( තිළිණි ද සිල්වා )
මහත් ආන්දෝලනයට ලක්වූ පඬු කරඳ හෙවත් කෘඩියා සිලනිකා( CrudiaZeylanica) ශාක විශේෂයේ පැල පරිබාහිර සංරක්ෂණ කටයුතු වලින් රෝපණය කර උද්භිද උද්‍යාන වල හා සුදුසු පරිසර වලට හඳුන්වා දීමට කටයුතු යොදා ඇතැයි ජාතික උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුව පවසයි.
2012 රතු දත්ත ලැයිස්තුවට අනුව වඳවී ගිය ශාකයක් ලෙස සැලකූ මෙම ශාකයේ පැල 20ක් පේරාදෙණිය රාජකීය උද්‍යානයෙත් තවත් පැල 06ක් ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයෙත් සංරක්ෂණය කර ඇතැයිද එම දෙපාර්තුමේන්තුව පෙන්වා දෙයි.
මෙම පඬු කරඳ හෙවත් කෘඩියා සිලනිකා “Crudia Zeylanica” ශාකය පිලිබඳ උද්භිද උද්‍යාන දෙපාර්තුමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරිය පවසන්නේ ආන්දෝලනයට ලක්වූ අඳාල ශාකය හමුවූ දාරලුව ප්‍රදේශය ආශ්‍රිතව තවත් පඬු කරඳ විශාල ගසක් හා කුඩා ගසක් හඳුනාගත් බවය.
ඊට අමතරව වෙනත් ස්ථාන 06ක් කින්ද මෙම ශාක හඳුනාගෙන තිබේ. අතර ඒ අනුව අත්තනගලු ඔය ශාඛාවක් වන මැඩිල්ල ඇල, දොරණගොඩ දකුණ, මිනුවන්ගොඩ හෙන්ඩිමහර,කඩුවෙල හා කදිරාන එම ප්රදේශයි.
දාරලුව අධිවේගී මාර්ගය ආශ්‍රිතව හඳුනාගත් ශාකයෙන් හා තවත් විවිධ ශාක කීපයකිනුත් රැස් කරන ලද බීජ රෝපණය කර ඇති බවත් පේරාදෙණිය උද්භිද උද්‍යානයේ පැල 20ක් හා ගම්පහ හෙනරත්ගොඩ උද්භිද උද්‍යානයේ පැල 06ක් සංරක්ෂණය කර ඇති බවත් ඇය පෙන්වා දේ.
මෙම ශාක වල ශාකාගාර නිදර්ශකද (DNA Extraction) ද රැස්කර ජාතික ශාකාගාරයේ තැන්පත් කර ඇතැයිද ඇමතිවරයා වෙත එවූ ලිපියේ සඳහන් වේ.
2012 වසරේ ප්‍රකාශයට පත් කළ ජාතික රතු දත්ත ලැයිස්තුවේ මෙම ශාකය වඳවී ගිය ශාකයක් ලෙස සලකා ඇත්තේ 1860 දශකයෙන් පසු ස්වභාවික පරිසරයෙන් මෙම ශාකය වාර්තා වී නොමැති නිසාවෙනි. කෙසේවෙතත් 2019 වසරේදී මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකරනු ලබන ප්‍රදේශ ආශ්‍රිතව නැවත මෙම ශාකය සොයා ගැණුනු බව එම වාර්තාවේ සදහන් වේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ජනපති ධුරය ට තෝරා පත්කිරීමට සුදුසු පුද්ගලයකු නොවන බවට සමාජය තුළ මතයක් ගොඩනැගීමේ අරමුණින් අසත්‍ය හා ද්වේශ සහගත ලිප
නෙච්චියාගම පී.ඩී.ජී ඇග්‍රෝ බිස්නස් පුද්ගලික සමාගමෙන් රුපියල් පන් කෝටි විසි නව ලක්ෂයක් වටිනා කැබිලි බඩ ඉරිඟු ලබා ගෙන එම කැබලි බඩ ඉරිගු සඳහා ගෙවිය යුතු ර
කොළඹ වරායේ නැගෙනහිර බහාලුම් පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු 2025 ජුනි 30 වැනිදා වන විට අවසන් කිරීමට ප්‍රවාහන මහා මාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය විජි
අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ ක්‍රියාකලාප හා ප්‍රකාශ තුළින් රටේ ජනතාව අතරමං වී ඇති මොහොතක තවමත් ජනතාවට ඇති එකම විසදුම සමගි ජන බලවේගය යැයි එහි නා
කොරියා ජාත්‍යන්තර සහයෝගීතා ආයතනයේ තාක්ෂණික හා මුල්‍ය දායකත්වය මත ඌව පළාත සහ උතුරු පළාත කේන්ද්‍ර කර ගනිමින් ක්‍රියාත්මක කිරීමට යෝජිත තිරසාර ඒකාබද්ධ ඝ
’’ආසියාව ශක්තිමත් කිරීමෙහිලා බුද්ධ දර්ශනයෙහි කාර්යභාර්යය’’ යන තේමාව යටතේ ලොව පළමු ආසියානු බෞද්ධ සමුළුව ඊයේ(05) සහ අද(06) ඉන්දියාවේ නවදිල්ලි නුවර අශෝක්
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පඬු කරඳ පැල රෝපණය කර සුදුසු පරිසරවලට බෙදන්න යයි
සමිත සේනක අලුත්ගමගේ. Tuesday, 02 March 2021 08:49 AM
මේ ගස ගැන දේවානී මහත්මිය ඇතුළු පරිසර හිතකාමී සියලුදෙනා එකසේ නැඟූ හඬ ඉතා බලවත්... ඒ නිසාම මේ ශාකය ආරක්ෂා කරගැනීමට අද කටයුතු සකස්වනු පෙනේ. එය සතුටට කරුණකි. පිටරටින් කරනකම් බලානොසිට, අපගේ සියලු ගස්වර්ග රැකගැනීමයි කළයුතු වන්නේ...
Ssd Tuesday, 02 March 2021 10:12 AM
හ්ම් ඇත්තද? එහෙනම් කපමු මේ ගහ කල් නොයවාම. තව තියෙන්න ඇරියොත් අර පරිසර කාරයෝ තව මොන ජෝගියක් නටයිද දන්නෑ..? එයාලා දන්නවායෑ අධි වේගයක තියන රඟේ... අපේ ඇමතිතුමා තරම්..
Bamunuarachchi Tuesday, 02 March 2021 12:56 PM
අහවල් ප්‍රයෝජනයකටද? නරකද මිල්ල, බුරුත, තේක්ක, කොස්, නැදුන් පැල බෙදුවා නම්..?
වීරසිංහ.Tuesday, 02 March 2021 02:57 PM
නමින් බමුණු. ඒත්, යමක් වටහා ගැනීමේ නුවණ නැහැ. ලොවේ නොමැති බවට රතු දත්ත ලේඛනයේ අඩංගු මේ ශාකය ගැන දක්වන අවතක්සේරුවක මහත ... අනේද කියන්නේ..? මෙහෙම මිනිසුන් සිටිනා රටකට හරියාවිද..? මේ ගහ පොහොට්ටුවේ නායකයෙකුගේ වුණානම් බෝධීන් වහන්සේට වගේ වන්දනා කරාවි.
BamunuarachchiWednesday, 03 March 2021 04:42 AM
ඉතින් ලෝකේ වඳ වෙලා ගියේ හෝ වඳ වෙන්නේ ඔය ගහ පමණද? රතු දත්ත ලේඛනය තිබෙන්නේ ඔය ගහ පමණද? ඒ ගසුත් හැර, මේ ගසත් හැර අපි නොදන්නා වඳවූ වෙන ගස් නැද්ද? මේ කපන කැපිල්ලට අර මම කියන ගස් ඉතුරු වේවිද? මේ කැහැටු ගහ වගේද මිල්ල, බුරුත, තේක්ක, කොස්, නැදුන් වගේ ගස් වැව්වා නම්... රටට ඕනෑකරන ලී ටික පිටරටින් ගෙන්වගෙන මේ කැහැටු පඬු කරඳ ගස් රකින්න දඟලනවා.
නිහාල් Wednesday, 03 March 2021 05:26 AM
කප් රුකක්නේ?