(යොහාන් භාසුර)
අයහපත් කාළගුණික තත්වය හමුවේ ගංවතුරෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීම සඳහා බස්නාහිර, දකුණ සහ සබරගමු පළාත් වෙත අනුයුක්ත කළ නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් පීඩාවට පත් මහජනතාව ආරක්ෂිතව මුදාගැනීම සහ ඔවුන්ගේ එදිනෙදා අවශ්‍යතා වෙනුවෙන් යාත්‍රාවලින් ප්‍රවාහන පහසුකම් හා ආපදා සහන සැලසීමේ මෙහෙයුම් අඛණ්ඩව කරන බව නාවික හමුදාව පැවසීය.
එම කණ්ඩායම් කොළඹ, කළුතර, රත්නපුර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කයන් තුළ ගංවතුරෙන් අපදාවට පත්ව සිටින ජනතාවට සහන සළසන බවත්
අද (3) පෙරවරුව වන විට පුද්ගලයන් 36 ක් මුදාගැනීමට සහ පුද්ගලයන් 400 කට ආසන්න සංඛ්‍යාවක් යාත්‍රාවලින් ආරක්ෂිතව ප්‍රවාහන පහසුකම් සහ ආහාරපාන බෙදාහැරීම ඇතුළු සහන සැලසීමට කටයුතු කර ඇති බවත් නාවික හමුදාව කීය.
නාවික හමුදාව කොළඹ දිස්ත්‍රික්කයේ කඩුවෙල, මීතොටමුල්ල, සීතාවක සහ හංවැල්ල යන ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක්, කළුතර දිස්ත්‍රික්කයේ බදුරලිය, බුලත්සිංහල, ඉංගිරිය සහ වැලිපැන්න ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් අටක්, රත්නපුර දිස්ත්‍රික්කයේ කලවාන ප්‍රදේශය වෙත සහන කණ්ඩායමක්, ගාල්ල දිස්ත්‍රික්කයේ තවලම, උඩුගම, බද්දේගම සහ නාගොඩ ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් හයක් සහ මාතර දිස්ත්‍රික්කයේ මාතර, මාලිම්බඩ, අකුරැස්ස, පනාතුගම සහ කඹුරුපිටිය ප්‍රදේශ වෙත ආපදා සහන කණ්ඩායම් 12 ක් ලෙස වශයෙන් සම්පුර්ණ ආපදා සහන කණ්ඩායම් 33 ක් ආපදා සහන මෙහෙයුම් සඳහා යොදවා ඇති බව ද නාවික හමුදාව කියයි.
දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්වය මත ඇති විය හැකි ගංවතුර අවදානම හමුවේ පීඩාවට පත්වන ජනතාවට අවශ්‍ය සහන කඩිනමින් සැලසීම සඳහා අවශ්‍යතාවය මත ස්ථානගත කිරිමට නාවික හමුදා අමතර සහන කණ්ඩායම් 60 ක් සූදානමින් තබා ඇති බ ද නාවික හමුදාව වැඩි දුරටත් සඳහන් කරයි.
නඩත්තු කටයුත්තක් හේතුවෙන් කැළණිවැලි දුම්රිය මාර්ගයේ පැගිරිවත්ත දුම්රිය හරස් මාර්ගය හෙට (29) උදේ 8.30 සිට සවස 5.30 දක්වා කාලය තුළ තාවකාලිකව වසා දැමීමට දුම්රි
හෙට (29) සිට පෘථිවියට අලුත් සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වනු ඇතැයි තාරකා විද්‍යාඥයෝ පවසති. මේ අලුත් සඳ, දින 53 ක් තිස්සේ පෘථිවිය සමඟ සිටින බව තාරකා විද
වෙනස්ම හැඩති පාෂාණයක් අඟහරු මතුපිටින් හමුවීමත් සමඟ නාසා විද්‍යායන් මේ වනවිට තරමක් කලබලයට පත්ව ඇති බව වාර්තා වේ.
හැරී පොටර් චිත්‍රපට මාලාවේ ප්‍රොෆෙසර් මැක්ගෝනිගල් චරිතයට පණ පෙවූ බ්‍රිතාන්‍ය සම්මානනීය නිළි මැගී ස්මිත් දිවි ගමනට සමු දුන්නාය.
සෞඛ්‍ය, අධ්‍යාපන, තැපැල් , වාරිමාර්ග ජනාධිපති ලේකම් කාර්යාලය ඇතුළු රාජ්‍ය ආයතන රැසක වාහන 4000ක පමණ ප්‍රමාණයක් පසුගිය කාලයේදී අතුරුදන්ව හෝ අස්ථානගතවී ඇති
කළුතර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා කොළඹ පෞද්ගලික රෝහලකදී අද අලුයම අභාවප්‍රාප්ත වී ඇතැයි පවුලේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
පීඩාවට පත් ජනතාවට නාවික හමුදාවෙන් සහන
ගමේ එකාලා Monday, 03 June 2024 01:55 PM
පොහොට්ටුවේ ජාතික සන්විධායක හොර පෙරකදෝරුවත් මිලියනයකින් ආධාර කරන්න යනවා කියලා ආරන්චියක් තියෙනවා...!