(යොහාන් භාසුර)
පෙට්‍රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.
ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 12 කින්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 2 කින්, ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් සහ සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3 කින් පහළ දැමූ බව එම සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් මිල පෙර මිලේම තව දුරටත් පවතින බව එම සංස්ථාව කීය. ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 332 ක්, ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 377 ක්, ලංකා සුදු ඩීසල් ලීටරයක නව මිල රුපියල් 307 සහ සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 352 ක් බව ද එම සංස්ථාව සඳහන් කළේය.
භූමිතෙල් ලීටරයක මිල රුපියල් 202 ක් ලෙස තව දුරටත් පවතී.
යුද හමුදා සෙබලුන් රැගත් බස් රථයක් සහ ලොරියක් මුහුණට මුහුණ ගැටීමෙන් බස් රථයේ රියදුරු ඇතුළු යුද හමුදා සෙබළුන් 22 ක් තුවාල ලබා රෝහල් ගත කළ බව කිරිඳිවැල පොල
මාලිමාවට මෙවර පළාත් පාලන මැතිවරණයේදී බොහෝ තැන්වලින් බහුතරයක් නොලැබෙනු ඇතැයි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිරිකොත එක්සත් ජාතික පක්ෂ මූලස්ථ
ලක්ෂ 26ක් වංචා කළ වරදට අවුරුදු 16ක සිර දඬුවමක් ලැබුණා නම් සමහරුන්ට ඉදිරියේදී නියම වන දඬුවම් මේ ආත්මයේ ගෙවා නිම කරන්නට බැරි වනු ඇතැයි ජනාධිපති අනුර කුමාර ද
ෆ්‍රැන්සිස් පාප් වහන්සේ පාස්කු සඳුදා අද(21) ස්වර්ගස්ථ වූ බව වතිකානය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කළේය.කැසා සැන්ටා මාර්ටාහි පාප්වහන්සේගේ නිවහනේදී ෆ
පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් කළ නාම යෝජනා පත්‍ර ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනු කර තිබූ පෙත්සම් 60 ක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය න
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
පෙට්‍රල් - ඩීසල් මිල බස්සයි
Kazi Shajahan Sunday, 01 September 2024 09:04 AM
ගෝඨා දුන්නේ පෙට්‍රල් රුපියල් 156, තව අඩුකරන්න ඕනෑ. තාමත් ගොඩක් වැඩියි.
Dasa P Sunday, 01 September 2024 09:31 AM
ටැංකිය පුරවන් ගිහින් අනුරව දිනවමු.
පැරකුම් Sunday, 01 September 2024 09:37 AM
මිළ අඩුකිරීමට හේතුවක් දී නැත. එසේ නම් ඡන්ද ගුණ්ඩුවක් බව සිතා ගනිමු.
Kumasaru Sunday, 01 September 2024 11:27 AM
හරි ශෝක්... නමුත් ඡන්දෙ දෙන්නේ නැහැ හොඳේ...!
sam Sunday, 01 September 2024 12:26 PM
මෙන්න තවත් ඡන්ද ගුණඩුවක්. ජනතාවනි, මේවට අහුවෙන්න එපා... බැරිවෙලාවත් රටයි, ජාතියයි කරුමෙට මෙයාලා දිනුවොත් එදාම ඉඳලා දෙගුණයකින් වැඩිකරාවි. මේවා තමයි මේගොල්ලෝ අවුරුදු 75ක්ම කළේ... ඉතින් මේවට තවත් අහුවෙන්න එපා...