IMG-LOGO

2024 නොවැම්බර් මස 06 වන බදාදා


පොතුවිල් පාගමනට ආ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී


(ලක්ෂ්මී ජයකොඩි)
 
අධිකරණ නියෝග නොතකමින් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමනට එක්වීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එම්. ඒ. සුමන්තිරන්, රාසමානිකක්ම් සානක්‍යයන්, තවරසා කලෙයිඅරසන්, සෙල්වම් අඩෙක්කලනාදන් ඇතුළු දේශපාලන නියෝජීතයින් රැසකගෙන් පොලීසිය ප්‍රකාශ ලබාගෙන තිබේ.
 
සුමන්තිරන් මන්ත්‍රීවරයාගෙන් අද (22) කොළඹදි ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර අනෙකුත් මන්ත්‍රීවරුන්ගෙන් යාපනය, වව්නියාව, මඩකළපුව යන ඔවුනොවුන්ගේ කාර්යාල හා නිවාස වලට ගොස් පොලසිය ප්‍රකාශ ලබා ගැනීමට කටයුතු කර ඇත.
 
යාපනය මහනගර සභාවේ නගරාධිපති වී. මනිවන්නන්, නීතිඥ කේ .සුභාෂ්, උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී කේ. සිවාජීලිංගම්, යන මහත්වරුන් පොතුවිල් සිට පෝලිකණ්ඩි දක්වා විරෝධතා පාගමන අධිකරණ නියෝග නොතකමින් සහභාගී වූ බවට දැනටමත් බී වාර්තා ගොනු කර තිබේ.
 
තවද එම විරෝධතා පාගමනට අධිකරණ නියෝග නොතකමින් සහභාගි වුණේ යැයි පවසමින් පොලිසිය විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන  මනෝ ගනේෂන්, සෙල්වම් අඩෙක්කලනාදන් හා උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රී තුරෙයිරාසා රවිහරන් යන මහත්වරුන්ගෙන්ද පොලිසිය ප්‍රකාශ ලබාගෙන ඇත.
 
මෙම පාගමනට සහභාගිවීම සම්බන්ධයෙන් මනෝ ගනේෂන් මහතාගෙන් පොලීසිය ප්‍රකාශයක් ලබාගෙන ඇති අතර, ඒ පිළිබඳව අදහස් දක්වමින් ඔහු පැවසුවේ මේ සියලු නීතී උතුරු නැගෙනහිර ප්‍රදේශ වලට පමණක් බවත් කොළඹ ඕනෑ තරම් විරෝධතා පැවැත්වෙන බවත් ඒ කිසිවක් මෙම නීතී අදාළ නොවන්නේ මන්ද යන්න තමන් ආණ්ඩුවෙන් ප්‍රශ්න කර සිටන බවත්ය. එක රටක් එක නීතීයක් යනු මෙයදැයිද මනෝ ගනේෂන් මහතා  වැඩිදුරටත් ප්‍රශ්න කළේය.



අදහස් (0)

පොතුවිල් පාගමනට ආ මන්ත්‍රීවරුන්ගෙන් පොලිසිය ප්‍රකාශ ලබාගනී

ඔබේ අදහස් එවන්න

දියත

දෙදරු මව යටකර ගිය සැරයන්ගේ වැඩතහනම්
2024 නොවැම්බර් මස 06 90 0

බීමත්ව යතුරුපැදිය පදවා දෙදරු මවක යටකර පලාගිය පොලිස් සැරයන්වරයෙකුගේ වැඩ තහනමකට ලක්කල බව කළුතර ජේ්‍යෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි.


රනිල් ට්‍රම්ප්ට සුබ පතයි
2024 නොවැම්බර් මස 06 374 0

ඇමරිකා එක්සත් ජනපදයේ ජනාධිපති ධුරය සඳහා යළිත් පත් වූ ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට අට වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්ස් පණිවිඩයක් තබමින් ස


ගාල්තැන්න කපුවාගේ වාහන අංගනයෙන් තව සැක වාහනයක් හමුවේ
2024 නොවැම්බර් මස 06 848 0

වාහන සිද්ධියක් සම්බන්ධයෙන් දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින ගාල්තැන්න ප්‍රදේශයේ ප්‍රසිද්ධ දේවාලයක දේව ගැතිවරයාගේ වාහන අංගනයේ තිබූ තවත් සැකකටයුතු මි


ඉතිහාසයේ ලොකුම අල්ලසට දඬුවම් ලැබෙයි
2024 නොවැම්බර් මස 06 1320 0

ශ්‍රී ලංකා ඉතිහාසයේ විශාලතම අල්ලස වශයෙන් සැළකෙන රුපියල් කෝටි 12 1/2 ක අල්ලසක් ඉල්ලා ලබාගත් බවට චෝදනා ලැබ සිටි රේගු අධිකාරීවරුන් සිව්දෙනාම අදාළ චෝදනාවන්ට


“පුංචි ඡන්දෙටත් ලෑස්ති වෙන්න”
2024 නොවැම්බර් මස 06 358 0

මහ මැතිවරණයෙන් පසු ඉතා ඉක්මනින්ම පළාත් පාලන මැතිවරණය පැවැත්වීමට සූදානම් වන්නැයි මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා සියලුම දිස්ත්‍රික


කොකේන් සමඟ විදේශිකයෙක් මාට්ටු
2024 නොවැම්බර් මස 06 321 0

රුපියල් කෝටියකට ආසන්න වටිනා කොකේන් මත්ද්‍රව්‍ය ගුලි තොගයක් ගිල දමා සිටි සීරාලියොන් ජාතිකයෙකු බොරැල්ල කොටා පාර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 37 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 433 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1362 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site