IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පාතාලය අවසන් කරනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

ජනතාවගේ ආරක්ෂාව සඳහා පවතින නිල ආයතනවල ඇතැම් පුද්ගලයන් දක්වාම පාතාලය පැතිරී ඇති බව විමර්ශන වලින් හෙලිවන්නේ යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (20) පාර්ලිමේන්තුවේදී අවධාරණය කළේය.

අනිවාර්යෙන්ම ඉදිරි කාලය තුළ පාතාලය සහමුලින්ම අවසන් කිරීමට සියළු කටයුතු කරන බවද ජනාධිපතිවරයා කීය.

ජනාධිපතිවරයා මේ බව කීවේ දසවැනි පාර්ලිමේන්තුවේ ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම අද පාර්ලිමේන්තුවේදී ජනාධිපතිවරයාගේ සභාපතීත්වයෙන් පැවැත්වූ අවස්ථාවේදී ය.

අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා මෙහිදී පැවසූයේ අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව සම්බන්ධව යෝජනාවලියක් සකස් කොට ඇති බවත් ඉදිරියේදී නීතිඥයන් ඇතුළු සියලු පාර්ශ්ව පරීක්ෂාවට ලක්කරමින් නවීන තාක්ෂණය ද භාවිතකොට අධිකරණ සංකීර්ණවල ආරක්ෂාව වැඩිකිරීමට පියවර ගන්නා බවත්ය.

 



අදහස් (19)

පාතාලය අවසන් කරනවා

Lahiru Thursday, 20 February 2025 06:40 PM

සභාවේ තදින් සිනා..

:       11       35

පිටිගල මිලානෝ Thursday, 20 February 2025 07:38 PM

නියෝජ්‍ය ආරක්ෂක ඇමති පණ මදි සදාසොත්ති කෙනෙක් නේද….? ඉන්නවද නැද්ද කියලා දන්නේ නැහැ….

:       3       29

ගනේෂ් Thursday, 20 February 2025 07:42 PM

තංගල්ලේ කජ්ජා සහ දරුවෝ දෙන්නා මරන්න මුල් වුනේ කවුද කියලා හොදටම දන්නවා…. අල්ලලා ප්‍රශ්ණ කරන්න බයද…?

:       9       29

රුවිනි Thursday, 20 February 2025 08:17 PM

සෑම ඝාතකයෙක් පිටුපසම සාටකයත් ඇත. කජ්ජා සහ දරුවන්ට නිවන් සැප ලැබේවා…!

:       35       46

MalikaThursday, 20 February 2025 09:34 PM

ඔබ හරි රුවනි. රටේ හොරකම්, දූෂණය නැති කරනවාට සාටකය බයයි. ඒවා නැතිව රට දියුණු වෙනවාටත් සාටකය බයයි. සීයත් බයයි. ඒකනේ එයා ඔය ජාතික ලැයිස්තුවෙන් එන්න හදන්නේ. සීයා ආවොත් සාටකය ගොඩ බව සාටක කාරයින් දන්නවා...

:       32       29

මැක්ස් Thursday, 20 February 2025 09:04 PM

මෝඩකම ඉහ වහා ගිය ඇත්තන් නිසා අනුර ජනපතිට රට ඇදගෙන යා හැකිය.

:       18       31

Asela Thursday, 20 February 2025 09:11 PM

කතා කරනවා විතරයි, කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැහැ. එක අත්සනකින් හැම දෙයක්ම මැජික් කරන්න පුළුවන් කියලා ඔහු කිව්වා. ඕනෑම දූෂිත ගනුදෙනුවක් එක අත්සනකින් අවලංගු කරන්න පුළුවන්. උදාහරණයක් ලෙස, වහලුන්ගේ නායකයින් සහ වහලුන්ම විරුද්ධවාදීන්ට, හොරුන්ට සහ දූෂිත දේශපාලනඥයන්ට තමන්ට රිසි පරිදි අපහාස කිරීමේ පුරුද්දක යෙදී සිටිති. අධිකරණයේ කිසිදු ඔප්පු කළ චෝදනාවකින් තොරව උසාවියේ සාර්ථක නඩුවක් නොමැති නම්, කිසිවෙකු චෝදනා ගැන බැරෑරුම් ලෙස තැකීමක් නොකරන බව මුළු ලෝකයම දනී. එන්පීපීයේ වහලුන්ට දැන් ආණ්ඩු බලය තිබෙනවා, මේ එන්පීපී නායකයින්ට සහ වහලුන්ට එකතු වෙලා ඊනියා දේශපාලනඥයන්ට නඩු පැවරිය නොහැක්කේ ඇයි? සමහරවිට, මේ වහලුන් පුහුණු කර ඇත්තේ ඔවුන් කියන දේ විශ්වාස කරන ලෙස අන් අයට ඒත්තු ගැන්වීමටයි. බටහිර රටවල කිසිවෙකු මේ වංචාකරුවන් තවදුරටත් ගණන් ගන්නේ නැහැ.

:       14       34

Toni Thursday, 20 February 2025 11:56 PM

තවමත් ජෙබයියන්ට ඇත්තේ සාටක බිය පමණි. පචයෝද එම බිය පෙන්වා සිය අසමත්වීම සහ විලි වසා ගනිති.

:       16       28

සිංහල නිංජා Friday, 21 February 2025 12:30 AM

කයිය විතරයි. අනික් එවුන් වගේමයි.පොන්නයෝ ආරක්සාව බලනවගේ. සිංහලයන්ට හරි නායකයෙක් නැතිකම.අබ සරනයි.

:       36       9

චතුරි Friday, 21 February 2025 02:02 AM

පාතාලයට ප්‍රතම. මේ නාකි නඩේ. නැතිකරලා දාන්න. ඔය කාල කන්නි තමයි. පාතාලය ලන්කරගෙන වැඩ කෙරුවේ. අද මැරුන පාතාලේ එකා. මහින්දගෙ ගෝලයෙක් කියනවා නේද. දැන් තරහ නිසා මෝඩ නාමල් බේබි මරන්න කියන්න ඇති. මෝඩ බේබි ඒවාට හරි දක්ශයි. ඔය නාකි මයිනගෙ නාකි නඩේ රටින් තුරන් කරලා දැම්මානම් මේ රට දිවය ලෝකයක් වෙනවා. නාකි රනිල් ඇවිත් නැවත කජු කමින් කඳුළු ගෑස් ගහන්න වෙන්න ඇති එන්න හදන්නෙ. සහමුලින්ම කපලා දාන්න

:       8       3

Ahmed (Gulf) Friday, 21 February 2025 02:38 AM

ජනාධිපතිතුමා පාතාලය ඉවර කරන්න කලින් ආණ්ඩුවත් මලිමාවත් ඉවර කරනවා.

:       2       8

Pankumburage Friday, 21 February 2025 03:19 AM

කජු සීයා පාර්ලිමේන්තුවට එන්න හදනවාළු. ඉක්මනට මන්ත්‍රීවරුන්ගේ පක්ෂ මාරු කරන්න බැරි විදියට පනත සම්මත කරන්න. නැත්නම් ඔය කොයි අයියත් සල්ලි වලට යටයි. මොන විඩි ජුම්බරයක් වෙයිද දන්නෙ නැහැ.

:       0       4

ලාල්-බදුල්ල Friday, 21 February 2025 03:36 AM

අරුණ ජයසේකර වගේ ඇමතිලා ලැබෙන්නේම රාජපත්ෂලාගේ පිංවලටමයි. මෙලෝ රහක් නෑ…

:       0       4

Don perea Friday, 21 February 2025 03:44 AM

මිනී මරනකොට අපිට හිනා .ගොන්නුන්ගේ රට

:       0       4

hector Friday, 21 February 2025 04:09 AM

රේනෝ සිල්වා රටේ අංක 1 කුඩු ජාවාරම්කරු බැවින් කරුණාකර ඔහු ගැන සොයා බලන්න

:       4       2

Hamid Friday, 21 February 2025 08:33 AM

හැමදේකටම අල්ලගන්නේ සාටකය.. මේක ජෙප්පන්ගේ තුනෙන් දෙකේ ආණ්ඩුව... ඉතින් අල්ලගන්ඩකෝ පුළුවන් නම්

:       3       10

Nimal Friday, 21 February 2025 09:32 AM

නීතිඥවරු පරීක්ෂා කරන්න දෙන්නේ නැ... ඉතින් කොහොමද රට හදන්නේ

:       2       5

Kamal Friday, 21 February 2025 12:02 PM

ඒ කිව්ව පෝය දෙක පහු වුණානේ...

:       1       9

RaSika Friday, 21 February 2025 02:44 PM

කටින් වැඩ කෝටියයි.

:       1       5

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

වාණිජ වටිනාකමැති ආණ්ඩුවේ ඉඩම් ආයෝජකයන්ට දෙනවා
2025 අප්‍රේල් මස 23 57 0

වාණිජ වටිනාකම් සහිත ඉඩම් ආණ්ඩුව තියාගෙන ඉන්නේ මොකටද? ඒවා විනිවිද භාවයෙන් ආයෝජකයන්ට ලබාදෙන්න සූදානම් යැයි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මොරටුවේ ද


පාසලකට ඇතුළු කිරීමේදී වෙන අසාධාරණ අමාත්‍යාංශයට කියන්න
2025 අප්‍රේල් මස 23 67 0

දරුවන් පාසලට ඇතුලත් කිරීමේදී දේශපාලනඥයින්, රාජ්‍ය නිලධාරීන්, විදුහල්පතිවරුන් වාසි ගත්ත කාලය අවසන් බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පැව


මධ්‍යම තැපැල් හුවමාරුවට කෝටි 15ක මත්ද්‍රව්‍ය ඇවිත්
2025 අප්‍රේල් මස 23 104 0

රුපියල් පහළොස් කෝටි හතලිස් පන් ලක්ෂ පනස් දහසක් වටිනා , ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ් ’’ මත්ද්‍රව්‍ය තොගයක් ,ජාත්‍යාන්තර අධිවේගී තැපැල් සේවය (Express Mail Service ) ඔස්සේ , කො


දේශබන්දුගේ පැටිකිරිය හොයන කමිටුව පත් කරයි
2025 අප්‍රේල් මස 23 278 0

පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහිව ඇති චෝදනා පිළිබඳව විමර්ශන කෙරෙන ත්‍රිපුද්ගල කමිටුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා විසින් අද (23) පත්


මීරිගම දුම්රිය ගම්පහදී පිළි පනී
2025 අප්‍රේල් මස 23 239 0

කොළඹ කොටුව සිට මීරිගම දක්වා ධාවනය වූ කාර්යාල දුම්රියක් අද පස්වරුවේ ගම්පහ දුම්රිය ස්ථානය ආසන්නයේ දී පීලිපැනීමකට ලක්වී ඇතැයි දුම්රිය පාලක මධ්‍යස්ථානය


ක්‍රීඩා පුහුණුවට නොආවැයි ගුරුවරියගෙන් අපූරු දඬුවමක්
2025 අප්‍රේල් මස 23 1113 0

අසනීප තත්වයක් නිසා උදෑසන ක්‍රීඩා පුහුණුවට සහභාගී නොවුයේ යැයි චෝදනා කරමින් කැකිරාව විදුහලක ගුරුවරියක සිසුවියන් පිරිසක් පාසල් කාලය නිමවනතුරු දන ගස්ව


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 657 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 331 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 478 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site