IMG-LOGO

2024 නොවැම්බර් මස 16 වන සෙනසුරාදා


පඩි ගැන ඇහුවැයි ජවිපෙ මන්ත්‍රීවරු සභාවෙන් යති

(සනත් ගමගේ )

ජනතා විමුක්ති පෙරමුණේ  සභිකයින් ගේ වැටුප් සම්බන්ධව ඇතිවූ සංවාදයක් හේතුවෙන් ජනතා විමුක්ති පෙරමුණ සභිකයෝ  අද (14) අම්බලන්තොට ප්‍රාදේශීය සභාවෙන් පිටව ගියහ.

ප්‍රාදේශීය සභාවේ සිටින ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරුන් පස් දෙනා සභාවේ දීමනාව ලබා ගත්තාද එසේනම් මේ ලබාගත් මුදල කොපමණද ලබා නොගත්තානම් සභාවේ ඉතුරු මුදල ප්‍රමාණය කොපමණ එක්සත් ජාතික පක්ෂයේ නියෝජනය කරන සභික චන්ද්‍රකුමාර මහතා ප්‍රශ්නයක් ඉදිරිපත් කළේය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරන මන්ත්‍රීවරුන් පස් දෙන්න  සභාව පැවති සියලුම කාලසීමාවේදීඅදාල දීමනාව ලබා ගත් බවඅම්බලන්තොට ප්‍රාදේශීය සභාවේ  වැඩබලන සභාපතිහේමචන්ද්‍ර ඉලේසිංහ මහතා පැවසීය

සභාපතිවරයාගේ ප්‍රකාශය ප්‍රකාශයට පත් කරනවාත් සමගම ජනතා විමුක්ති පෙරමුණේ සභාවට පැමිණ සිටි මන්ත්‍රීවරුන් තිදෙනා දැඩි ලෙස වාග් ප්‍රහාරයක් එල්ල කරමින් මේ සම්බන්ධව අදහස් පළ කිරීමට අවශ්‍ය බව කියා සිටියේය.

මන්ත්‍රීවරයෙක් ඉතිරි ඉදිරිපත් කර ප්‍රශ්නයකට සභාපති වරයා පිළිතුරු ලබා දීමෙන් පසුඒ සම්බන්ධව ප්‍රකාශයක් කිරීමට නොහැකි බව රීති ප්‍රශ්නයක් මතුකරමින්සභාවේ අනෙකුත් මන්ත්‍රීවරුප්‍රකාශ කළ විටසභාව උණුසුම් උණුසුම් විය.

ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින්සභාවට පැමිණ සිටි විපුල විජේදාසධම්මික රාජපක්ෂ ප්‍රියංකා ඩැනියෙල් යන සභිකයින් තිදෙනාසමාගමෙන් පිටව ගියහ.

එම තිදෙනා සභා ගැබෙන් පිටව ගිය පසුසභාව සුපුරුදු පරිදි පැවැත්විය.



අදහස් (21)

පඩි ගැන ඇහුවැයි ජවිපෙ මන්ත්‍රීවරු සභාවෙන් යති

Lal Tuesday, 14 February 2023 01:40 PM

ජේවීපී මෝඩයො

:       34       25

සෙනෙවිරත්න Tuesday, 14 February 2023 03:20 PM

මෝඩකම් කරලා කරලා මදිවෙලා... බුද්ධියක් තියෙන අයවත් ඒ ගොඩටම දාගන්න එපා.. ⁣මේ මහත්මයා වගේ අය මෝඩ නැති නිසා අද අපට රෝහලකට ගියාම ඕනෑතරම් බෙහෙත්, අඬගහලා ශල්‍යකර්ම කරනවා. තෙල් ඕනෑතරම්, අනේ මහත්තයෝ ඔයාලා කරපු ගොන්කම් නිසා පරම්පරා හතකට දුක උරුම වෙලා, තවත් කියවන්නේ නැතිව ඉන්නවාද?

:       2       4

BamunuarachchiThursday, 16 February 2023 05:57 PM

හොරුන්ට දඬුවම් දෙන්න නේද 2014 යහපාලකයින්ට බලය දුන්නේ. කෝ හොරු ඇල්ලුවේ නැහැනේ? ඒ කාලේ ජෙප්පොත් රතු අලි වුණා මතකද?

:       1       1

Sanath Tuesday, 14 February 2023 02:01 PM

පඩි ගැන අහපු ප්‍රශ්නයට උත්තර දෙන්න අවස්තාවක් නොදීමට විරෝධය පා පිටව ගියා යනුවෙන් නිවැරදි විය යුතුයි.

:       21       65

BamunuarachchiWednesday, 15 February 2023 10:34 AM

ඔබ ගෙදර උනදැට විස්තරේ කියන කොට ඔය විදිහට කියන්න. නැතිනම් ශෝකයට ලයපැලෙයි

:       4       3

චන්දන Tuesday, 14 February 2023 02:04 PM

අහපු ප්‍රශ්නය ට උත්තර ලැබුනද.

:       2       20

Dr. Vajira Fernando Tuesday, 14 February 2023 02:08 PM

ජවිපෙ මංත්‍රීවරු තමන් ගේ වැටුප පක්‍ෂයේ අරමුදලකට බැර කර ඒ මුදල් වලින් සහන සේවා වල නිරතවන බව නොදන්නේද​? සුනාමියෙන් දකුණු නැගෙනහිර ප්‍රදේශ විනාශයට පත් වූ වෙලාවේ එම ප්‍රදේශවල ජනතාවට මාස ගනනක් යනතුරු ආහාර පාන​, බෙහෙත් ආදිය ලබාදෙමින් රැක බලාගත්තේ එම අරමුදල් වලින්. විනාශ වුනු ගාල්ල බස් නැවතුම නැවත ඉදි කළා. මුහුදුබඩ දුම්‍ රිය මාර්ගය ප්‍රතිසංස්කරණය කළා. ඒවා අමතකද​?

:       49       55

HEETuesday, 14 February 2023 03:14 PM

සිනහව හොඳම බෙහෙතයි.

:       1       1

සිරිසේන Tuesday, 14 February 2023 03:17 PM

ඒ වගේම සුනාමි මුදල් වංචා චෝදනාවට ලක් වූ කෙනෙකු ජනපති කරලයි නතර වුණේ...

:       1       4

යෝගා Tuesday, 14 February 2023 03:32 PM

ඇත්තද? අරමුදලේ ඉතුරු සල්ලි වලින් වෙන්නැති අයර්ලන්තේ ගෙවල්, නාරාහේන්පිට බිල්ඩින් එහෙම ගන්න ඇත්තේ...

:       4       1

මල්කාන්ති Tuesday, 14 February 2023 03:34 PM

පළාත් පාලන ආයතන සඳහා වැටුප් නැහැ. තියෙන්නේ දීමනාවක් පමණයි. ඉතින් සභාවේ අහලා තියෙන්නේ මොනා කළාද කියලා නොවෙයි.. මාසික දීමනා ගත්තාද කියලා. ඉතින් ඒවා ඔවුන්ගේ පරිභෝජනය සඳහා ගත්තත් පක්ෂයේ වැඩට ගත්තත් ඔවුන් ඒවා අරගෙන තියෙනවා. එහෙම තියෙද්දී ගත්තේ නැහැ කියන්න බැහැ. මොකද රජයේ මුදල් පක්ෂ නඩත්තු සඳහා ගෙවන්න බැහැ. ඇත්ත තත්වය ඕක තමයි.. මෙහෙම අබමල් රේණුවක තරමින් නොවටිනා ප්‍රශ්නයක් නිසා... සභාව මගහැර ගියා නම් ඔවුන්ට බලයක් ලැබුණොත් මොනවා කරයිද? බලය ගන්නවා කියන්නේ ටෙලිනාට්‍යයක හෝ චිත්‍රපටයක් රඟපානවා වගේ එකක් කියලා සමහරක් ආච්චිලා නම් හිතාගෙන ඉන්නවා...

:       3       2

athuraTuesday, 14 February 2023 04:10 PM

එතකොට ඒ මිනිස්සු කන්නෙ බොන්නෙ නැති දරුපවුලක් නැති අඩුමගානේ දෙමවුපියෙක්වත් රැක බලා නොගන්න උදවියද?

:       12       20

chandanaTuesday, 14 February 2023 04:17 PM

අනේ සංසාරේ .ගාල්ල බස් නැවතුම්පොළ ජේ.වී.පී වලින් හැදුවා ,අනේ යන්න මෙයා කෙබර නැතුව .ජවිපෙ තමයි කොල්ල කෑවේ .දුම්රිය මාර්ග සහ සහන සේවා රජයෙන් කලේ.අනේ මන් දන්නේ නෑ අන්දන්න නම් දක්ශයි .දන්නෝ දනිති

:       22       23

de silva berlin Tuesday, 14 February 2023 03:20 PM

හොරකම්, කොමිස් ගහන්නේ නැතිව, නීත්‍යානුකූලව ලැබෙන වැටුප අරන් උපරිම සේවයක් ජනතාවට ලබාදුන්නාම ඇති වැරැද්ද කුමක්ද? වැටුප නැතිව ඔවුන් ජීවත් වෙන්නේ හොරකම් කරලාද? වැටුප් ගන්න හොඳ ප්‍රධාන පක්ෂ දෙකේ මිනිස්සුන්ට පමණද?

:       1       1

ජයන්ත Tuesday, 14 February 2023 03:41 PM

පඩිය ගත්තහම මොකද. ඒක ඒයාලට හිමි දේ. හොරකමක් කරල වගේ නිවුස් එකක්නි මේක. අනිත් කාරණය ඔහුන්ට සභාවේ පිළිතුරු දීමට අවස්ථාවක් නොදුන් බව නිවුස් එකේ හිතා මතාම අයින් කරලා තියෙනවා. පිලිතුරු දීමට අවස්ථාවක් නොදීම නිසා තමයි එයාල පිටවෙලා ගියේ.

:       13       28

sachith Tuesday, 14 February 2023 03:42 PM

චන්දෙ කල් යයි වගේ .මේවගේ ඒවා පස්සේ දාන්න ඉතුරු කරලා තියාගන්න

:       7       14

Sumith Tuesday, 14 February 2023 05:42 PM

ඕක තමයි සැබෑ තත්ත්වය....

:       0       0

Bamunuarachchi Wednesday, 15 February 2023 10:31 AM

සතේකට විස්වාස කරන්න බැරි පට්ට හොරු

:       5       2

වර්ණකුලසූරිය Wednesday, 15 February 2023 06:27 PM

සුනාමි හොරා... බැංකු හොරා, සීනි බදු හොරා, අශුචි පොහොර නැව් හොරා සහ රට නන්නත්තාර කරපු හොරු රැළ විශ්වාස කළහැකි පට්ට හොරුන් වශයෙන් සළකන කාලකන්නිද රටේ නැතුවාම නොවේ...

:       0       2

[email protected]Thursday, 16 February 2023 05:53 PM

ඔය ඔක්කොම හොරකම් සමග රටට වැඩක් කළේ මහින්ද... 1977න් පස්සේ මහින්ද තරම් රටට වැඩකළ කෙනෙක් කියන්න බලන්න. මොනවද ඔට්ටු කියන්න බැහැ... ඒ අය කළේ. 1971, 1989, 2022 කාලේ බස් ගිනිතිබ්බා, මිනීමරුවා, ගෙවල් ගිනිතිබ්බා, බැංකු මංකොල්ල කෑවා... බලමු උත්තර දේවිද කියලා...

:       1       0

Jude perera Friday, 17 February 2023 05:57 AM

රනිල් රාජජක්ෂ ජුදාස් වෙලානේ... හොරු කොහේ අල්ලන්නද?

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

වියදම් වාර්තාවෙන් කට්ටි පනින අපේක්ෂකයන්ට මැකෝගෙන් නඩු
2024 නොවැම්බර් මස 16 484 0

මැතිවරණ වියදම් වාර්තා බාර නොදෙන සියලුම අපේක්ෂකයන්ට දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් වලට එරෙහිව නඩු පවරන බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.


පොහොට්ටුවේ ජාතික ලැයිස්තුව නාමල්ට
2024 නොවැම්බර් මස 16 3192 22

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයට පත් කිරීමට යෝජනා වී ඇත.


ලක්ෂ පනස් තුනකට ඡන්දය එපාවෙලා
2024 නොවැම්බර් මස 16 1241 2

මෙවර මහ මැතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලැබූ ලක්ෂ පනස් තුනකට අධික පිරිසක් ඡන්දය ප්‍රකාශ කර නොමැති බව මැතිවරණ කොමිෂන් සභා ආරංචි මාර්ග සඳහන


අලුත් පාර්ලිමේන්තුවේ මංගල රැස්වීම 21
2024 නොවැම්බර් මස 16 543 0

නව පාර්ලිමේන්තුව ලබන 21 වැනිදා රැස්වන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් සහ කාර්ය මණ්ඩල ප්‍රධානී නීතිඥ චමින්ද කුලරත්න මහතා පැවසීය.


එල් බෝඩ් මන්ත්‍රීන්ට දින තුනක පාඩමක්
2024 නොවැම්බර් මස 16 3529 2

දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරුන් වෙනුවෙන් විශේෂ වැඩමුළුවක් ලබන 25, 26 සහ 27 දිනවල පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චම


ගම්පහ මනාප ප්‍රමාදය ගැන චෝදනා
2024 නොවැම්බර් මස 16 2626 0

දිවුලපිටිය මැතිවරන කොට්ටාසයේ මනාප ඡන්ද ගණන් කිරීමේ එක් කාමරයක පුථිපල ප්‍රමාදවීම සිදුවූයේ එම මධ්‍යස්ථානයේදී සිදුවු ගණන් කිරීමේ දෝෂයක් නිසා බවත් එහි


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 317 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 606 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1750 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site