IMG-LOGO

2025 මාර්තු මස 21 වන සිකුරාදා


පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා

(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකාවේ පෙර පාසැල් හා ප්‍රාථමික පාසැල් දරුවන්ගෙන් 63% ක් කිරි දත් දිරායාමෙන් පීඩා විඳින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

වැඩිහිටි ජනගහනයෙන් අඩක් විදුරුමස් රෝගවලින් පෙළෙන බව කී අමාත්‍යවරයා  මෙරට පිරිමින් අතර බහුලතම පිළිකාව වන්නේ  මුඛ පිළිකාව යැයි සඳහන් කළේය.

සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ අදට (20) යෙදී තිබෙන ලෝක මුඛ සෞඛ්‍ය දින ජාතික සැමරුම් උත්සවයට ප්‍රධාන ආරාධිතයා  ලෙස සහභාගී වෙමිනි. මෙම උත්සවය කොළඹ ගාලු මුවදොර පරිශ්‍රයේ දී පැවැත්විණි.

“සුවැති මුවක් - සුවැති මනසක්” යන්න තේමා කරගනිමින් මෙම වර්ෂයේ දී ලෝක මුඛ සෞඛ්‍ය දිනය සමරනු ලබන අතර සෞඛ්‍ය අමාත්‍යාංශය, ශ්‍රී ලංකා දන්ත වෛද්‍ය සංගමය, ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය එක්ව මෙම ජාතික උත්සවය සංවිධානය කර තිබිණි.

ලෝක මුඛ සෞඛ්‍ය දිනය මෙවර 12 වන වරට සමරනු ලබන අතර 2013 වර්ෂයේ දී ජාත්‍යන්තර දන්ත වෛද්‍ය සම්මේලනය මගින් මෙම දිනය ප්‍රකාශයට පත් කෙරිණි.



අදහස් (1)

පොඩි දරුවන් 63%ක කිරි දත් දිරලා

රුවන් Friday, 21 March 2025 06:59 AM

ප්‍රධාන හේතුව චුං පාන්, පැණි බීම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

දියත

අනුරාධපුරේ අනතුරින් හිමිනම අපවත් වෙයි
2025 මාර්තු මස 21 4 0

මරදන්කඩවල, අනුරාධපුර මාර්ගයේ දයාගම හන්දිය ආසන්නයේදි හිමිනමක් ඇතුළු පිරිසක් ගමන් ගත් වෑන් රථයක් නවතා තිබු ලොරි රථයක පිටුපස ගැටි ඊයේ (20) සිදු අනතුරකින් 67


තොරතුරු කොමිසමේ පුරප්පාඩුවකට අයැදුම්පත් කැඳවයි
2025 මාර්තු මස 21 184 0

2016 අංක 12 දරන තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතෙහි විධිවිධාන යටතේ, තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේ සාමාජික ධුරයක ඇතිවී තිබෙ


“ක්ලීන් ශ්‍රී ලංකා”අමාත්‍යාංශ වලට වැඩ දෙයි
2025 මාර්තු මස 21 317 2

“ක්ලීන් ශ්‍රී ලංකා” ජාතික වැඩසටහනේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අදාලව ඒ ඒ අමාත්‍යාංශවල කාර්යභාරය පිළිබඳ සමාලෝචනය කිරීමේ සාකච්ඡාවක් අදාළ ආයතනවල ප්‍රධා


වැලි ලොරිය ඇළට පෙරැළෙයි
2025 මාර්තු මස 21 18 0

මාතලේ සිට මහනුවර බලා ගමන් කළ වැලි ලොරියක් මාතලේ බලකඩුව කුඹියන්ගොඩ පාලම අසළදි අද (21) පාන්දර 5.30ට පමණ ඇළට පෙරැළී අනතුරක් සිදුව ඇති බව පොලිසිය කියයි.


පුත්තලමේ නාම යෝජනා 14 ක් ප්‍රතික්ෂේප වෙයි
2025 මාර්තු මස 21 79 0

මෙවර පළාත් පළාත් පාලන මැතිවරණය සඳහා පුත්තලම දිස්ත්‍රික්කයට තරඟ වැදිමට නාම යෝජනා භාර දුන් පක්ෂ 14ක් අදාල කොන්දේසි නිසි ලෙස ඉටු නොකිරිම හේතුවෙන් ප්‍රතික


පදිකයා හප්පා පළා යද්දී අල්ලයි
2025 මාර්තු මස 21 35 0

කොළඹ, මහනුවර මාර්ගයේ රඳාවඩුන්න පන්සල් හන්දියේදී පා ගමනින් මාර්ගයේ ගමන් කරමින් සිටි පුද්ගලයෙකු හප්පා මරණයට පත් කර පළා යමින් සිටි කන්ටේනර් රථයක් පස්යා


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 471 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 1064 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 358 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site