IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


පොඩි ගොවීන්ට අත දෙන ණය ක්‍රමයකට කැබිනට් අනුමැතිය

(අංජුල මහික වීරරත්න)

" නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය - සරුසාර '' පොලී සහනාධාර යෝජනා ක්‍රමය 2025 වර්ෂයේ සිට වාර්ෂික වැඩසටහනක් ලෙස ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කෙටිකාලීන භෝග සහ ගෙවතු වගාවල යෙදෙන සුළු සහ කුඩා පරිමාණ ගොවීන්ගේ කාරක ප්‍රාග්ධන අවශ්‍යතා සපුරාලීම පිණිස '' සරුසාර " නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය හඳුන්වා දී ඇති අතර, එය ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාදේශීය සංවර්ධන දෙපාර්තමේන්තුව විසින් 2820 වර්ෂයේ සිට මේ දක්වා ක්‍රියාත්මක කරනු ලැබ ඇත.

මෑතකදී පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද මහ බැංකු නව පනතේ විධිවිධාන පරිදි එවැනි සහනදායී ණය යෝජනා ක්‍රම ක්‍රියාත්මක කිරීමට මහ බැංකුවට හැකියාවක් නොමැති බව රජය පවසයි.

 එබැවින්, 2025 වර්ෂයේ සිට " සරුසාර " නව සපිරි ග්‍රාමීය ණය යෝජනා ක්‍රමය වාර්ෂික වැඩසටහනක් ලෙස මහා භාණ්ඩාගාරයේ සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව මඟින් ක්‍රියාත්මක කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන්  ජනාධිපතිවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇත.

 



අදහස් (0)

පොඩි ගොවීන්ට අත දෙන ණය ක්‍රමයකට කැබිනට් අනුමැතිය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 785 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 578 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 462 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site