( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට අදාළව ඔහුට මුහුණ දීමට සිදුවූ කරුණු සඳහන් කරමින් ගොනු කළ සංශෝධිත දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය අද (25) පිළිගනු ලැබීය.
බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් මූලික අයිතීන් කඩ කළ බවට චෝදනා කර හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු, පොලිස්පති පූජිත් ජයසුන්දර සහ අමාත්‍ය මණ්ඩලය ඇතුළු පාර්ශව කීපයකට එරෙහිව විවිධ පාර්ශව විසින් ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් අද (25) යළි ශ්‍රේෂ්ඨාධිකරණ සත් පුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ සළකා බැලු අතර එහිදී මෙම දිවුරුම් ප්‍රකාශය පිළිගන්නා ලදී.
මෙම පෙත්සම් සළකා බැලීම අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රසන්න ජයවර්ධන, එල්. ටී. බී .දෙහිදෙණිය සහ මුර්දු ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ කරුණු තහවුරු කෙරිණි .
පූජිත් ජයසුන්දර මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ විරාන් කොරයා මහතා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා කිසිදු අවස්ථාවක පෞද්ගලික මට්ටමින් කිසිදු පාර්ශවයකට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කර නොමැති බවයි.
පාස්කු ඉරුදින සිද්ධියේ දී තමන්ට මුහුණ දීමට සිදුවූ කරුණු ඔහු විසින් මෙම දිවුරුම් පෙත්සම මගින් සඳහන් කර ඇති බව කියා සිටි නීතිඥ කොරයා මහතා මෑතකදී නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරියකු විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කළ බවත් එහි තම සේවාදායකයාට එල්ල කර තිබූ චෝදනා පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා ඔහු විසින් මෙම පෙත්සම හරහා අලුතින් කරුණු ඉදිරිපත් කිරීමට සිදු වී ඇති බව ද අධිකරණය හමුවේ පෙන්වා දුන්නේය.
මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සළකා බැලූ අගවිනිසුරුවරයා ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පොලිස්පති විසින් ඉකුත් 23 වැනිදා ඉදිරිපත් කර තිබෙන දෙවැනි දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැළකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.
තමා සම්බන්ධයෙන් අසත්‍ය , පදනම් විරහිත සහ අපරාධ චෝදනා එල්ල කරමින් ඉදිරිපත් කර ඇති දිවුරුම් ප්‍රකාශ වහා ඉවත් කිරීමට නියෝග කරන්නැයි නීතිපති , ජනාධිපති නීතීඥ දප්පුල ද ලිවේරා මහතා ඉකුත් 04 වැනිදා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණ රීති උල්ලංඝණය කරමින් තමා ඇතුළු වගකිවයුතු පුද්ගලයින්ට අපරාධ චෝදනා එල්ල කරමින් මෙම දිවුරුම් ප්‍රකාශය ඉදිරිපත් කර තිබෙන බව පෙන්වා දුන් නීතිපතිවරයා වැඩිදුරටත් විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ මෙය දේශපාලන වේදිකාවක් නොවන බවයි.
පෙත්සම් අද (25) කැඳවූ අවස්ථාවේදී නීතිපති දප්පුල ද ලිවේරා මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් මෙම පෙත්සම්වල වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින පොලිස්පති පූජිත් ජයසුන්දර විසින් ජුලි මස 17 දා ඉදිරිපත් කළ දිවුරුම් පෙත්සම ඉවත් කරගෙන ඒ වෙනුවට සීමිත විරෝධතා ඇතුළත් නව දිවුරුම් පෙත්සමක් ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත් නඩු දිනයේ ඔහු වෙත නියෝග කළ බව සඳහන් කළේය.
එහෙත් පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇති දෙවන දිවුරුම් පෙත්සම තුළින් ද නීතිපතිවරයාට සහ එම දෙපාර්තමේන්තුවේ නිලධාරින්ට අභූත,පදනම් විරහිත සහ අසත්‍ය චෝදනා රැසක් එල්ල කර ඇති බව සඳහන් කළ නීතිපති ලිවේරා මහතා එම කරුණු පදනම් විරහිත බව ද සඳහන් කළේය.
පොලිස්පතිවරයාගේ එම දිවුරුම් පෙත්සම මගින් නීතිපතිවරයාට පෞද්ගලිකව සහ රාජකාරිමය වශයෙන් අභූත චෝදනා රාශියක් එල්ල කර තිබෙන බවත් එම දිවුරුම් පෙත්සම හරහා නව තොරතුරු ගණනාවක් අධිකරණය හමුවට රැගෙන ඒමට පොලිස්පති කටයුතු කර ඇති බවද නීතිපති කීය.
මෙම ඉල්ලීම පිළිබඳව දීර්ඝ ලෙස කරුණු සළකා බැලූ අගවිනිසුරු ප්රමුඛ සත් පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල පොලිස්පති විසින් ඉකුත් 23 වැනිදා ඉදිරිපත් කර තිබෙන දෙවැනි දිවුරුම් පෙත්සමෙහි මෙම නඩුවට අදාළ වන කරුණු පමණක් අධිකරණයේ සැළකිල්ලට භාජනය කිරීමට තීන්දු කර ඇත.
බදුල්ල දුන්හිඳ අබගහඔය 5 කනුව ප්‍රදේශයේදී ඉකුත දා සිදු බස් අනතුරින් තුවාල ලබා සිටි තවත් සිසුවකු අද මියගිය බව පොලිසිය කියයි.
එළැඹෙන උත්සවය සමය වෙනුවෙන් ලබන ජනවාරි මස 15 වෙනි දින දක්වා දිවයින පුරා වැටලීම් සහ විමර්ශන වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙසට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකා
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට ලැබී ඇති ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර දෙකෙන් අනෙක් මන්ත්‍රී ධූරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ලබා දෙන ලෙස එම පක්ෂය ඉල්ලීමක්
පුරා දින තුනක් තිස්සේ කැණීමට ලක් කරනු ලැබූ වේයන්ගොඩ වඳුරව නිදන් ඇතැයි කියන ස්ථානයෙන් ගොඩ ගැනුණු විවිධ ප්‍රමාණයේ ගල් කුට්ටි විස්සක් විදුම් යන්ත්‍රයක
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහනේ ප්‍රගතිය සම්බන්ධයෙන් කළ තෙවැනි සමාලෝචනය අවසන් කරමින් ශ්‍රී ලංකා බලධාරීන් සහ ජාත්‍යන්තර මූල්
පළාත් පාලන මැතිවරණය ලබන වසරේ මුලදී පැවැත්වීමට තීරණය කර ඇතැයි විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පූජිත්ගේ සංශෝධිත දිවුරුම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය පිළිගනී