(අජන්ත කුමාර අගලකඩ)
පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දැමීමට රජය තීරණය කර ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ඊට අදාළ කැබිනට් පත්‍රිකාව රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි එම ආරංචි මාර්ග කියයි.
කැබිනට් පත්‍රිකාව ගිය සතියේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති නමුත්, එය ඉකුත් සඳුදා(13) පැවති කැබිනට් රැස්වීමේදී සාකච්ඡාවට ගෙන නැති බව ද වාර්තා වේ.
ඒ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාත් ,මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් යන මහත්වරුන් හමුවි සාකච්ඡා කිරීමෙන් අනතුරුව, එය කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡාවට ගැනෙනු ඇතැයි දැනගන්නට තිබේ
2017 වසරේ පෙබරවාරි මස පැවැති පළාත් පාලන මැතිවරණයෙන් මහ නගර සභා ,නගර සභා සහ ප්‍රාදේශීය සභා වලට තේරීපත්වූ සභිකයන්ගේ ධුර කාලය ලබන වසරේ පෙබරවාරි මාසයෙන් අවසන් වීමට නියමිතය .
එම පළාත් පාලන මැතිවරණයේදී පළාත් පාලන ආයතන අති බහුතරයක බලය හිමිවූයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ය .
පළාත් පාලන ආයතනවල නිල කාලය වසරකින් කල් දැමීමට පළාත් පාලන පනත අනුව, විෂය භාර ඇමැතිවරයාට බලය හිමිවේ .
ඒ අනුව, රාජ්‍ය සේවා ,පළාත් සභා හා පළාත් පාලන ඇමති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා විසින් පළාත් පාලන ආයතන වල නිල කාලය වසරකින් දීර්ඝ කිරීමේ කැබිනට් සංදේශය ඉදිරිපත් කරනු ලැබ ඇතැයි දැනගන්නට ඇත.
ඉකුත් දා පැවති උත්සවයක දී අදහස් දැක්වූ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා සඳහන් කළේ පළාත් පාලන මැතිවරණය වසරකින් කල් දමන බවය .
පහල්ගම් ත්‍රස්ත ප්‍රහාරයේ සැකකරුවන් ලෝකය අවසානය තෙක් හඹාගොස් අදහාගත නොහැකි දඬුවමක් දෙන බව ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි මහතා පවසයි
මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පුද්ගලයන් තිදෙනකු රුපියල් කෝටි තුනකට අධික මත්ද්‍රව්‍ය තොගයක් සහ උණ්ඩ තොගයක් සමග අත්අඩංගුවට ග
ශ්රී ලංකා ඉතිහාසයේ මෙතෙක් ඇතිවූ දරුණුතම ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා 2023 වසරේ මාර්තු මාසයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදුන් ඇමෙරිකානු ඩොලර් බිලිය
මාලිමාවට ඡන්දෙ නොදුන්නොත් පළාත් පාලන ආයතන වලට මුදල් දෙන්නේ නැතැයි ජනාධිපතිවරයා ප්‍රකාශ කරන්නේ මෙවර පුංචි ඡන්දයෙන් ආණ්ඩුව පරදින බව දන්න නිසා යැයි හි
රත්නපුර ශීක්ෂණ රෝහලේ වෛද්‍යවරු තුනක් ඇතුලු සේවක සේවිකාවන් 147 කට ඩෙංගු වැළදි ඇතැයිද රතනපුර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිපයක ඩෙංගු වසංගත තත්වයක අවදානමක් ඇ
වැලිගම පැලෑණ W 15 හෝටලය ඉදීරීපිට සිදු වු වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණය වෙත පැමිණ බාර වු කොළඹ අපරාධ කොට්‌ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධි
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දය වසරකින් කල් යයි
Perera Wednesday, 15 December 2021 11:12 PM
දිනාගන්න පුළුවන්කමක් තිබුනා නම් ඔය චන්දෙ කොහොමහරි මේ අය තියනවා
ajith Wednesday, 15 December 2021 11:18 PM
IMF ආයතනයෙන් මුදල් ලැබුනොත් මැතිවරණය පවත්වනවා
Nanda Thursday, 16 December 2021 04:30 AM
යූ.එන් .පී එකෙන් ආව තක්කඩියෝ අද පොහොට්ටුවේ ලොක්කෝ .රටත් කාලා පක්ෂයත් කෑවා
nimelenThursday, 16 December 2021 12:28 PM
ලොකුම තක්කඩි කොහොමත් පොහොට්ටු නායකයෝ
Demuni Uduwara Thursday, 16 December 2021 04:33 AM
ප්‍රජාතන්ත්‍රවාදය කල් යයි!
Sunil Thursday, 16 December 2021 06:41 AM
ජනතාවගේ ප්‍රතිචාරය පිළිබදව දැඩි විශ්වාසයක් තබනවා.
කිරි පුතා Thursday, 16 December 2021 09:57 AM
කොටින්ට පාළනය බලය දෙන්න ඉන්දියාව අපේ රටට පටවපු මරාලයක් තමයි පළාත් සභා. නිකම් රටේ මුදල් කාබාසිනියා කරන්න හොඳයි . මේක අයින් කරල දැම්ම නම් ඉවරයි. රටට ආදරය ඇති සහ හොරකමට ලැදි නැති පක්ෂ විපක්ෂ සියලු දෙනා එකතුව මේක ඉවත් කර දැම්ම නම් හොඳයි . නමුත් ඒක වෙන්නෙ නෑ. මොකද හොරකමට හොඳ තෝතැන්නක් නිසා
Hafeel Thursday, 16 December 2021 12:21 PM
ඉන්දියාව මේ අනවශ්‍ය ගිවිසුම අපිට පැටෙව්වේ 1987 දී. ඒ වකවානුවේ ඉපදිලාත් නැති වර්තමාන ඉන්දියානු දේශපාලකයෝ, අදටත් අපිට බලපෑම් කරන්නේ මේ සුදු අලි පළාත් සභාව ක්‍රියාත්මක කරන්න කියල. මේ රටේ පාලකයන්ට කොන්දක් නැහැ, මේ ගිවිසුම අහෝසි කරන්න. මේ පළාත් සභාව ලංකාවේ සහ ඉන්දියානු ජනතාවට කිසිසේත්ම ප්‍රයෝජන නැහැ. හැබැයි මේ රටේ සහ ඉන්දියානු දේශපාලකයන් මේ ගිවිසුමෙන් දේශපාලන වාසි ගන්නවා. හරියට අපේ දේශපාලකයන්ට මේ පළාත් සභාව පෙර පාසල වගේ
කිරි අප්පාThursday, 16 December 2021 12:29 PM
කිරිපුතේ උඹට චුට්ටක් වැරදිලා .මේ කියන්නේ පළාත් පාලන ආයතන කියන නගර සභා වැනි ආයතන ගැන .ඔබේ අදහස් දැක්වීම මමත් සියයට සියයක් අනුමත කරනවා .මම අහන්නෙ යහපාලනය කාලේ චන්ද කල් දානකොට ,උද්ඝෝෂණ කරපු උන්දැලාම චන්ද කල් දාන්නෙ ඇදුම් ඇදගෙනද කියලයි
Bamunuarachchi Thursday, 16 December 2021 11:58 AM
වසර 100 කට කල් දාන්නකෝ කවුද අකමැති කියලා බලන්න.