IMG-LOGO

2024 ඔක්තෝබර් මස 14 වන සඳුදා


පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්

(යොහාන් භාසුර)

පළාත් පාලන මැතිවරණය සඳහා ඉදිරිපත් කළ නාමයෝජනා අවලංගු කර හෝ එසේත් නැත්නම් වෙනත් ආකාරයකින් හෝ නාමයෝජනා හේතුවෙන් පවතින තහංචි ඉවත්කරන ලෙස ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පළාත් පාලන නියෝජිතයන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ඉල්ලීමක් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා අද (18) ‘ලංකාදීප’යට පැවසීය.

නාමයෝජනා හේතුවෙන් ප්‍රාදේශීය දේශපාලඥායන් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිවී ඇති බවත් ඒ හේතුවෙන් නාමයෝජනා පිළිබඳව හැකි ඉක්මණින් පියවරක් ගන්නා ලෙස ඉල්ලා සිටි බවත් එදිරිමාන්න මහතා කීය.

තවද මැයි 9 වැනි අරගලය අවස්ථාවේදී විනාශයට පත්වූ ඇතැම් පළාත් පාලන නියෝජිතයන්ගේ නිවාස ඇතුළු දේපළ වෙනුවෙන් වන්දි ලැබීම පිළිබඳව ගැටලු ඇති බවත් එම ගැටලු ද ඉක්මණින් විසඳන ලෙස ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටි බවත් සංජීව එදිරිමාන්න මහතා සඳහන් කළේය.

එම ඉල්ලීම් පිළිබඳව දැඩි අවදාන යොමු කර හැකි ඉක්මණින් විසඳුමක් දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බව ද පාර්ලිමේන්තු මන්ත්‍රී සංජීව එදිරිමාන්න මහතා වැඩි දුරටත් පැවසීය.

ජනාධිපති කාර්යාලයේදී අද (18) පැවැති එම විශේෂ සාකච්ඡාවට පළාත් පාලන නියෝජිතයන්ට අමතරව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන එහි මහ ලේකම් නීතිඥා සාගර කාරියවසම් සහ සංජීව එදිරිමාන්න යන මහත්වරු සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ද සහභාගි වූහ.



අදහස් (3)

පුංචි ඡන්දයේ නාමයෝජනා හිසරදයක්

ajith Friday, 18 August 2023 09:00 PM

ප්‍රාදේශීය දේශපාලඥයින් ලෙස ගමේ අවමංගල්‍ය උත්සවය, පන්සලේ උත්සවයක හෝ පාසලක උත්සවයක ජනතාව ඇමතීම හෝ වෙනත් විශේෂ අවස්ථාවලට සහභාගි වීම අහිමිකළ යුතුවේ. දියුණු රටවල දේශපාලකයින් මෙවැනි උත්සව සඳහා සහභාගී වන්නේ නැත. ඉන්දියාව/ ලංකාවේ පමණි... මෙම සහභාගි විම සේවයක් නොව දේශපාලන වාසි ලබාගැනීම සඳහා කරනු ඇත.. රජයේ සේවයේ කරන්නාවූ කිසිවකුට දේශපාලනයේ දීමට අවස්ථාවක් නැත.

:       0       12

චින්තක Saturday, 19 August 2023 06:38 AM

අජිත් මහතාගේ අදහස ඉතාමත් ඉක්මනින් ක්‍රියාත්මක කිරීම අත්‍යාවශ්‍ය වෙනවා.. නෛකශ්‍රීන් විරාජමාන වූ ශ්‍රී ලංකාව ඉල්ලංකාවක් වුනේ ඔය දේශපාලුවෝ නිසා තමයි. රාජ්‍ය සේවය කුජීත වීමට නිලධාරීන් හා සේවකයින් දේශපාලනයේ යෙදීම හේතුවක් වෙනවා ඇත්තටම අවමගුලක් අවස්ථාවක කතාවක් කරන්න දේශපාලන තනතුරක් මොකටද? පංසලේ පිංකමක් වෙලාවේ කතාවක් කරන්න දේශපාලන තනතුරු වරදාන වරප්‍රසාද මොකටද? එතකොට උන්දැලා පරාජයට පත්වුණොත් මරණෙකට මගුලකට පංසලේ පිංකමට යන්නේ නැද්ද? එතකොට හිසරදයක් නැද්ද? මේවා බොරු මනස්ගාත මිස වෙනත් කිසිවක් නොවෙයි. රජයේ නිලධාරින්ට හා විශ්ව විද්‍යාල සිසුන්ට දේශපාලනය කිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින්ම තහනම් කරන්න ඕනෑ... දැන් ඉතින් මේ අදහසේ අන්තිම පේලි දෙක විතරක් කියවලා ඩිස්ලයික් දමාවි කෙළවරක් නැතුව බනීවි..

:       0       1

Nimal Friday, 18 August 2023 09:02 PM

ජනාධිපතිගේ වැඩ... මෙහෙම ගියොත් රටම විනාශ කරලා තමයි නවතින්නේ....!

:       2       13

ඔබේ අදහස් එවන්න

දියත

විශ්ව විද්‍යාල කොමිසමේ සභාපති - සාමාජිකයින් අස්වෙයි
2024 ඔක්තෝබර් මස 14 19 0

විශ්ව විද්‍යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා ඇතුළු සියලු සමාජිකයින් අද (14) පස්වරුවේ ඉල්ලා අස්වී තිබේ.


අම්බලන්ගොඩ පාසල් 5ක් - ගාල්ල එක් පාසලක් හෙට වැසෙයි
2024 ඔක්තෝබර් මස 14 1005 0

අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් අම්බලන්ගොඩ අධ්‍යාපන කලාපයේ පාසල් පහක් සහ ගාල්ල අධ්‍යාපන කලාපයේ එක් පාසලක් හෙට දින (15) වසා දැමීමට තීන්දු කොට ඇති බැව


පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
2024 ඔක්තෝබර් මස 14 163 0

අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු


රත්නපුර දිසා 3කට නායයාමේ අවදානම් නිවේදන
2024 ඔක්තෝබර් මස 14 258 0

රත්නපුර දිස්ත්‍රික්කයට පවතින අධික වර්ෂාව හේතුවෙන් කහවත්ත, පැල්මඩුල්ල සහ නිවිතිගල යන ප්‍රදේශිය ලේකම් බල ප්‍රදේශ සදහා නාය යැමේ අවදානම් නිවේදන නිකුත


’’ණය ප්‍රතිව්‍යුහගතකරණය අවසන් කිරීමට ආසන්නයි’’
2024 ඔක්තෝබර් මස 14 1941 1

ස්වෛරීත්ව බැඳුම්කර හිමියන් සමග ශ්‍රී ලංකාව පසුගියදා එළඹී ගිවිසුම් සියලුම අවශ්‍යතාවයන් මෙන්ම ඉලක්ක වලට අනුකූල බව මෙරට නිල ණය හිමියන්ගේ කමිටුව සහ ජාත්


වියදම් වාර්තා දුන් ජනපති අපේක්ෂකයෝ මෙන්න
2024 ඔක්තෝබර් මස 14 8880 2

ජනාධිපති අපේක්ෂකයන් 38 දෙනාගෙන්දෙනාගෙන් 35 දෙනෙකු මැතිවරණ වියදම් වාර්තා මැතිවරණ කොම්ෂන් සභාවට භාරදී ඇත.


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 406 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 454 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1415 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site