( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )
රැඳවුම් අවසන් වීමෙන් පසුව පාතාල කල්ලි නායක "පොඩි ලැසී" නැමැත්තා මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරන බව පොලිස්පතිවරයා අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය.
පොලිස්පතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම දැනුම් දීම සිදු කරන ලදී.
තම ජීවිතාරක්ෂාව තහවුරු කිරීමේ නිකුත් කරන්නැයි ඉල්ලා ජනිත් මධුශංක හෙවත් "පොඩි ලැසී" නැමැත්තා ඉදිරිපත් කළ පෙත්සම අද (13) කැඳවූ අවස්ථාවේ දී එම දැනුම් දීම සිදුකෙරුණි.
මෙම පෙත්සම මොහොමඩ් ලෆාර් සහ එස්.යූ.බී කරලියැද්ද යන මහත්වරුන් ගෙන් යුතු අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැදවිණි.
"පොඩි ලැසී" ගේ රැඳවුම් නියෝගය මේ මස 15 වනදා අවසන් වීමට නියමිතය.
ඉන්පසුව ඔහු සම්බන්ධයෙන් ගනු ලබන ක්‍රියාමාර්ගය අධිකරණයට දැනුම් දෙන ලෙස ඉකුත් දා අභියාචනාධිකරණය විසින් පොලිස්පතිවරයාට නියම කර තිබුණි.
ඒ අනුව අදාළ පෙත්සම අද අභියාචනාධිකරණය ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී එම දැනුම් දීම සිදුකෙරුණි.
ඉන් අනතුරුව අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 09 වනදා කැඳවීමට නියම කෙරුණි.
වල්ලපට්ටා වගා ව්‍යාපෘතියක් පවත්වාගෙන යන මුවාවෙන් කුරුණෑගල නගරයේ නීති විරෝධී පිරමීඩාකාර මුල්‍ය සමාගමක් පවත්වාගෙන ගොස් රට පුරා ජනතාව වංචාවට ලක් කළේ ය
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට හිමි ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පත් කිරීමට එම පෙරමුණ තීරණයට එළඹ තිබේ.
හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සංචාරයක් සඳහා හෙට (21) පෙරවරුවේ ඉන්දියාව බලා පිටත්ව යයි.
ගාසා තීරයේ හමාස් සටන්කාමීන්ගේ ග්‍රහණයේ පසුවන ඉතිරි ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් නිදහස් කරන ලෙසත්, එක් ප්‍රාණ ඇපකරුවකු වෙනුවෙන් ඇමෙරිකන් ඩොලර් මිලියන 5 ක
ඉන්දියාවේ අද්විතීය සංගීතඥයකු වන ඒ.ආර්. රහ්මාන් යුග දිවියට සමුදුන් බව ඉන්දීය මාධ්‍ය නිල වශයෙන් ප්‍රසිද්ධියට පත් කළේය. ඉන්දීය මාධ්‍ය මෙසේ වාර්තා කළේ ඒ.ආ
ඇමෙරිකාවෙන් ලැබුණු දිගු දුර මිසයිල භාවිතයට ගනිමින්, යුක්රේන හමුදා රුසියාවේ අභ්‍යන්තරයේ ඉලක්කවලට ප්‍රහාර එල්ල කිරීම ආරම්භ කර ඇත. යුක්රේන හමුදා දිගු ද
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
’’පොඩි ලැසී’’අධිකරණයට ගෙනෙන බව දැනුම් දෙයි
sharm warn Monday, 13 December 2021 01:47 PM
ලැසීගේ ආයුධ එහෙම පෙන්නන්න යන්න වෙයිද>