IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


පාඨලිගේ සහය සජිත්ට

(යොහාන් භාසුර)

එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා මහ එම පක්‍ෂය ඉදිරි ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට සහාය පළකිරීමට තීරණය කර තිබේ.

පාඨලී චම්පික රණවක මහතා ප්‍රමුඛ එම පක්‍ෂය තලවතුගොඩදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (14) පෙරවරුවේ නිල වශයෙන් ප්‍රකාශ කළේය.

රට තුළ සාමය සහ සමගිය අගය කරන පක්‍ෂයක් ලෙස එක්සත් ජනරජ පෙරමුණ විපක්‍ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා තෝරාගත් බව ද එහිදී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.

 



අදහස් (20)

පාඨලිගේ සහය සජිත්ට

Kazi Shajahan Wednesday, 14 August 2024 05:15 PM

සජිත්ට ලැජ්ජාව කියලා ගෑවිලාවත් නැහැ. කොකා පෙන්නපු මිනිස්සුම ආයෙත් ළං කරගෙන. පාඨලීට ඊළඟ වතාවේ පාර්ලිමේන්තුවට පොටක් පාදාගත්තා...

:       6       33

Kumara Wednesday, 14 August 2024 05:17 PM

උස නම් සිකුරිටි...!

:       6       32

අතුල Wednesday, 14 August 2024 05:18 PM

සජිත්ගේ පක්ෂෙන් ඡන්දෙ ඉල්ලලා, සජිත් එක්කම ඉඳලා, සජිත්ගේ වැරැදි කිය කියා එළියට ගිහින් වෙන පක්ෂයක් හදලා, ජනාධිපතිවරණයට ඉල්ලනවයි කියලා, සජිත්ටම එකතු වුණා කියන්නකෝ. ලැජ්ජාවේ බෑ පාඨලී...

:       3       49

සමන් Wednesday, 14 August 2024 06:36 PM

අතුල ඔබ හරියටම හරි. හැබැයි මෙයින් පෙනෙන්නේ ගියවර සචිත් ගත් ලක්ෂ පනස් පහ එසේම ඔහු සමග තියෙන බවත් ජයග්රහනය සඳහා ගතයුත්තේ තව ස්වල්පයක් පමණක් බව නේද?

:       18       6

Pradeep Wednesday, 14 August 2024 11:46 PM

රනිල් අගමැති හිටියේ ස්ජිත් එක්ක කියලා අමතකද? සාම්ප්‍රදායික unp ඡන්ද අඩුම ගානේ 40%ක් රනිල්ට...!

:       0       0

රංබොඩ Wednesday, 14 August 2024 05:28 PM

රයිගමයයි ගම්පොළයයි යාලුවෝ...

:       4       18

Saththaya Wednesday, 14 August 2024 05:52 PM

කොහොමත් හිතුවේ නැහැ බුද්ධිමත්, අවංක යයි නම් කරපු අය බල පෙරෝතයෝ ගාවට යයි කියලා. ලැජ්ජයි...!

:       2       17

Manjula Pradeep Wednesday, 14 August 2024 06:16 PM

රාජපක්ෂවරුන්ට බැණ බැණ ප්‍රතිපත්ති ප්‍රකාශනයකුත් හදාගෙන හැමෝන්ටම දීලා බලාගෙන හිටියේ කවුරු හරි පක්ෂයකින් උස්සගෙන ගිහිල්ලා ජනාධිපති අපේක්ෂකත්වය ලබාදීලා ජනපති කරන්න උදව් කරයි කියලා අන්තිමට වටේම කරකැවිලා බැරි වුණු තැන සජිත් ගාවටම ලැජ්ජ නැතුව ගියා... මීට වැඩිය හොඳ දේශපාලනයක් කරන්න තිබුණා... තමන්ගේ බුද්ධිය පාවිච්චි කරලා අනිත් අයට විදියට බැන බැන ඉන්නේ නැතුව ප්ති‍රපත්ති ගැන විතරක් වැදගත් විදියට කතා කරානම්

:       1       14

මහසෙන් Wednesday, 14 August 2024 06:25 PM

ලාංකීය දේශපාලනයේ, මේ වගේ අවස්තාවාදී සහ කෙටිමාර්ග වලින් උඩට යන්න හදපු මනුෂ්‍යයෙක් ඉන්නවාද? වීර විදහන, හෙළ උරුමය හරහා ආ ගමනේ අවසානේ සජී බබා ළඟ ඉඳලා ස්වාධීන වුනේ වෙනම ගමනක් යන්න නේද? වන් මෑන් ශෝ ගහන කෙනාට ආයෙත් වන් මෑන් ශෝ ගහන කෙනාම සෙට් වුණා. දෙන්නාම කතාවෙන් මහා ප්‍රතිපත්තිගරුක මිනිස්සු ලෙසනේ පෙනී ඉන්නේ. ඔන්න ලංකාවේ දේශපාලනයේ හිරිකිත බව පෙන්වන තව ඩබලක්... මේ පාර සජී බබාගේ කනෙන් නොවේ මෙයා රිංගන්නේ...

:       1       13

Manjula Pradeep Wednesday, 14 August 2024 06:27 PM

මෙතුමගේ ඉතිහාසය ගැන කියනවා නම් ජේවීපී එකේ ඉඳලා ජනතා මිතුරෝ කියලා එකක් හදාගෙන ජේවීපයකට විරුද්ධව වැඩ කරා... ඊට පස්සේ සිංහල උරුමයෙන් ඡන්දේ ඉල්ලලා අනිත් එක්කෙනෙකුටවත් ආසනය ටික කලකටවත් දෙන්නැතුව බදාගෙන හිටියා.. ඊට පස්සේ මහින්දගේ ආණ්ඩුවේ හොඳම තනතුරු අරගෙන ඒ මනුස්සයාට පිහියෙන් ඇනලා මෛත්‍රී පහළ ගාවටත් පස්සේ රනිල් ගාවටත් හේත්තු වුණා. රනිලුත් මෙයා ගැන හොඳ විශ්වාසයෙන් යුතුව කටයුතු කරද්දී මනුස්සයාටත් පිහියෙන් ඇනලා සජිත් ගාවට ගියා... ඊට පස්සේ සජිත්ටත් ඒ දේම කළා.

:       1       17

sugath Wednesday, 14 August 2024 06:29 PM

සජිත්ට සහාය දෙන්ට ඕනේ නම් වෙනම පක්ෂයක් හදා ගත්තේ මොනවාටද? මේවා ඔක්කොම තම තමන් ගොඩ යන්ට ගහන ප්ලෑන්...

:       2       17

සාලිය Wednesday, 14 August 2024 06:33 PM

මහා බුද්ධිමතෙක් වගේ පෙන්නුවට, කරන්නේ මහදැන මුත්තගේ වැඩක්. පුතානෝට රට කරන්න, රට ගොඩගන්න පුළුවන් කියලද කියන්නේ? මේකා නම් අවස්ථාවාදියෙක්ම තමයි.

:       3       18

ගමේ එකාලා Wednesday, 14 August 2024 07:01 PM

වෙන කාගේ කරේ ගිහින් එල්ලෙන්ඩද? හෙළ කරුමේ මිසක්?

:       1       12

නාමල් Wednesday, 14 August 2024 07:09 PM

මේ මොන ජෝක්ස් එකක් ද මේ...? එකට හිටපු අයම ආයේ එකට ඉන්නවාලු..

:       1       11

Rata Perata Wednesday, 14 August 2024 07:12 PM

ඇත්තටම මේ අය රෙදි ඇඳගෙන ඉන්නේ ලැජ්ජාවට වෙන්න නම් බෑ...

:       1       14

යෝගා Wednesday, 14 August 2024 07:16 PM

අගමැති හීනේ තදින්ම දැනිලා. හැබැයි කවදාවත්ම ඔය හීනේ හැබෑ වෙන්නේ නෑ. හේතුව අවස්ථාවාදීකම.

:       1       11

sunil Wednesday, 14 August 2024 11:01 PM

මෙයා හොඳයි ලී වල පාට ගාන්නට...!

:       0       0

siri Thursday, 15 August 2024 04:46 AM

ජනාධිපතිකම ගන්න කෙටි මාර්ග හොයාලා බැරිවුණු තැන පෙරතැනටම ආවා. නැතිනම් එන පාර්ලිමේන්තු ඡන්දයෙන් ගොඩ එන්න විදිහක් නැති නිසා...

:       0       0

Saman Thursday, 15 August 2024 06:50 AM

අපේ රට 2015 බොරු කියලා යහපාලනේ ගෙනත් විනාශ කළේ මෙයා තමයි...

:       0       0

Upali Thursday, 15 August 2024 11:58 PM

දාර්ශනික අදහස් දරපු මොල කාරයෙක් මෝඩ මනුස්සයෙක්ට සහය පල කිරීම... අනේ මන්දා මේ රට... කොහොමද ඉතින් රටකට යන කලක්...?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

ශිෂ්‍යත්ව පේපරේ පිට කළ අධ්‍යාපන ලොක්කා රිමාන්ඩ්
2024 සැප්තැම්බර් මස 23 13 0

පහ වසර ශිෂ්‍යත්ව විභාගය ප්‍රශ්න තුනක් කලින් පිට කිරිම සම්බන්ධයෙන් අත් අඩංගුවට ගත් ජාතික අධ්‍යාපන ආයතනයේ සැලසුම් හා මෙහෙයුම් අධ්‍යක්ෂවරයා ලබන 7 වැනි ද


අනුරට කතානායකගෙන් සුභ පැතුමක්
2024 සැප්තැම්බර් මස 23 264 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අභිනවයෙන් තේරි පත්වූ අනුර කුමාර දිසානායක මහතාට සිය සුබපැතුම් පළ කරන බව පාර්ලිමේන්තුවේ කතානායක මහින්ද ය


ලංකාව චීනය අතර සබඳතා ශක්තිමත් වෙයි
2024 සැප්තැම්බර් මස 23 362 0

ශ්‍රී ලංකාවේ නවවැනි විධායක ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා තේරී පත්වීමත් සමග ශ්‍රී ලංකාව සහ චීනය අතර සබඳතා තවත් ශක්තිමත් වනු ඇති බවට චීන විශ


නව ජනපති මහනාහිමිවරුන් බැහැ දකියි
2024 සැප්තැම්බර් මස 23 3224 1

නව ජනපති අනුර කුමාර දිසානායක මහතා දිවුරුම් දිමෙන් අනතුරුව මහනුවරට ගොස් දළදා සමිදුන් වැද පුදා ගත්තේය.


ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමීයි
2024 සැප්තැම්බර් මස 23 1198 1

ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරණය ඉතාමත් සාමකාමී බවත්, ඡන්දය ප්‍රකාශ කිරීම, ගණන් කිරීම, ප්‍රතිඵල නිකුත් කිරීම සහ සිදුවුණු බලහුවමාරුව ඉතාමත් සාමකාමී අයුරින්


ඉතිහාසයේ බිහිවූ සාමකාමීම ජනාධිපතිවරණයයි
2024 සැප්තැම්බර් මස 23 1169 3

පශ්චාත් මැතිවරණ සමයේදී කිසිදු පැමිණිල්ලක් මේ දක්වා වාර්තා වී නොමැති බව මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පවසති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 23013 17

අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 22870 10



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 122 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 365 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 182 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site