(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පටු අරමුණු නිසා දුර දැක්මකින් තොරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුවාල කර ඇති ආකාරය කොතෙකුත් දැකගන්න පුළුවන් බව සමගි ජන බලවේගයේ පත්කළ මන්ත්‍රී ඉමිතියාස් බාකිර් මාකාර් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට පැලැස්තර ඇලවීම් ,ටින්කරින් කිරීම් කොතෙකුත් කර තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
විසිවැනි සංශෝධනය තුළින් ජනාධිපතිට අසීමිත බල කන්දරාවක් ලබා දුන්න අතර මේ බලය සමග ගත්ත වැරදි උද්දච්ච තීන්දු නිසා රටට ඇති වූ වින්නැහිය අද විඳිමින් සිටින බවද බාකීර් මාකර් මහතා පැවසීය.
පාර්ලිමේන්තු සාමාජිකයන් ලෙස අද වගකීම් ඉටුකරන ආකාරය ඉදිරි පරම්පරාව තීන්දු කරනු ඇතැයි සඳහන් කළ මන්ත්‍රීවරයා බොහෝ මන්ත්‍රීවරුන් විවිධ ව්‍යවස්ථා සංශෝධන වලදී ගත්ත ස්ථාවරයන් පරස්පර විරෝධී බවද මේ තත්ත්වය නිසා පාර්ලිමේන්තුව ගැන ජනතා විශ්වාසය බිඳ වැටීම පුදුමයට කාරණයක් නොවන බවද කීය.
දේශපාලන පක්ෂ තම තමන්ගේ වාසියට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සංශෝධන ඉදිරිපත් කරන ආකාරය පෙනෙන්නට තිබෙන බවද එසේ නොමැතිව ජනතා අභිලාෂයන් හඳුනාගෙන ඒවාට අනුව කටයුතු කිරීම නොවේ යැයි ද මන්ත්‍රීවරයා කීය.
19 සහ 20 යන සංශෝධන සියල්ලටම ඒවායේ පරස්පරය දැන දැන අත එසවූ මන්ත්‍රීවරුන් ඒ තීරණ ගත්තේ පක්ෂයේ විනය නිසා බව පාපොච්චාරණය කරන ආකාරය දුටු බවද ඇත්තටම පක්ෂය ඇතුළේ අභ්‍යන්තර ප්රජාතන්ත්රවාදය නොතිබීම සැමගේ සැලකීමට ලක් කළ යුතු කරුණක් යැයිද බාකීර් මාකර් මහතා පැවසීය.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පටු අරමුණු නිසා ව්‍යවස්ථාව තුවාල කරලා
Bamunuarachchi Friday, 21 October 2022 08:04 PM
මේ බලය සමග ගත්ත වැරදි උද්දච්ච තීන්දු නිසා රටට ඇති වූ වින්නැහිය අද විඳිමින් සිටින බවද බාකීර් මාකර් මහතා කියනවා. වනල ගහන්නේ නැතුව රටට ඇති වූ වින්නැහිය කියන්නකෝ? අපි දන්නේ අසීමිත බල කන්දරාව නිසයි ඔහෙලගෙ අනුමැති ගන්න හිතන්නේ නැතිව යුද්දය පිලිබඳ තනි තීන්දු අරගෙන කොටි පරාජය කලේ.
Aruma Saturday, 22 October 2022 08:41 AM
Your father was also responsible for this.