(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
සංචරණ සීමා පනවා ඇති කාලයේදී විවිධ පුද්ගලයන්ට ගමන් බිමන් යාම සඳහා පුත්තලම් දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අලිසබ්රි රහීම් මහතා සිය අත්සන යොදා අවසර පත් නිකුත් කර ඇතැයි වාර්තාවේ.
අත්‍යවශ්‍ය සේවා සඳහා ලබාදෙන අවසර පත්‍රය නමින් මන්ත්‍රීවරයා නිකුත් කරන අවසර පත්‍රවල පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ ජංගම දුරකතන අංකය සහ නමද සඳහන් කරන අතර ඒවා ලබාගත් පුද්ගලයන් ඉකුත් දිනවල දිස්ත්‍රික් සීමා පැන වව්නියාවට පවා ගොස් ඇතැයිද වාර්තාවේ.
සංචරණ සීමා පනවා ඇති කාලයේදී අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමේ අවසර පත් නිකුත් කිරීමේ බලය දිස්ත්‍රික් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ට පමණක් හිමිවන අතර නීති රීති උල්ලංඝනය කරමින් අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත් නිකුත් කිරීම පිළිබඳව ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීහු දැඩි අප්‍රසාදය පළකරති.
අලිසබ්රි රහීම් මන්ත්‍රීවරයා අවසර පත්‍ර නිකුත් කිරීම පිළිබඳව රාජ්‍ය නිලධාරීන් හෝ ආරක්ෂක අංශ හෝ දැනුවත් කර නැතැයිද පැවසේ.
මේ පිළිබඳව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතාගෙන් කළ විමසීමේදී පැවැසුවේ එය කිසිදු ලෙසකින් නීත්‍යානුකූල නොමැති බවත් එසේ ලබාදී ඇත්නම් ඒ සම්බන්ධයෙන් අදාළ කටයුතු කඩිනමින් කිරීමට සූදානම් බවත්ය.
ඒ පිළිබඳව පුත්තලම ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජේ.ජී.එස්. ජයමහ මහතාගෙන් කළ විමසීමේදී පැවසුවේ අදාළ මන්ත්‍රීවරයා මෙම සංචරණ කාලසීමාවලදී ගමන් කළ හැකි පුද්ගලයන් පිළිබඳව තමන්ගෙන් දුරකථනයෙන් විමසා සිටි බවත් එහිදී කුඹුරුවලට හා තෝරා ගත් අනිකුත් කටයුතුවලට නිසි අවසරයකින් පමණක් ගමන් කළ හැකි බව තමන් දැනුම් දුන් බවයි.
එසේ නොමැතිව තමන් කිසිදු ලෙසකින් මේ සඳහා අවසරයක් හෝ දැනුම් දීමක් නොකළ බවද ඔහු පැවැසීය.
කෙසේ නමුත් මන්ත්‍රීවරයා කර ඇති මෙම කටයුත්ත දැනගත් විගසම එය වහාම නවතා දැමීමට කටයුතු කළ බව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා පැවැසීය.
මේ සම්බන්ධව තොරතුරු දැන ගැනීමට මන්ත්‍රීවරයාගේ ජංගම දුරකථනයට ඇමතුම් ලබාගත්තද දුරකථන ප්‍රතිචාර නොදැක්වීම හේතුවෙන් මන්ත්‍රීවරයා සම්බන්ධ කර ගැනීමට නොහැකි විය.
අලිසබ්රි රහීම් මහතා රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසයෙන් පාර්ලිමේන්තුවට පත්විය. කොළඹ වරාය නගර පනත් කෙටුම්පතට පක්ෂව පාර්ලිමේන්තුවේදී ඡන්දය ප්‍රකාශ කිරීම නිසා ඔහු ඉකුත්දා එම පක්ෂයේ සාමාජිකත්වයෙන් ඉවත් කරනු ලැබීය.
ලබන වසරේ ඉදිරිපත් කරන වත්මන් රජයේ ප්‍රථම අයවය ලේඛනය මගින් දැනට අයකරන උපයනවිට බද්ද ජනතාවට වඩාත් යහපත් අයුරින් සංශෝධනය කරන බව ජනාධිපති අනුර කුමාර දිසා
මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට ප්‍රධාන පෙළේ පක්ෂයකින් තරග කරන අපේක්ෂකයෙකු සිය මනාපය ගැනීම සඳහා ඡන්ද දායකයන්ගේ ජල බිල්පත් හා විදුලි පුවත්පත් ගෙවීමේ කාර
පැනමා කෝපා එයාර්ලයින්ස් ගුවන් සේවයට අයත් ගුවන් යානයක ගමන් කරමින් සිටි මගියකු යානයේ ගමන් කරමින් සිටිද්දී, එහි දොර විවෘත කිරීමට උත්සාහ කළේය.
යුක්රේන හමුදා, පළමු වරට, උතුරු කොරියන් සොල්දාදුවන් සමඟ සටන් වදින බව වාර්තා වේ. මේ බව අනාවරණය කළේ යුක්රේන ආරක්ෂක අමාත්‍ය රුස්ටෙම් උමෙරෙව්ය. ඒ, දකුණු කොරි
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විවාදයක් සඳහා කළ ආරාධනය ප්‍රතික්ෂේප කරන බවත් එවැනි නිෂ්ඵල කාර්යයකට කාලය වැය කිරිම අපරාධයක් යැයි කැබ
අ.පො.ස උසස් පෙළ 2024 විභාගය නොවැම්බර් 25 දින ආරම්භ වී දෙසැම්බර් 20 දක්වා පැවැත්වෙන බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පුත්තලමේ මන්ත්‍රීවරයෙක් සංචරණ සීමා කාලයේ ගමන් යන්න අවසර පත් දීලා
Kamal Monday, 24 May 2021 01:38 AM
ආණ්ඩුවට ගියා නම් එයා දැන් දේශප්‍රේමියෙක්...
සිරිබිරිස් Monday, 24 May 2021 01:48 AM
පුත්තලම යම් සත්තු වර්ගයකට ප්‍රසිද්ධියක් තිබුණා. දැන් ඒ සත්ව ගතිය මිනිසුන්ට බෝ වෙලාද කියා හිතෙනවා. පසුගිය කාලේ කෙනෙක් ඔක්සිජන් මොකටද ඇහුවා. ඇත්තටම කියන්න කුඹුරට හේනට යන්නත් අවසර ගතයුතුද කියලා...?
de silva Monday, 24 May 2021 01:58 AM
එහෙම කළා නම් මන්ත්‍රීවරයාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න.
මරික්කාර් Monday, 24 May 2021 05:14 AM
තරාතිරම නොබලා කුදලාගෙන ගිහිල්ලා හිරේ දාන්නයි තියෙන්නේ..
siri Monday, 24 May 2021 08:21 AM
පොරොන්දු වූ අකාරයෙන්ම "එක රටක් එක නීතියක්" ටක්කෙටම ක්‍රියාත්මක වෙන අකාරය දකිනකොට හරි සන්තෝසයි. අර වියතුන් ඇතුළුව 69 ලක්ෂයේ නොවැම්බර් වරුන්ටත් එහෙම ඇති මගේ හිතේ...
fairoos Monday, 24 May 2021 08:57 AM
කමක් නෑ... වරාය පනතට පක්ෂවනේ ඡන්දය දීලා තියෙන්නේ..
Bamunuarachchi Tuesday, 25 May 2021 12:25 PM
දැන් ඡන්දෙ අරන් ඉවරයි. කකුල් දෙකෙන් අල්ලලා පැද්දා කුඩුවට විසි කරන්න. මොවුන් කලොත් මේවගේ අසික්කිත වැඩක් තමයි.