
(ෂේන් සෙනෙවිරත්න)
එක්සත් ජනරජ පෙරමුණ නමින් නව දේශපාලන පක්ෂයක් එළඹෙන මැයි මස 22 වැනි දින ආරම්භ කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.
ඒ බව දැනුම් දෙමින් එහි ප්‍රතිපත්ති ප්‍රකාශනය මල්වතු මහා නා හිමියන්ට පිළිගැන්වීමද ඒ මහතා අතින් සිදු කෙරුණි.
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායමක් අද පෙරවරුවේ මල්වතු මහා විහාරයට පැමිණ තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මල්වතු පාර්ශවයේ මහනායක හිමියන් බැහැදැක උන්වහන්සේගේ ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව ඒ බව දැනුම් දුන්නේය.
එහිදී මහා නායක හිමියන් හමුවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පවසා සිටියේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් මේ රටේ ජනතාවට කළකිරීමක් ඇතිව බවත්ය . එම සාම්ප්‍රදායික දේශපාලනය ගැන කලකිරී ඇති මේ රටේ උගතුන් වියතුන් රට හැර යන තත්වයට පත්ව තිබෙන බවද පැවසීය.
බංකොලොත් භාවයට පත් වූ ඇතැම් රටවල් වසර දෙකක් තුනක් වැනි කාලයකදී නැවත යථා තත්වයට පත්වූ අවස්ථා තිබුණත් ඇතැම් රටවල් නැවත යථා තත්වයට පත්වීමට දශක ගණනාවක් ගත වූ බවත් එසේ කෙටි කාලයක් තුළදී රට නැවත යථා තත්ත්වයට පත්වීමට අවශ්‍ය ක්‍රමවේදය සකස් කිරීමට රටේ එකමුතු භාවයත් වැඩ කළ හැකි පළපුරුද්ද ඇති සබුද්ධික වෘත්තීයවේදීන් අතට මේ රට පත් විය යුතු බවද පැවසීය.
මෙරට රාජ්‍ය බැංකු සහ පෞද්ගලික බැංකු ඔවුන්ගේ තැන්පත් මුදල් වලින් 50% කට ආසන්න ප්‍රමාණයක් රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවත් එම මුදල් ආපසු ගෙවීමට නොහැකි තත්වයක් ඉදිරියේ දී රජයට ඇති විය හැකි බව ද පැවසීය . එසේම මෙරට වැඩ කරන ජනතාවගේ අර්ථ සාධක අරමුදල් ද රජයට ණය වශයෙන් ලබාදී තිබෙන බවද පැවසීය.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
පාඨලී එක්සත් ජනරජ පෙරමුණෙන් එයි
ලුම්බිණි Monday, 15 May 2023 03:03 PM
රට බංකොළොත් වෙලා වගේම මොන පක්ෂෙන් ආවත් ඒ එන කට්ටියත් බංකොලොත් වෙලා නේ....
Hafeel Monday, 15 May 2023 04:25 PM
ඉතින් ඔයාත් සාම්ප්‍රදායික දේශපාලකයක් තමයි. රිය අනතුරක් සිදුකළ බවට දැනට නඩුවකුත් විභාග වෙනවා.
Nimal jayasiri Tuesday, 16 May 2023 01:57 AM
සරමක් අඳින කෙනෙකුට ජිහාඩි කොල්ලෝ කවදාවත් කැමති වෙන්නේ නැහැ
Kulr Monday, 15 May 2023 04:48 PM
කිරෙන් බැද්දත්, තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමයි. කැලේ මාරුවුණාට පුල්ලි මාරු වුණෙත් නෑ...
දාස Monday, 15 May 2023 04:50 PM
මේ මල විගඩම්...
NIMAL Monday, 15 May 2023 06:10 PM
සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ සම්බන්ධයෙන් නොව මේ රටේ ජනතාවට වර්තමානයේ සිටිනා බහුතරයක් දේශපාලකයින් පිළිබඳව කළකිරීමක් ඇත. මේ චම්පිකගේ කීවෙනි පක්ෂයද? 43 වැනි සේනාංකයට මොකද වුනේ...?
Mohandas Monday, 15 May 2023 07:37 PM
මෙයා සල්ලාලයෙක්.., මෙයාට මොන පක්ෂයක්ද, ගෙදර ගිහින් පොරවාගෙන නිදාගන්නවා මිසක්, මොවුන් ඔක්කොම ඉන්නේ ජනාධිපති, අගමැති සිහිනවල...
Bamunuarachchi Monday, 15 May 2023 08:57 PM
මොකෙන් ආවත් පාඨලී පාඨලීම තමයි. මෑන් අර ළමයෙක් හප්පා සදාකාලික අබ්බගාතයෙක් කරපු නඩුවට මොකද වුනේ...? මිනිහා කව්ද කියලා අපි ඒ සිද්ධියෙන් දැනගත්තා...
sundara Tuesday, 16 May 2023 01:50 AM
වැඩක් කරන්න පුළුවන් දැනුමක් හා උගත්කමක් ඇති කෙනෙක් . නමුත් ලොකු ඉගෝ එකක් තියෙන නිසා කණ්ඩායමක් ලෙස වැඩකරන්න බැහැ . එනිසාම අර ෆොන්සේකා වගේම දේශපාලන කුණු බක්කියට වැටෙන තවත් කෙනෙක් . පක්ෂ මාරුකරපු වාරගණන මෙයාටත් මතක නැතිව ඇති.
ashok Tuesday, 16 May 2023 07:38 AM
මෙම පක්ෂයේ නම එක්සත් ඡනපද පෙරමුණ යනුවෙන් සංශෝධනය විය යුතුයි;
Wasa Tuesday, 16 May 2023 07:44 AM
එක්සත් පුක ජන පෙරමුණ