IMG-LOGO

2024 නොවැම්බර් මස 15 වන සිකුරාදා


පුත්තලමේ රසායනාගාර මාෆියාවක්

(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

පුත්තලම මූලික රෝහලට නේවාසික ප්‍රතිකාර ලබා ගැනිමට පැමිණේන රෝගීන්ගේ රසායනාගාර පරික්ෂණ සඳහා පෞද්ගලික රෝහලකට යැවිමේන් රෝගීන්ට අනවශ්‍ය මුදලක් දැරිමට සිදුව ඇතැයි රෝගීහු චෝදනා කරති.

මෙම තත්වය මාපියාවක් බවට පත් කර ඇති බවත් මේ හේතුවෙන් රොගීන් මෙන්ම ඔවුන්ගේ ඥාතීන් අන්ත අසරණ තත්වයට පත්ව සිටිති.

රෝගීන් පවසන්නේ තමන්ගේ රුධිර සාම්පල, මුත්‍රා සම්පල ඇතුළු රෝහල තුළ ඇති රසායනාගාරවලින් කර ගත හැකි සියලු පරික්ෂණ රෝහල තුළ කර ගැනිමේ සියලු පහසුකම් තිබියදී රෝහලේ කිසියම් පිරිසක් මැදිහත් වී අදාල පෞද්ගලික රෝහලට යැවිම නිරන්තරයෙන් සිදුව ඇති බවයි.

මේ සම්බන්ධව පුත්තලම මූලික රෝහලේ අධ්‍යක්ෂ සුමිත් ඇන්ටන් ප්‍රනාන්දු මහතාගෙන් කළ විමසිමේදි පවසා සිටියෙ මෙවැන්නකී.

“ඇත්තටම මෙවැනි තත්වයක් තිබේන බව මටත් වාර්තා වුණා.ඒ ගැන වාර්තා විමත් සමග මේ පිළිබදව අවධානය තදින් යොමු කළා.නමුත් මෙවැනි තත්වයක් නැවත නොවන්නට කිසිම ලෙසකින් රෝහල තුළ කළ හැකි සියලුම පරික්ෂණ රෝහල තුළින් පමණක් කිරීමට මම රසායනාගාරට දැන්වුවා. දැනුවත් කලාට ස්තුතියි එවැනි තත්වයක් නැවත සිදු නොවන්නට අපි කටයුතු කරනවා

 



අදහස් (2)

පුත්තලමේ රසායනාගාර මාෆියාවක්

Suranga Monday, 08 August 2022 04:31 PM

පුත්තලමේ විතරක් නෙවෙයි .රට වටේම වෙන්නෙ ඕක.පෞද්ගලික රසායනාගාර වලින් ලැබෙන අල්ලසට යට වෙලා වාට්ටුවල ඉන්න දොස්තරල නර්ස්ලා ඇටෙන්ඩන්ලා ඔක්කොම පොරකන්නෙ එළියෙන් පරීක්ෂණ කරගෙන එන්න කියල.ඒකත් අපිට ඕන එකෙන් නෙවෙයි ..ඕව ලොකු තැන්වලින් නොදන්නව නෙවෙයි .දැන දැන නිකන් ඉන්නෙ එයාලටත් හොඳට සලකන නිසා.

:       3       9

ranjith Monday, 08 August 2022 06:41 PM

බොහෝ රෝහල්වල ලොකු ගොඩනැගිලිවල රසායනාගාර තියෙනවා.. ඒ වුණාට රෝහල් අවට තියෙන පෙට්ටි කඩ වගේ තියෙන පුද්ගලික රසායනාගාරවල කෙරෙන තරම් පරීක්ෂණ රෝහලේ කරන්නේ නැහැ..

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත


අදත් දුම්රිය ගමන් වාර 15 ක් අවලංගුයි
2024 නොවැම්බර් මස 15 36 0

දුම්රිය රියදුරන් නොමැතිවීම හේතුවෙන් අද (15) පෙරවරුවේද දුම්රිය ගමන් වාර 15 ක් පමණ අවලංගු කිරීමට සිදුවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.


අත්තනගල්ල ආසනය ජාජබට
2024 නොවැම්බර් මස 15 246 0


මහනුවරත් ජාජබට
2024 නොවැම්බර් මස 15 473 0



පුත්තලම ජාජබට
2024 නොවැම්බර් මස 15 392 0

2024 ජනාධිපතිවරණයේ පුත්තලම දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ජාතික ජනබලවේගය ලබාගත් ඡන්ද ප්‍රමාණය අනුර කුමාර දිසානායක 207134, සජිත් ප්‍රේමදාස 173382, රනිල් ව


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 251 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 573 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1690 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site