(ආරියරත්න රණබාහු)
බුදු සසුන සෝබමාන කළ සියලු දනන්ගේ මහත් භක්තිය ආදරයට ලක් වූ ශ්‍රේෂ්ඨ සංඝ පීතෘවරයකු වන කොළඹ හුණුපිටිය ගංගාරාමාධිපති අපවත් වී වදාළ ආචාර්ය ගල්බොඩ ඥාණිස්සර නාහිමියන්ගේ දේහයට ගෞරව දැක්වීම සඳහා අති විශාල පිරිසක් කොළඹ ගංගාරාම විහාරස්ථානයට පෙරවරුවේ සිට පැමිණෙමින් තිබේ.
නාහිමියන්ගේ දේහය විහාරස්ථානයට ඇතුළුවන ප්‍රධාන ශාලාවේ තැන්පත් කර තිබෙන අතර බොහෝ සැදැහැවත් පිරිස් නාහිමි දේහය අසල වැඳ වැටී මහත් බැතියෙන් නමස්කාර කරන අයුරු සුලභ දසුනක් විය.
අද උදෑසන හයට පමණ ක් නාහිමියන්ගේ දේහය විශේෂ රථ පෙරහරකින් විහාරස්ථානය කරා වැඩම කෙරිණි.
එහිදී මහා සංඝරත්නය විසින් දේහය පිළිගෙන විශේෂ පීටිකාවේ තැන්පත් කෙරිණි අනතුරුව මහා සංඝරත්නය විසින් උන්වහන්සේගේ දේහයට ප්‍රථමයෙන් ගෞරව නමස්කාර කරනු ලැබීය
ඉන්පසු මහජනතාවට ගෞරවාචාර පුද කිරීමට අවස්ථාව සලසා දුන් අතර එම අවස්ථාවේදී වරින් වර දවස පුරාම විවිධ ආගමික නායකවරු සහ මැති ඇමතිවරුන් රැසක් උන්වහන්සේට සිය අවසන් ගෞරවය දැක්වූහ.
එම පිරිස අතර කොළඹ අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ, කථානායක මහින්දයාපා අබේවර්ධන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අමාත්‍ය බන්දුල ගුණවර්ධන ගුණවර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක යන මහත්වරු වූහ.
නහිමියන්ගේ දේහයට අවසන් ගෞරව දැක්වීම සඳුදා පස්වරු තුන දක්වා කාලය වෙන් කර ඇති බව විහාරාධිකාරී ආචාර්ය ය කිරින්දේ අස්සජී හිමියෝ පැවසූහ.
ආදාහන පූජෝත්සවය රාජ්‍ය ගෞරව මැද විහාරස්ථාන අසල ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන බවද උන්වහන්සේ කීහ.
කොළඹ 15 පෞද්ගලික ගබඩා සංකීර්ණයක් වැටලූ පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ විමර්ශන නිලධාරීන් එහි සගවා තිබූ කහ කිලෝ ග්‍රෑම් 765 ක් අධිකාරිය බාරයට ගෙන තිබේ.
පවතින අහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු ප්‍රමාණය සියයට හැටකින් පහත වැටී ම් තිබෙන අතර එළවළු මිලදී ගැනීමට පැමිණෙ
වවුනියාව කුඩාකච්චකොඩිය ප්‍රදේශයේ පිහිටි කුඹුරකටපැමිණි වනඅලියෙකු කුඹුරේ මඩේ එරීමෙන් යාගත නොහැකිව වැටී සිටින බවට ප්‍රදේශවාසීන් විසින් වව්නියාව වනජ
නායයෑම් හා ගල් පෙරලීම හේතුවෙන් උඩරට මාර්ගයේ දුම්රිය ධාවනයට තවදුරටත් බාධා මතුව ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
යාපනයට බලපෑ ඇති අයහපත් කාලගුණික තත්වය මේ හේතුවෙන් ඩෙල්ෆ් දූපතට අයත් නෙදුන්තීව් රෝහලේ සිටි අසාධ්‍ය වූ රෝගීන් තිදෙනකු ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්
අයහපත් කාලගුණික තත්වයන් හමුවේ නොවැම්බර් 27,28,29,30,සහ දෙසැම්බර් 02 හා 03 දිනයන්හි විභාගය නොපැවැත්වීම නිසා එම දිනයන්ට නියමිතව තිබූ ප්‍රශ්න පත්‍ර සඳහා පිළිවෙළ
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොඩි හාමුදුරුවන්ට ගෞරව දක්වන්න ගංගාරාමයට මහ සෙනඟක්