(හිරාන් ප්‍රියංකර ජයසිංහ සහ එච්. චන්දන )
පුත්තලම පැරණි ළය රෝහල ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගය යතුරු පැදි කරුවන්ට මෙන්ම පා පැදි කරුවන්ට මාරකයක් වි ඇති බව කියයි.
මෙම දුම්රිය මාර්ගයේ පිලී ප්‍රධාන මාර්ගයෙන් උඩට මතුවි තිබිමත් පිලී සමාන්තරව නොමැති විමත් හේතුවෙන් වැසි දිනවලදි අනතුරු සිදුවන ආකාරය දැක ගත හැකිය .
මාර්ගයේ ගමන් කරනු ලබන යතුරු පැදි කරුවන් හා පාපැදි කරුවන් මෙම තත්වය නොදැන මෙම දුම්රිය මාර්ගය මතින් ගමන් කරන විට එකවර ලිස්සා ගොස් ඇද වැටි බරපතල තුවාල සිදුවන අවස්ථා සිය ගණනක් වාර්තා වි මේ සදහා දුම්රිය බළධාරින් හා මහා මාර්ග බළධාරින්ද නිහඬ ප්‍රතිපත්තියක් අනුගමනය කිරිම හේතුවෙන් යතුරු පැදිකරුවෝ හා පාපැදි කරුවවෝ අසරණ වී සිටිති .
ජිවිත අවදානම තිබෙන මෙම ස්ථානයේදී ජීවිතයක් බිලි ගැනිමට පෙර ඒ සදහා අදාල පිළියම් යොදන ලෙස ජනතාව දුම්රිය හා මහා මාර්ග බළධාරින්ගෙන් ඉල්ලා සිටිති.
මේ පිළිබදව අදහස් දැක්වු මොහොමඩ් රිස්වාන් මහතා මෙසේ පැවසීය.
“ මෙය හරිම බරපතලයි. පොඩි වැස්සක් හරි දුම්රිය පිළිවලට තෙල් වැටුනොත් හරි යතුරු පැදි පාපැදි ලිස්සා යනවා අතපය ලෙලි ගහ ගන්නවා .ඒ විතරක් නෙවෙයි .
බයික් ඇදගෙන වැටෙද්දි පිටිපස්සේ වාහනයක් හයියෙන් ආවොත් එකට මේ අය යට වෙලා මැරෙනවා . මේ නිසා අදාල නිලධාරීන් ඉක්මන් කරලා පිළියම් කරන්න කියලා තමයි මම ඉල්ලිම් කරන්නේ .
මේ පිළිබඳව අදහස් දැක්වු යතුරුපැදිකරුවකු වන කේ.එම් .කාර් මිල් මහතා මෙසේ පැවසිය.
“මේක දැන් කාලයක ඉදලා සිදුවනවා කිසිම කෙනෙක් සොයා බලන්නේ නැහැ පුදුම ප්‍රශ්ණයක් අපි අනන්ත මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා .
හුඟ දෙනෙකු වැටිලා බරපතල තුවාල සිදුවුන අවස්ථා එමටයි.ඒ වාගේම යතුරු පැදි වලටත් හානි වෙනවා . මේ දුම්රිය මාර් ගය පිලි ඉස්සිලා මාර් ගයේ කාපට් යටට ගිහින් ඒ නිසා තමයි ලෙස්සා යන්නේ.
මේ පිළිබඳව කළ විමසිමේදි මෙම දුම්රිය මාර්ගයේ ස්ථීර මාර්ග පරික්ෂක නාලින්ද පෙරේරා මහතා පවසා සිටියේ.
“ මම පසුගිය මාර් තු මාසයේ වැඩ භාර ගත්තේ මේ සිද්ධිය අපිට කලින් වාර්තා වි තිබුණේ නැහැ.
නමුත් මේ වන විට වාර්තා විමත් සමඟ ඒ සදහා කළ යුත්තේ කුමක්ද කියලා සොයා බලන්න පුත්තලම මහා මාර්ග සංවර්ධන ඉංජීනේරුවරයා හමුවෙන්න එනවා. ‘
පුත්තලම මාර්ග සංවර්ධන අධිකාරියේ විධායක ඉංජීනේරු එම්.ජේ .අරුල්දාසන් මහතාගෙන් කල විමසිමේදි මෙසේ පැවසීය.
“ මේ ගැන සොයන්න තාක්ෂණික නිළධාරින්ව මම යැව්වා එහිදි රේල් පිල වල හා මාර්ගයේ පවතින ගැටළුවක් බලපා තිබෙන බව දැන්නුවා .
නමුත් මෙය අපිට කරන්න බැහැ මොකද දුම්රිය දෙපාර්තුමේන්තුව එක් විය යුතුයි.එය සකස් කරන්න . එවිට අපේ සහයෝගය ලබා දිම අනිවර්යෙන් කරනවා. යැයි ඔහු පවසයි.
( ඡායාරූප - හිරාන් ප්‍රියංකර )
(ඡායාරූප -එච් චන්දන)
ජීඑස්පී ප්ලස් පිළිබඳව කරුණු සොයා බැලීමට පැමිණි යුරෝපා සංගමයේ නියෝජිතයන් සහ මුදල් අමාත්‍යංශ නිලධාරීන් අතර සාකච්ඡාවක් අද පැවැත්වේ.
ගාල්ල බස් නැවතුම්පොළ ඉදිරිපිට ගොඩනැගිල්ලෙ පිහිටි විදුලි සෝපානයක් කඩා වැටීමෙන් එහි සුපිරි සාප්පු සංකීර්ණයක සේවය කළ තරුණයකු ඊයේ ( 29) බරපතල තුවාල ලබා ගාල
ලෝක කම්කරු දිනයනිමිත්තෙන් හෙට (1) විශේෂ පොලිස් ආරක්ෂාවක් සහ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මූලස්ථානය පවසයි.
තැපැල් මගින් නිල ජන්ද දැන්වීම් පත්‍රිකාවක් මෙතෙක් නොලැබුණු ජන්දදායකයින්ට අද (30) සිට තමන්ට ලිපි බෙදීම සිදුකරන තැපැල් කාර්යාලයෙන් හෝ උප තැපැල් කාර්යාලය
දිවයිනේ බොහෝප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
රුපියල් 6000/= ක මුදලක් අල්ලස් ලෙස ලබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු අත්අඩංගුවට ගත් බව බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් ස
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
පුත්තලම දුම්රිය හරස් පාරේ මරු කපොල්ලක්
sunil Tuesday, 21 July 2020 09:14 AM
කෝ මේ පලා බබාලා නිදිද? කාලකණ්ණි... මිනිස් ජීවිතයක වටිනාකමක් දන්නේ නැති දූපත් වැද්දන් ටික..