IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පුදුකුඩුඉරිප්පු ළිදේ වතුරෙන් භූමිතෙල් ගඳක්

(සිතුම් චතුරංග)

මුලතිව්, පුදුකුඩිඉරිප්පු උදයාර්කට්ටු දකුණ ප්‍රදේශයේ ඉඩමක පැරණි ළිඳකින් භූමිතෙල් සහ ඉන්ධන මිශ්‍ර ජලය හමුවී අ‍ැති බව ප්‍රදේශවාසීහු පවසති.

පසුගිය වර්ෂාවත් සමඟ අ‍ැතිවූ ජල ගැලීම් හේතුවෙන් ඉඩමේ හිමිකරු අ‍ැතුළු පිරිසක් අපිරිසිදුවූ ළිදේ ජලය ඉවත්කර  ළිඳ ශුද්ධ පවිත්‍ර කොට අ‍ැති අතර එහිදී ලැබුණු ජලයේ භූමිතෙල් සමඟ ඉන්ධන වර්ගයක් මිශ්‍ර වී අ‍‍ැති බව ප්‍රදේශවාසීහු කියති.

සිද්ධිය සම්බන්ධයෙන් පුදුකුඩිඉරිප්පු පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්.බී. අ‍ාර් හේරත් මහතා දැණුවත් කොට ළිද තුළ පවතින ජලය පරීක්ෂා කොට අ‍ැති අතර වැඩිපුර ළිදේ ජලයතුළින් භූමිතෙල් ගඳ වහනය වී අ‍ැති බවත් පුදුකුඩිඉරිප්පු පොලිසිය පැවසීය.

අදාළ ළිඳ සහිත ප්‍රදේශය පොලිස් නිලධාරීන් සෝදිසිකොට අ‍ැති අතර ‍කිසිවකු භූමිතෙල් ළිඳට මිශ්‍රකළ බවට සාධක හමු නොවූ බවත් පොළව අභ්‍යන්තරයේ සිට ඉන්ධන ළිදේ ජලයට මිශ්‍රවන බවට හදුනාගත් බවත් පොලිසිය සඳහන් කළේය.

පසුගිය යුද සමයේ ඉඩම සහිත ප්‍රදේශය එල්.ටි.ටී.ඊ සංවිධානයේ කඳවුරක් පැවති බවට අනාවරණය වන බවත අ‍ාරක්ෂක අංශ ප්‍රහාර හමුවේ ත්‍රස්තවාදී විසින් ඔවුන් සතු ඉන්ධන සැඟවීම සඳහා වළදැමීම සිදුකිරීම හේතුවෙන් එලෙස සඟවන ලද ඉන්ධන ටැංකියක ඉන්ධන කාන්දු වී මෙලස ළිදේ ජලයට මිශ්‍රවන බවට සැකපලකරන බවත් කීය.

පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ ස්ථාන කිහිපයකින් යුද සමයේදී එල්.ටි.ටි.ඊ සංවිධානය විසින් නැවත භාවිතයට ගැනීම සඳහා සඟවන ලද ඉන්ධන ටැංකි සහ බැරල් කිහිපයක් හමුවී අ‍ැතැයිද පැවසීය.

 



අදහස් (3)

පුදුකුඩුඉරිප්පු ළිදේ වතුරෙන් භූමිතෙල් ගඳක්

නිහාල් Monday, 08 January 2024 03:33 PM

ඡන්දයක් ළඟ නිසා රටේ වාසනාවට තෙල් ආකර මතුවෙනවා ද දන්නේ නෑ...

:       3       25

Anura Monday, 08 January 2024 04:16 PM

හ්ම්.. ළිඳට ගිනි තියපල්ලා. අපිට මෙහෙ කන්න බොන්නත් නැහැ...

:       2       10

Lalla Monday, 08 January 2024 08:22 PM

දිරාගිය භූගත ටැංකියකින් කාන්දුවීමක්... කොටි යුධ සමයේ වලලපු ටැංකි ඇති නේද? මැජික් නෑ. ෂුවර්.... මහින්ද ලොක්ක ආවනම් ජාතියේ වාසනාවට භූමිතෙල් නිධියක් හම්බ වුනා කියයි....

:       0       0

ඔබේ අදහස් එවන්න

දියත

මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 37 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


හිටපු ජනපති රනිල්ගේ ආරක්ෂාව ඉවතට
2024 ඔක්තෝබර් මස 06 729 1

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දී තිබූ ආරක්ෂාව සම්පූර්ණයෙන් ඉවත් කර තිබේ.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 80 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 615 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 522 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 723 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39187 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25599 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site