්දවන්න හැදුවාට වැඩක් නැහැ. ඡන්ද දිනය ප්‍රකාශයට පත්කරලා, දිස්ත්‍රික්ක බොහෝමයක ඡන්ද පත්‍රිකා මුද්‍රණය කරන කම් බලාගෙන උන්නේ අහවල් දේකටද? තමුන් කියපු කරපු දේවල් ගැනත් අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ..

:       48       7

Chandrasiri Friday, 23 August 2024 05:31 AM

රටේ තිබුණ තත්වය අමතකවූ බඩගෝස්තරය වෙනුවෙන්ම දේශපාලනයේ යෙදෙන අමනයින්ට තමන්ගේ ගෝලබාලයෝ රැකගන්න බැරිවුණාම මානව හිමිකම් උල්ලංඝනය වුණා කියලා කියනවා රටේ ජනතා මතය විමසුවොත් පුංචි ඡන්දය අනවශ්‍ය බව පැහැදිලි වේවි. පළාත් පාලන ආයතනයක සේවය කළ කෙනෙක් හැටියට ඒවායේ සේවය කරන ඒවාට මුල් බැසගත් අයට උපතේ සිට මරණය දක්වා කටයුතු කරන ආයතන ලෙසට හැඳින්වීම කළත් ඔය ආයතන රටේ මුදල් නාස්තියක් මිස රටට කරන සෙතක් නැහැ. එනිසා ඔය අවිධිමත් පාලන ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනසක් කර විධිමත් පාලන ක්‍රමයක් හදන්න ඕනෑ.

:       3       58

ranjith Friday, 23 August 2024 07:45 AM

පුංචි දරුවෙතුට වුණත් තේරෙනවා ඔය නූල් සූත්තර...

:       43       16

Perera Friday, 23 August 2024 08:35 AM

හේතුව වෙන මොකුත් නෙමෙයි එජාපය පරදින බව දන්න නිසා

:       54       9

avanka Friday, 23 August 2024 08:48 AM

පොහොට්ටු හිතවතුන් පරදින නිසා...

:       53       12

අශෝක Friday, 23 August 2024 08:52 AM

ඡන්දයක් තියන්න බැරි වුණා කියන්නේ තනිකරම පාලකයාගේ වරද, ජම්පරය ලෑස්ති කරලා තියාගන්න...

:       55       14

Bunny Preena Friday, 23 August 2024 09:22 AM

ඔව් ඉතින් කිතුල් ගහට නගපු එකාටත් කියන්න යම් දෙයක් තිබුනානේ

:       47       12

Rohana Friday, 23 August 2024 09:31 AM

පරදිනබව පැහැදිලිවම දන්නා නිසා උප්පරවැට්ටි යොදල මැතිවරණය නැවැත්තුවා . ඒකට හේතුව ලෙස බොරු කෙප්පයක් කියනවා. හැබැයි දිනන බව දන්නවනම් මැතිවරණය ඉක්මනින්ම පවත්වනවා. එතකොට කියන්නේ අපිහරි ප්‍රජාතන්ත්‍රවාදීයි. නියමිත කාලවලට මැතිවරණ තියනවා කියලයි.

:       46       15

Tharanga Friday, 23 August 2024 10:49 AM

බැරිවුනේ රාජපක්ෂ හොරුරැල නැවත ප්‍රතිස්ථාපනය කිරීම වෙනුවෙන් සහ ජනතාව එලවපු ආන්ඩුව නැවත බිහිකිරීම, ජනතාව ප්‍රතික්ෂේප කරපු උන්ගේ විනාශවූ දේපල වෙනුවෙන් වන්දි ගෙවී,ම රජයේ හමුදාවේ පොලිසියේ උසස් නිලතල හොබවන නිලධාරින් සතුටු කිරීම වෙනුවෙන්, අල්ලස් දීම, තමාගේ උසස් යැයි කියාගන්නා මෝඩ ගොබ්බ චරිතය ප්‍රවර්ධනය කිරීම වෙනුවෙන් පමණි. ජනතාව තාමත් එකවේලක් හොයාගන්නේ අමාරුවෙන්

:       40       11

Rata Perata Friday, 23 August 2024 12:00 PM

ටයි කෝට් දාගෙන හිටියාට වැඩක් නෑ...

:       37       9

Nishan Friday, 23 August 2024 02:47 PM

ජනාධිපතිතුමා කියන දේ සියට දාහක් ඇත්ත. ඒ වෙලාවේ කෝටි දහදාහක් තියා කෝටියක්වත් තිබුනේ නෑ ඡන්ද වලට වියදම් කරන්න. කඩවල් වහලා මිනිස්සුන්ට කන්නත් නැතුවයි හිටියේ. රටම කළුවරේ. පොදු ප්‍රවාහනයත් ඇණ හිටලා තිබුනේ. ඒත් එයින් අදහස් වෙන්නේ නෑ උසාවි තීන්දුව වැරැදියි කියලා. ඒත් උසාවිය තීන්දු දීමේදි සලකා බලන කරුනුයි ප්‍රායෝගික ලෝකයේ සිද්ද වෙන දේවලුයි අතරේ වෙනස්කම් තියෙනවා. ඉස්සෙල්ලා මිනිස්සු ජීවත්වෙලා ඉන්න එපැයි මොනා කරන්නත්...

:       3       29

Rata Perata Friday, 23 August 2024 03:23 PM

සමහර මිනිස්සුන්ට තවම කිසිම අවබෝධයක් නෑ.. ආර්ථිකයක් ගැන. ඡන්දෙ තියන්න සල්ලි තිබුණේ නෑ. ඒත් රට සවාරි වලට ලක්ෂ 2000ක් වෙන් කරගත්තා. රාජ්‍ය පරිපාලන වියදම් වැඩි වුණා. තවම ඩොලර් බිලියන 4ක ණයත් ගත්තා. ඒත් ආර්ථිකය හැදුවලු... මේවා හොඳයි කොණ්ඩෙ බැඳපු චීන්නුන්ට...

:       26       4

ගමයා Friday, 23 August 2024 05:52 PM

අනේ යන්න...

:       27       0

Sarath kumara Tuesday, 27 August 2024 01:45 PM

අපි හිතුවෙ රනිල් කියන්නෙ ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා . ඒත් අධිකරනයට අභියෝග කරාම ඔක්කොම උන් එකයි කියලා තමා කියන්න වෙන්නෙ...

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 267 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 282 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7184 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2870 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3556 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6036 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19229 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 147 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site