(ඩී.ජී.සුගතපාල)
බුස්ස බන්ධනාගාරයේදි ජනාධිපතිවරයාට ආරක්ෂක ලේකම්වරයාට සහ බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරින් කිහිප දෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරිම සම්බන්ධ නඩුවේ 2වන සැකකරු ලෙස දරුණු ගණයේ අපරාධකරුවෙකු වන අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසී නමැත්තා නම් කරන ලෙස අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලිමක් සළකා බැලු ගාල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා සැකකරු එම නඩුවේ දෙවන සැකකරු ලෙස නම්කොට තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරිමටත් අද (17) නියෝග කළේය.
ඉකුත් 8වනදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව සහ නිතිපති දෙපාර්තමේන්තුව ගාල්ල මහේස්ත්‍රාත්අධිකරණයට කරුණු වාර්තා කරමින් කියා සිටියේ දරුණු ගණයේ අපරාධකරුවන් වන ධර්මකිර්තිගේ තාරක පෙරේරා විජේසේකර හෙවත් කොස්ගොඩ තාරක සහ අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසි යන දෙදෙනා ජනාධිපතිවරයාටත් ආරක්ෂිත ලේකම්වරයාටත් බන්ධානාගරයේ උසස් නිලධාරින්ටත් ප්‍රසිද්ධියේ මරණ තර්ජන කර ඇති බවය.
ඒ අනුව පොඩිලැසි නමැත්තාගෙන් බන්ධනාගාරයට ගොස් ප්‍රකාශයක් ලබා ගැනිමටත් අධිකරණයට ඉදිරිපත්කරන ලෙසටත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියේය.
ඒ අනුව බන්ධානාගරයට ගොස් ප්‍රකාශ ලබා ගැනිමටත් ඔහු 25වනදින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසටත් මහසේත්‍රාත්වරයා එදින නියෝග කළේය.
මේ අතර අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනිමැරුම් විමර්ශන අංශයේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා විසින් ඉදිරිපත් කරන ලද මෝසමක් අනුව පොඩි ලැසි අද අධිකරණයට ඉදිරිපත් කරන ලදි.
එහිදි සහකාර පොලිස් අධිකාරි මෙරිල් රංජන් ළමාහේවා මහතා මෙම නඩුවේ දෙවන සැකකරු ලෙස පොඩි ලැසි නමැත්තා නම් කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටියේය.ඒ අනුව පොඩි ලැසි නඩුවේ දෙවන සැකකරු ලෙස නම් කොට ඔහු තව දුරටත් 25වනදින දක්වා රිමාන්ඩ් බන්ධානාගරයේ තැබිමටත් මහෙස්ත්‍රාත්වරයා නියේග කළේය.
අද උදැසන සිටම ගාල්ල කොටුව බාල දක්ෂ මාවත සහ අධිකරණ සංකිර්ණය අසල දැඩි ආරක්ෂාව යොදවා තිබු අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සහ පොලිස් නිලධාරින්ගේ දැඩි රැකවල් මැද පොඩි ලැසි අධිකරණයට රැගෙන එනලදි.
අධිකරණය පටන් ගැනිමෙන් පසු ආරම්භයේදිම අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කර තිබු මෝසම කැඳවනු ලැබු අතර සුදු පැහැති ඇඳුමකින් සැරසි කොණ්ඩය උටඩ බැඳ සිටි පොඩිලැසි බන්ධනාගාර නිලධාරින් විසින් විත්තිකුඩුවට නංවන ලදි. මහේස්ත්රාත්වරයාගේ නියෝගය ප්‍රකාශ කිරිමෙන් පසු විශේෂ කාර්ය බලකායේ සහ පොලිසියේ දැඩි රැකවල් මැද පොඩි ලැසි බලපිටිය අධිකරණයේ විභාග වන නඩුවකට ඉදිරිපත් කිරිම සඳහා ගෙන යන ලදී.
අග්‍රාමාත්‍ය සහ අධ්‍යාපන ,උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය:- කොල්ලුපිටිය බිෂොප් විද්‍යාලයෙන් මූලික අධ්‍යාපන
පරාජයට පත් වූ මන්ත්‍රීවරුන් 30 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස වලින් පිටව ගිය බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.
නව ප්රජාතන්ත්රවාදී පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙක් ලෙස රවී කරුණානායක මහතාගේ නම සඳහන් කරමින් ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
එක්සත් ජාතික පක්ෂයේ කිසිදු අනු දැනුමකින් තොරව නව ප්රජාතන්ත්රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් සඳහා රවී කරුණානායක මහතාගේ නම මැතිවර
බාල වයස්කාර පාසල් සිසුවියන් දෙදෙනෙකුට ලිංගික අතවර කිරිම සම්බන්ධයෙන් ඇල්පිටිය කොට්ඨාසයේ පාසලක ගුරුවරයෙක් අද සවස අත්අඩංගුවට ගත් බව ගාලු දිසා බාර නියෝ
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ක්‍රියාත්මක කෙරෙන වැඩසටහනේ ඉදිරි පියවර පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එහි ජ්‍යෙෂ්ඨ දූත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් මහතා
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොඩි ලැසි යළි රිමාන්ඩ්
Kamal Koyrala Thursday, 17 September 2020 06:10 AM
නීතිය අනුව දඬුවම් ලබාදීම බොහොම හොඳයි.
විජේ Thursday, 17 September 2020 07:32 AM
මෙයා ටිකක් හොඳයි.
Raveendra Thursday, 17 September 2020 10:03 AM
මේ කාලකණ්ණින්ට ජීවත්වීමට විනාඩියක් හෝ ලබා දෙනවා යනු දුප්පත් අහිංසක පුරවැසියන්ගේ බදුමුදල් ශතයක් හෝ නිරපරාදේ අපතේ යනවා නොවේද? එය තමන් උපන් රටට හදවතින්ම ඇලුම්කරන නිලධාරීන්ට කළහැකි දෙයක්ද? එබැවින් මෙම පාපතරයන් වෙනුවෙන් ගතයුතු තීරණ ජාතිජාතිත් පිං සිද්ධවන කරුණු කාරණාය.