IMG-LOGO

2025 අප්‍රේල් මස 23 වන බදාදා


පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

( තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ )


ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී යැයි ප්‍රකාශ කරන ඉල්ලා ගොනුකර ඇති පෙත්සම්හි තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා විසින් කර ඇති ඉල්ලීමට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ගොනු කර තිබේ.


නීතිඥ අරුණ ලක්සිරි මහතා විසින් මෙම මෝසම ගොනු කර ඇත.


නීතිඥ ලක්සිරි මහතා අධිකරණය හමුවේ සිය මෝසමෙන් කියා සිටින්නේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීම නීති විරෝධී ප්‍රකාශ කරන මෙන් ඉල්ලා ගොනු කළ පෙත්සම් පිළිබඳ තීන්දුව කඩිනමින් ලබා දෙන මෙන් ජනාධිපතිවරයා නීතිපතිවරයා මාර්ගයෙන් අගවිනිසුරුවරයා වෙත ඉල්ලීමක් කර ඇති බවට ජනමාධ්‍ය ඔස්සේ පුවත් පළ වී ඇති බවයි.


මෙවැනි ඉල්ලීම් කිරීම තුළින් අදාළ නඩුවේ විභාග කටයුතු වට අගතියක් සිදුවන බවයි නීතිඥ අරුණ ලක්සිරි මහතා කියා සිටින්නේය.ජනාධිපතිට මෙවැනි  ඉල්ලීමක් කළ හැක්කේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 129 වගන්තිය යටෙත් විශේෂ  අර්ථ නිරූපණයක් පිළිබද කරුණු විමසීමක් හරහා පමණක් බවද ඒම මෝසමේ සඳහන්ව ඇත.


 එම නිසා මෙම නඩුව පිළිබඳව ස්වාධීන ලෙස විභාගයක් පවත්වා සුදුසු තීන්දුවක් ලබාදෙන මෙන් ද  නීතිඥ අරුණ ලක්සිරි මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත



අදහස් (26)

පෙත්සම් තීන්දුව කඩිනමින් දෙන්නැයි ජනපතිගේ ඉල්ලීමට එරෙහිව මෝසමක්

sampath pathirana Tuesday, 11 December 2018 07:08 AM

අධිකරණය ස්වාධීන උනත්, නීතියේදී උතුම්ම ස්ථානය උනත් මේ වෙලාවේදී අධිකරණ තීරණය ප්‍රමාද වන්න වන්න රට අගාධයට යනවා. එක සමහර අපේ අයට තේරෙන්නේ නෑ.. රටක් විනාස වුවාට පසු පොතේ තියෙන නීති වලින්, ව්‍යවස්ථාවෙන් , පාර්ලිමේන්තුවෙන්, විධායකයෙන් ඇති පලක් නැත..

:       79       15

sandy123 Tuesday, 11 December 2018 07:39 AM

ජනාධිපති ගහන ගහන ඇණේට මිටි පහර වදිනවා.

:       0       1

Tusitha Tuesday, 11 December 2018 08:17 AM

තීන්දුව ඉක්මන් කරන එක වැරදිද?

:       36       3

Anura Nanayakkara Tuesday, 11 December 2018 08:34 AM

මොකක්ද මේ මිනිසුන්ට වෙලා තිබෙන්නේ?

:       0       1

banda Tuesday, 11 December 2018 08:39 AM

අධිකරණය හොදට හිතලා බලලා තීරණයක් දේවි. කලබල වෙන්න එපා .

:       0       38

ගල්කටස් Tuesday, 11 December 2018 08:43 AM

කොහොමත් උගත් අත්දැකීම් අැති විනිසුරු මඩුල්ල සාමාන්‍ය පෙළ විභාගය අවසන් වෙනකම් ඕක නිකුත් කරන්නෙ නැහැ.

:       0       3

Hafeel Tuesday, 11 December 2018 08:57 AM

මේ ජනාධිපති රටටත් ව්‍යවස්ථාවටත් කළ හැකි හානි සේරම කරල, අවසානයේ ඉතා පහත් වෙලා තමයි ගෙදර යාවි.

:       6859       8224

007 Tuesday, 11 December 2018 09:41 AM

පුදුම ගැසට්, පෙත්සම්, මෝසම්. ලංකාව ඉදිරි අනාගතයේදීත් දියුණු වෙමින් පවතින රටක් මිස දියුණු වූ රටක් නොවන්නේය, එය පුදුමයක් ද නොවේ !

:       0       3

jagath Tuesday, 11 December 2018 09:53 AM

ලක්සිරි මහතා ඔබ හරි ..

:       11       0

sisira Tuesday, 11 December 2018 10:53 AM

ගරු අධිකරණය මේ අවස්ථාවේ ක්‍රියාකරන පිළිවෙත ගැන රටේ පුරවැසියෙක් හැටියට මා සෑහීමකට පත් වෙන්නැ. මේ තරම් රටේ ව්‍යාකුල තත්වයක් ඇතිවී තියෙද්දී අධිකරණය නිහඬ වී සිටීම නිසා රටේ පුරවැසියෝ ඉතා අසීරුතාවයකට පත්වෙලා

:       31       3

සෙනෙවි Tuesday, 11 December 2018 12:13 PM

රට අස්ථාවර වන ලෙස තීන්දුව ලබා දීම තව දුරටත් පමා කරන්නේ නම් ඒ අධිකරණය ජනතාවට පලක් නොවන බව කිව යුතුය

:       735       581

කසුන් Tuesday, 11 December 2018 12:22 PM

පළමුව සිතිය යුත්තේ අද රට ඇදවැටී ඇති අභාග්‍ය සම්පන්න අවස්ථාව ගැනය. රට මෙහෙම ගියොත් ඉතා ඉක්මනින් අරාජික වී අවනීතිය රජ යයි. මේ අවුල් ව්‍යවස්ථා සංශෝධන වලට සහය පලකල සියල්ලට තමන්ගේ පවුල් වලින් වන්දි ගෙවන්නට සිදුවේවි. මේ වෙලාවේ කලයුත්තේ හැකි ඉක්මනින් මහා මැතිවරණක් කරා යෑම පමණි !!

:       101       1

Jaya Tuesday, 11 December 2018 12:22 PM

ඡන්දයකට යමු. ප්‍රශ්න ඔක්කොම විසදෙයි.

:       103       2

චන්දා Tuesday, 11 December 2018 01:32 PM

මේ ජනාධිපති පත්කළ හැට දෙලක්ෂයේ දෝංකාරය..

:       1       1

dias Tuesday, 11 December 2018 02:54 PM

දැන් සනීපද ?

:       0       0

mohan Tuesday, 11 December 2018 03:54 PM

හිටපු අගමැති රටටත්, ව්‍යවස්ථාවටත් කළහැකි හානි සේරම කරලා, අවසානයේ ඉතා පහත් වෙලා ගෙදර යාවි.

:       224       51

Ranga Tuesday, 11 December 2018 06:30 PM

ලේක්හවුස් ප්‍රින්ටර්ස් පී.එල්.සී. ආයතනයේ ප්‍රධාන කොටස් හිමියකු ලෙස හිඳිමින් රජයේ ආයතන සමග ව්‍යාපාර කර ලාභ ලබාතිබීම හේතුවෙන් රනිල් වික්‍රමසිංහ මහතාගේ හා රුවන් විජේවර්ධන මහතාගේ මන්ත්‍රී ධුර අහෝසිවීමේ තත්වයක් උද්ගතව ඇති බව ඒ සම්බන්ධයෙන් වන පෙත්සම් විභාගයක් අධිකරණයට ඉදිරිපත් වීමෙන් පෙනී යයි..

:       245       120

Thangalle sobitha himi Tuesday, 11 December 2018 08:43 PM

අනේ පුලුවන්නම් මාස 6 , අවුරුද්දක් විතර පස්සේ තීන්දුවක් දුන්නට කමක් නැහැ . මොවුන්ට සහ වන්දිබට්ටයන්ට ගෙවනඅ වැටුප් දීමන නවතිනවා. අවුරුදු ගාණක් ඇදගෙන ගියොත් රටේ ණය බරිනුත් ගැලවෙන්න පුළුවනි .?

:       8       429

bo Wednesday, 12 December 2018 01:14 AM

මහා ඡන්දයකට යන්න බයේ වගේ ..............

:       829       624

AS Wednesday, 12 December 2018 04:43 AM

ඇයි මෙච්චර මිනිස්සු ප්‍රජාතන්ත්‍රවදය විකුණමින් ඔහුව රකින්න හදන්නෙ? ඇත්තටම මෙයා මේ රටට හොඳක් කරල තියනවද​? එහෙමනම් මොනවද ඒ දේවල්?

:       2556       2713

kamal Wednesday, 12 December 2018 05:26 AM

ගෙදර ගියාට අපිට කමක් නැ. කලබලේට කිසිදු ජනවරමක් නැතිව අලුත් ව්‍යවස්ථාවක් ගෙනාව නම් වෙන හානිය හිතාගන්නත් බැහැ .ඒක නිසා මේ වුන දේ රටට යහපතක් .

:       1254       1130

sandy123 Wednesday, 12 December 2018 05:44 AM

ඇයි පස්ස දොරෙන් අගමැති කෙනෙක් පත් කළේ..?

:       50       290

sili bili Wednesday, 12 December 2018 05:48 AM

මගේ බඩ අවුල්.. මම මෝඩයෙක්මි.

:       0       1

බද්රානි Wednesday, 12 December 2018 09:11 AM

ඇත්තෙන්ම කියනවා නම්, අපි නම් දැනටමත් හිතාගෙන ඉන්නේ අපේ රටේ ජනාධිපති කෙනෙක් නැහැයි කියලයි. හොඳින් හෝ නරකින් ලෝකයේ රටවල් පාලනය කළ ජනාධිපතිවරු ගැන අපි අසා තිබුණත්, උන්මන්තක ජනාධිපතිලා ගැන මින් පෙර අසා නැහැ. ඒ නිසා අපි අපේ රට ලෝකයා ඉදිරියේ හෑල්ලුවට ලක් නොකර සිටින එක තමයි වඩා හොඳ? යන යන තැන නාහෙන් අඬන ජනාධිපතිලා කුමකටද, රටකට?

:       505       1285

කරුණාපාල Wednesday, 12 December 2018 03:20 PM

අලියෙකු විසින් වටුවෙකු රජබවට පත් කලත්, වටුවාට කිසි විටෙකත් අලියෙකු මෙන් කටයුතු කල නොහැකි බවත්, වටුවාගේ, ස්වභාවය හා පරිමාව අවබෝධ කර නොගත් වටුවා, අවසානයේ අලියෙකු ඉදිරියේ ඔහු වටුවෙකුම බව දැන්වත් මේ වටුවා තේරුම් ගත යුතුයි. රටටත් රටේ ජනතාවටත්, පව් නොදී! තම නැණ පරිමාව හරිහැටි හඳුනා නොගෙන අනුන්ගේ පදයට නටා නට්ටන් වෙනවාට වඩා තමන් දන්නා නැටුමක් නටාගෙන සිටියා නම්, මේ කිසි කලබැගෑනියක් ඇති වන්නේ නැහැනේ...

:       0       19

jayasiri Thursday, 13 December 2018 04:56 AM

රනිල් මොනවද අපේ රටට කරලා තියෙන්නේ ?

:       1       0

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

ඩෑන් ප්‍රියසාද්ගේ ඝාතනයට තිදෙනෙක් අල්ලයි
2025 අප්‍රේල් මස 23 5 0

කොලොන්නාව නගර සභාවේ පොදු ජන පෙරමුණ අපේක්ෂක මෙන්ම සමාජ ක්‍රියාකාරිකයකු වූ ඩෑන් ප්‍රියසාද් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට ප්‍රශ්න කිරීම සඳහා වැල්ලම


මඟ තොටේ වන කෙනෙහෙළි ගැන ආබාධිත අය ගතු කියති
2025 අප්‍රේල් මස 23 32 0

බස් රථ සහ දුම්රිය සඳහා නිසි ප්‍රවේශ පහසුකම් නොමැති කම නිසා ආබාධ සහිත අයට කුලියට වාහන ගෙන ගමන් බිමන් යන්නට සිදුවී ඇතැයි ද ඊට වැය වෙන මුදල් දරාගන්නට නොහැක


රැඳවියෝ 250 ක් බාරවෙති
2025 අප්‍රේල් මස 23 341 0

මාතර බන්ධනාගාරයේ කළහකාරී ලෙස හැසිරෙමින් ගැවසුණු රැඳවියන් 250 දෙනකු මේ වන විට සිය කැමැත්තෙන්ම බාර වී ඇතිබව බන්ධනාගාර පාලනාධිකාරිය පවසයි.


වැඩ බලන විගණකාධිපතිට සේවා දිගුවක්
2025 අප්‍රේල් මස 23 229 0

වැඩබලන විගණකාධිපති ජී.එච්.ඩී ධර්මපාල මහතාට තවත් දින තිහක සේවා දිගුවක් ලබාදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඊයේ (22) අනුමැතිය ලබාදී ඇත.


කාදිනල් තුමෝ ඉතාලියට
2025 අප්‍රේල් මස 23 582 0

මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද උදෑසන , ඉතාලිය බලා පිටත්ව ගියහ.


මහවැස්ස හලාවත පාසලක් වහයි
2025 අප්‍රේල් මස 23 478 0

පවතින අධික වැස්සෙන් හලාවත ආනන්ද ජාතික පාසල සම්පුර්ණයෙන් ජලයෙන් යටවීමෙන් අද (23) පාසල තාවකාලිකව වසා දැමූ බව විදුහල්පති අරුණ ගුණසිරි මහතා පැවසීය.


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 622 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 319 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 466 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site