(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තු මැතිවරණය අවසන්වූ වහා හැකි ඉක්මනින්ම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම පවත්වන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
මහ මැතිවරණය අවසන්වූ වහාම පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සඳහා දින නියම කරන බවද කොමිසම නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.
ශ්‍රේෂ්ඨාධිකරණය පසුගිය අගෝස්තු මස 22 වැනි දා දුන් නියෝගයට අනුකූලව මැතිවරණ පැවැත්වීමේ කාර්යභාරය අනුව කටයුතු කරන බව කොමිසම ප්‍රකාශ කරයි.
ඉදිරි මැතිවරණ සඳහා අවශ්‍ය මුදල් දෙන බවට රජය දැනටමත් පොරොන්දුවී ඇතැයි පවසන මැතිවරණ කොමිෂන් සභාව මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1100 ක් ලබාදීමට කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන් බවද ප්‍රකාශ කළේය.
මේ අතර මහ මැතිවරණයේ ඡන්ද පත්‍රිකා මුද්‍රණය වෙනුවෙන් ජනාධිපතිවරණයට සාපේක්ෂව වැඩි මුදලක් වැය කිරීමට සිදුවන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.
ඊට හේතු වී ඇත්තේ මහ මැතිවරණයේදී දිස්ත්‍රික් මට්ටමින් වෙන වෙනම ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට සිදුවීම නිසා බව එහි ප්‍රකාශකයෙක් පැවසීය.
මානව රූපී රොබෝවරුන් සහ මිනිස් තරඟකරුවන් කරටකර තරඟ වැදි හාෆ් - මැරතන් තරඟයක් චීනයේ බෙයිජිං නුවරදී පසුගියදා පැවැත්වුණේය.
ලබන වසරේ ඇරඹීමට නියමිත නව අධ්‍යාපන ක්‍රමයේ එක් ඉලක්කයක් ලෙස මෙරට පාසල් අතර පවතින විශමතාවයන් අවසන් කිරීමේ වැඩපිළිවෙළ ආරම්භ කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය
මහනුවර නගරයට ඇදී එන ලක්ෂ සංඛ්‍යාත සැදැහැවතුන්ට ලබා දෙන සහන සහ පහසුකම් වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉ
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද දින අනතුරට ලක් වීමෙන් එහි ගමන් ගත් 08 දෙනකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල
රාගල සිට අම්පාර සියඹලාණ්ඩුව දක්වා ධාවනය වූ බොලරෝ වර්ගයේ කැබ් රථයක් අද (20) දින අනතුරට ලක් වීමෙන් එම කැබ් රථයේ ගමන් ගත් 08 දෙනෙකු තුවාල ලබා නුවරඑලිය දිස්ත්
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පුංචි ඡන්දය ළඟ එයි
කලු ඇල්බට් අයිස්ටයිම් Thursday, 03 October 2024 01:51 PM
පුංචි ඡන්දෙ වියදමත් පුංචිද?