IMG-LOGO

2024 සැප්තැම්බර් මස 25 වන බදාදා


පෙට්‍රල්- ඩීසල් වෙනුවට හරිත හයිඩ්‍රජන් භාවිත කරන්න යයි

(අංජුල මහික වීරරත්න)

සංවර්ධනය උදෙසා හරිත හයිඩ්‍රජන් තාක්ෂණය ක්‍රියාත්මක  කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

හරිත හයිඩ්‍රජන් වල අගය එකතු කළ නිෂ්පාදනයක් වන හරිත ඇමෝනියා, දීර්ඝ ගමනාන්තයන් වෙත ගැඹුරු මුහුද හරහා බල ශක්තිය ප්‍රවාහනය කිරීම සඳහා සාම්ප්‍රදායික පොසිල ඉන්ධන වෙනුවට භාවිත කළ හැකි පරිසර හිතකාමී විකල්පයක් ලෙස හඳුනා ගෙන ඇත. 

බලශක්ති ප්‍රවාහනය සඳහා යොදාගත හැකි වාණිජ හරිත ඇමෝනියා සඳහා වන ඉල්ලුම ගෝලීය වෙළෙඳපොළේ  සැලකිය යුතු ලෙස වර්ධනය වෙමින් පවතින බව රජය පවසයි.

එම ඉල්ලුම 2030 වන විට ටොන් බිලියන ගණනක් දක්වා ඉහළ යනු ඇතැයි ද පුරෝකථනය කර තිබේ. ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්ති සම්පත් වලින් බහුල වීම සහ නැගෙනහිර - බටහිර නාවික මාර්ගයට ආසන්නයේ පිහිටීම වැනි සුවිශේෂ භූගෝලීය වාසි හේතුවෙන් හරිත බලශක්ති නිෂ්පාදකයෙක්, අපනයනකරුවෙක් සහ බලශක්ති කලාපීය කේන්ද්‍රස්ථානයක් වශයෙන් ස්ථාපනය වීම සඳහා වැඩි අවස්ථාවක් පවතින බව රජය කියයි .

ඒ අනුව හරිත හයිඩ්‍රජන් / ඇමෝනියා නිෂ්පාදනය සම්බන්ධයෙන් ඉදිරිපත් වන පුද්ගලික අංශයේ ආයෝජන යෝජනා ඇගයීමට ලක් කර අමාත්‍ය මණ්ඩලය වෙත නිර්දේශ ඉදිරිපත් කිරීම පිණිස අදාළ ආයතනවල නියෝජනයන්ගෙන් සමන්විත ව්‍යාපෘති කමිටුවක් පත් කිරීම පිණිස ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

 



අදහස් (2)

පෙට්‍රල්- ඩීසල් වෙනුවට හරිත හයිඩ්‍රජන් භාවිත කරන්න යයි

Perera Thursday, 11 July 2024 09:46 AM

කතාව බෙන්ස් එකෙන්, හැබැයි ගමන කකුල් දෙකෙන්

:       4       20

Chandima Thursday, 11 July 2024 09:48 AM

ඔන්න ඒ පාර අලුත් foxwaan පාරක් බලන්න පුළුවනි

:       4       17

ඔබේ අදහස් එවන්න

දියත

උකුසු - බඹර ගැටුම එප්පාවල විදුහලක් වහයි
2024 සැප්තැම්බර් මස 25 11 0

එප්පාවල ශ්‍රී රාහුල ප්‍රාථමික විද්‍යාලයට යාබද, ගුරු නේවාසිකාගාර ගෙවත්තක අඹ ගසක තිබූ බඹර වදයකට උකුස්සකු ප්‍රහාර එල්ල වී එහි සිටි බඹරුන් ඇවිස්සී යාම හේ


බංගදෙණියේදී කාර්යාල දුම්රියක් නවතී
2024 සැප්තැම්බර් මස 25 148 0

කොළඹ සිට පුත්තලම බලා ධාවනය වන දිනපතා කාර්යාල දුම්රිය අද (25) බංගදෙණිය - මානුවන්ගම මුක්කන්දළුව ප්‍රදේශයේ කාර්මික දෝෂයකට ලක්වී තිබේ.


පොලීසියට අල්ලස් දෙන්න ගිහින් අමාරුවේ වැටෙයි
2024 සැප්තැම්බර් මස 25 393 0

ලොරි රථයක් අත්පත් කර ගැනීම සඳහා පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට පැමිණ විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපතිවරයාට රුපියල් 5000ක අල්ලස් දීමට ගිය බව කියන පෞද්ගලි


ආරවුල මරණයෙන් කෙළවර වෙයි
2024 සැප්තැම්බර් මස 25 798 0

ජනාධිපතිවරණයේ ප්‍රචාරණ රැස්වීමකට ගොස් මත්පැන් පානය කර නිවසට පැමිණෙමින් සිටි කීපදෙනෙකු අතර ඇතිවුණු ආරවුලක් දුර දිග යාමෙන් එක් පුද්ගලයෙකුට මොට යුධයක


අවුරුද්දේ දියණිය මැරී යැයි මව අත්අඩංගුවට
2024 සැප්තැම්බර් මස 25 882 0

අවුරුද්දයි මාස පහක් වයසැති තම දියණියගේ නාසය තදකර ඝාතනය කළ බව කියන මවක අත්අඩංගුවට ගත් බව ගලහ පොලිසිය පවසයි.


අදත් වැසිවාර කිහිපයක්
2024 සැප්තැම්බර් මස 25 68 0

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 36705 19


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 24272 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 180 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 548 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 230 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site