(බී.ජී. චතුරංග )
අනුරාධපුර - මහවැලි එච් කලාපයේ සෝයා වගාවට ඇති වූ මර්දනය කළ නොහැකි පණු රෝගයක් හේතුවෙන් අක්කර 2000ක පමණ සොයා වගාවක් සම්පූර්ණයෙන්ම විනාශයට පත් ඇති බව ගොවීහු පැවසූහ.
මහවැලි එච් කලාපය තුල අක්කර 6000ක පමණ භූමියක ගොවීන් විසින් මෙවර සෝයා වගාව සිදු කර ඇති අතර, මෙම පණු රෝගය හේතුවෙන් ඉන් අක්කර 2000ක් පමණ සෝයා වගාවක් අතහැර දැමීමට තමන්ට සිදුව ඇති බව ඔවුහු පවසති.
ඉතා ඉහළ ආර්ථික සහ පෝෂණ වටිනාකමකින් යුතු සෝයා වගාවෙන් ගොවි මහතුන් ඉවත්වුවහොත් දේශීය අවශ්‍යතාවය වෙනුවෙන් ඉදිරියේදී රජයට විශාල මුදලක් වැය කර සෝයා බීජද සම්පූර්ණයෙන්ම මෙරටට ආනයනය කිරීමට සිදුවන බව මෙම ගොවීහු පෙන්වා දුන්හ.
සෝයා වගාව තුල මෙවර විශාල අස්වැන්නක් නිෂ්පාදනය වූවද පණු රෝගය හේතුවෙන් එම කරල් තුල සියයට අනුවක් පමණ සෝයා බීජ විනාශයට පත්ව තිබීම හේතුවෙන් තමන් එම අස්වැන්න නෙලීම මේ වන විට අතහැර දමා වෙන බව මෙහිදී පැවසූහ.
සෝයා වගාව සඳහා මෙම පනු රෝගය ඇති වූ පළමු අවස්ථාව මෙය නොවන බවත් මෙම රෝගය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් හෝ කෘෂි රසායනික ද්‍රව්‍ය නියම කිරීමට හෝ කිසිදු නිලධාරියකු මෙතෙක් කටයුතු කර නැති බවත් වගා ක්ෂේත්‍රය නිරීක්ෂණය කිරීමට කිසිදු නිලධාරියකු පැමිණ නැති බවත් එම ගොවීහු පෙන්වා දුන්හ.
මුදල් ණයට ගෙන සහ රත්තරන් බඩු උකසට තබා මෙම වගාව සිදු කර ඇති බවත් මෙම පනු රෝගය හේතුවෙන් සිය සෝයා වගාවන් විනාශ වීම හේතුවෙන් කිසිවක් කියා ගැනීමට සිටින තමන් හට රජය මැදිහත් වී වන්දි මුදලක් ලබා දෙන ලෙස ඔවුහු මෙහිදී ඉල්ලා සිටියහ.
තෙල්දෙණිය සිට මහනුවර බලා ධාවනය වූ ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් පාලනය කර ගැනීමට නොහැකිව කඩුගන්නාව ප්‍රදේශයේදී අඹ ගසක හැපී සිදුවූූ අනතුරක
පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත්වී මෙතෙක් අදායම් වියදම් වාර්තා ඉදිරිපත් නොකළ අපේක්ෂකයින්ගේ ලැයිස්තු අද හෙටම පොලිසියට ලබා දීමට මැතිවරණ කොමිෂන් සභා
ලබන ජනවාරි මාසයේ මැද තමා චීනයේ සංචාරයක යෙදෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
හැටන් සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (21) මාර්ගයෙන් ඉවතට පැන ප්‍රපාතයකට පෙරළී සිදුවූ අනතුරකින් තිදෙනකු මිය ගොස් ඇති බව හැටන් පොලිසිය පවසය
හිටපු ඇමතිවරුන් 15 දෙනකු පසුගිය කාලයේදී විවිධ සංචාර සහ ප්‍රවාහන අවශ්‍යතා සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ විවිධ ගුවන් යානා යොදාගෙන තිබූ බව ශ්‍රී ලංකා ග
සහල් ආනයනය සඳහා ආණ්ඩුව අවසරදී තිබූ කාලය වූ ඊයේ ( 20) මධ්‍යම රාත්‍රි වන විට පෞද්ගලික ආනයනකරුවන් සහල් මෙට්‍රික්ටොන් 67000 ක් මෙරටට ගෙන්වා තිබූ බවත් එම සහල් තොග
දශක 3කට අධික කාලයක් තිස්සේ ශ්‍රී ලාංකිකයින්ගේ මුඛ සෞඛ්‍යය වෙනුවෙන් කැපවන ප්‍රමුඛතම සන්නාමයක් වන ‘ඩෙන්ටා’මුඛ සෞඛ්‍යයෙහි වැදගත්කම පිළිබඳව පාසල් සිසු
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය නව මානයකට ගෙනගිය හෝමාගම පිහිටා තිබෙන NSBM හරිත සරසවිය එළැඹෙන ජනවාරි 4 සහ 5 යන දෙදින පුරා ’’හරිත සරසවියක අසිරිය විඳගන්න” යන තේ
සම්පත් බැංකු සමූහයට පූර්ණ අනුබද්ධිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 53 වැනි ශාඛාව හෝමාගම, දුම්රියප
පණු රෝගයකින් අ‘පුර සෝයා ගොවියා හාන්සියි
කුමාර Monday, 14 October 2024 08:41 PM
මේ වගේ වෙලාවට අර පාරට බැහැලා රජයෙන් අපිට සහන දෙන්න කියාලා කියපු රත්න කෙනෙක් හිටියා නේද? පොඩ්ඩක් හොලා බලන්න කියමු නේද.?
Yankey Dicky Tuesday, 15 October 2024 01:35 PM
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ කීට විද්‍යා ලොක්කෝ පිනට ද පඩි ගන්නේ?