IMG-LOGO

2024 ඔක්තෝබර් මස 06 වන ඉරිදා


පෞද්ගලික අරමුණු ජයගන්න නම් මව්බිම ගැන සිතන්න

(අංජුල මහික වීරරත්න)

සැමට දහසකුත් එකක් පෞද්ගලික අපේක්‍ෂාවන් තිබුණ ද ඒ සියල්ල සාර්ථක කර ගැනීමට නම් මාතෘ භූමිය වර්තමානයේ ඇද වැටී ඇති අර්බුදකාරී තත්වයෙන් යළි ඉහලට ඔසවා තැබීම අනිවාර්ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ආර්ථිකය ස්ථාවර කර ගැනීම උදෙසා මල් ඇතිරූ සුමුදු මගක් නොව අභියෝගාත්මක දුෂ්කර ගමනක මේ වසරේදීත් යා යුතුව තිබෙන්නේ යැයි ජනාධිපතිවරයා කීය.

පසුගිය වසර පුරා ජනතාව කළ කැපවීම් සහ ඔවුන් විඳි දුෂ්කරතා නිසා රට බංකොලොත්භාවයෙන් මුදා ගැනීමේ මූලික පදනම සාර්ථක කර ගන්නට හැකි වූ බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.

නව වසර වෙනුවෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීය.

සියලු ලාංකිකයන් වෙත වගකීමක් පැවරෙන අතර රට යළි ගොඩ නැංවීම වෙනුවෙන් ඒ වගකීම නිසි ලෙස හඳුනා ගත යුතුයැයිද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කීය.

ජනවාරි මාසයට නම් තැබුණේ ජේනස් නම් දෙවියෙකුගේ නමින් බව කී ජනාධිපතිවරයා ජේනස් දෙවිඳුන්ට ඉදිරිය පමණක් නොව පසුපස ද බැලීමට මුහුණු දෙකක් ඇතැයි සඳහන් වන්නේ යැයිද එහෙයින් අනාගතය දෙස පමණක් නොව අතීතය ද විමසා බලා එකිනෙකාගේ වගකීම් හඳුනා ගත යුතුව ඇතැයි පැවසීය.

රට වෙනුවෙන් එම වගකීම් ඉටුකොට මාතෘ භූමිය යළි ඔසවා තැබීමේ අභියෝගය ජය ගන්නට නව වසරේ අදිටන් කර ගනිමු යැයි ජනාධිපතිවරයා විශේෂ ප්‍රකාශය කරමින් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

 



අදහස් (19)

පෞද්ගලික අරමුණු ජයගන්න නම් මව්බිම ගැන සිතන්න

chandima Monday, 01 January 2024 02:03 AM

එහෙම හිටපු නිසා නේද ජනාධිපති වෙන්න ලැබුනේ ?

:       0       6

Saman Monday, 01 January 2024 03:04 AM

අනේ කකුල් තුනම අල්ලලා වඳින්නම් අපි මව්බිම ගැන හිතලා තමයි ඔබතුමාට දේශපාලනයෙන් අයින් වෙලා ගෙදරට වෙලා ඉන්න කියන්නේ.

:       1       9

Aruna shantha Monday, 01 January 2024 05:04 AM

හලෝ මේ , අපි අපි ගැන බලාගන්නම් තමුසේ යනවා යන්න.අපි නොවෙයි තමුසෙව ගෙනාවේ.හොරු 134 දෙනෙක්ගේ කරෙන් ආපු හොර ජනාධිපතියෙක් පමණයි තමුන්.

:       1       11

kanchana Monday, 01 January 2024 05:08 AM

අපිට බන දේශනා කරන්න ඔයා කවුද ? ලජ්ජා නැතිව මහජනතාවගේ සල්ලි වලින් කකා මහජනතාවම පෙලන හැටි.නොදෝමකින් විතරක්.

:       1       9

Nilmini Monday, 01 January 2024 05:10 AM

යාලුවත් එක්ක එකතුවෙලා මහබැංකුව හොරාකාලා සල්ලි ටික යාලුවත් එක්කම සිංගප්පුරුවට පන්නලා, බබා වගේ ඉන්න හැටි.හොර ගෙඩියා.

:       2       11

Rane Monday, 01 January 2024 05:17 AM

ඒ .. ඔබ ඇමතුවේ ශ්‍රිලංකාවේ ජනාධිපති ( මිනිහා හිතාගෙන ඉන්නේ එහෙමයි ) හෙවත් බටලන්දේ චන්ඩියා හෙවත් බැංකු හොරා ච්ත්‍රපටයේ ප්‍රධාන නළුවයි.

:       1       9

saranga Monday, 01 January 2024 05:19 AM

චන්දෙදි දුවන්න දෙන්නේ තමුසේ ඇතුළු හොර නඩයටම.

:       1       9

rupasinghe Monday, 01 January 2024 05:21 AM

ලජ්ජා නැද්ද ඔයි ,දුප්පත් අපේ ටැක්ස් සල්ලිවලින් කකා ,අපිටම කෙලින්න එන්නේ. හිරේ යන්න ලැහැස්තිවෙලා ඉන්නවා.

:       1       7

පිටිගල මිලානෝ Monday, 01 January 2024 05:29 AM

කයිවාරුව නවත්තලා වෙලාවට චන්දය තියන්නකෝ…. ඉතුරු ටික අපි බලාගන්නම්.

:       2       12

රෝහිත Monday, 01 January 2024 07:26 AM

ඔබතුමා දිවා රෑ නොබලා මහන්සි වෙන්නේ රට වැටී තිබූ තත්ත්වයෙන් බිඳක් හෝ ඔසවා තබන්න, බදු වැඩි කිරීම් වේදනාකාරීයි, ඒත් විකල්පය මොකක්දැයි බයිලා ගහන කවුරුත් කියන්නේ නෑ, මේ අවුරුද්දේ දෙවන තුන්වන කාර්තු වෙද්දී ජනතාවගේ ආදායම් වැඩි වී රට සමුර්ධිමත් කිරීමට ඔබතුමාට හැකිවේවායි පතමු

:       11       2

මොට්ටයෝ Monday, 01 January 2024 07:49 AM

අස්වැසුම කියන්නෙ දේශපාලන අරමුණකින් කරන මුදල් නාස්තියක් තමයි ඒ වගේම සමුර්ධි කියන්නෙ ඊට නොදෙවෙනි මගඩියක් ඉතින් ඔය අනවශ්‍ය වියදම් අඩුකලාම රට හදන්න පුළුවන් දරුවන්ට පාසල් අධ්‍යාපනය ලබන කාලයේ රටේ සංවර්ධනය කරන්න අවශ්‍ය පාඩම් කියාදීල රට ගැන හැගීමක් ඇති කරන්න

:       0       3

Perera Monday, 01 January 2024 07:51 AM

ඔහෙලා ඔක්කොමල පෞද්ගලික අරමුනු ගැන මෙච්චර කල් හිතුව මිසක් රට ගැන හිතුවෙ නැති නිසා තමයි රට අද මෙ තත්වෙ තියෙන්නෙ.

:       1       9

Indhika Monday, 01 January 2024 07:56 AM

හොඳට හිතල හිතල ඉතුරු වෙලා තියෙන මොකක් හරි කාට හරි විකුණලා දාන්න.

:       2       9

nanda Monday, 01 January 2024 08:08 AM

වසර 40 ක් පාර්ලිමේන්තු ඉඳලා බම්බු ගැහුවද .දැන් තමා ඔක්කොම මතක් වෙන්නේ

:       2       11

Lakmal Monday, 01 January 2024 08:35 AM

පල යන්න ගෙදර

:       2       13

Lal Monday, 01 January 2024 09:02 AM

රනිල්ට හරි සැලැස්මක් වැඩ පිළිවෙලක් තියනවා... මොකක්ද ජෙප්පන්ගේ සැලැස්ම .... කියවීම පමණයි

:       14       4

අරවින්ද මොනරවිල Monday, 01 January 2024 09:36 AM

රටම විනාශ කරලා දැන් බොරු බයිලා ගනවා පින් ගොනා.

:       4       11

මාලන් Monday, 01 January 2024 11:46 AM

හමුදාව පොලීසිය ඉස්සරහට දාගෙන පිනට ලැබුන තනතුර රැකගන්නව ඇර වෙන දෙයක් නම් අපට පේන්න නෑ. බලයක් ලැබුන හැම වෙලේම කරේ උපරිම බදු ගහලා ජනතාව හූරගෙන කාපු එක විතරයි. අන්තිම හොර කපටියෙක්, කතා කරන්නේ මොකුත් දන්නේ නැති බබා වගේ. බලය නැති වෙන්නම ඕන ජනතාව හුරන්කාපු එක වැඩි කියලා තේරෙන්න.

:       1       8

Rohana Monday, 01 January 2024 12:09 PM

අනේ ඔය බණ හොදටම ඇති. ඔය කතාව 1948 ඉදන්ම කියනවා. ආර්ථිකය ජයගන්න මල්මාවත් ඇති රතුපලස් නෑ කියල. ඒත් කරපු දෙයක් නෑ. දැන් ජනතාව ආර්ථිකය ජයගන්න කී පාරක්නම් ඔය කියන දුෂ්කර මාර්ගවල ගියාද? හැබැයි මැති ඇමතිවරුයි හොර බිස්කස් කාරයොයි ඔය කියන දුෂ්කර මාවත ජයගෙන සැපෙන් ඉන්නවා. ජනතාව දවසෙන් දවසම කබලෙන් ලිපට වැටුනා. ඔයාලට ආණ්ඩුව කරගෙනයන්න බැරිනම් ඡන්දයක් තියල සුදුසු කෙනෙකුට රට භාරදීල ගෙදර යන්න.

:       1       3

ඔබේ අදහස් එවන්න

දියත

එවරස් කන්දේ උස වෙනස් වෙලා
2024 ඔක්තෝබර් මස 06 28 0

අරුන් ගංගා ද්‍රෝණියේ පාෂාණ සහ පස් ඛාදනය වීමෙන්, ලොව උසම ශිඛරය ලෙස සැලකෙන එවරස්ට් කන්ද වසරකට මිලිමීටර් 2 කින් ඉහළ යමින් පවතින බව නවතම අධ්‍යයනයකින් හෙළි ව


ඩයිනසෝරයන් විනාශ කළේ එක් ග්‍රහකයක් නොවේ
2024 ඔක්තෝබර් මස 06 102 0

වසර මිලියන 66 කට පෙර, මිහිමත රජ කළ දැවැන්තයන් වූ, ඩයිනසෝරයන් විනාශ කළේ එක් යෝධ ග්‍රහකයක් පෘථිවියේ ගැටීමෙන් නොව, යෝධ ග්‍රහක කීපයක් පෘථිවියේ ගැටීමෙන් යැයි


ඉලොන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවේ
2024 ඔක්තෝබර් මස 06 91 0

නොවැම්බර් 5 පැවැත්වෙන ඇමෙරිකන් ජනාධිපතිවරණයේ දී, බිලියනපති ඇමෙරිකන් ව්‍යාපාරික ඉලොන් මස්ක්ගේ සහාය රිපබ්ලිකන් ජනාධිපති ධුර අපේක්ෂක, හිටපු ජනාධිපති ඩ


සරුංගල් යැවූ දරුවන්ට විදුලි සැර වදී
2024 ඔක්තෝබර් මස 06 927 2

13 දහතුන් හැවිරිදි පිරිමි දරුවන් දෙදෙනෙක් සරුංගල් යවමින් සිටියදී අධිබලැති විදුලු රැහැනකින් විදුලිසරවැදි බරපතළ පිළිස්සුම් තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි


ලබුගම අනතුරක්:පෙම්වතා මරුට,පෙම්වතිය රෝහලට
2024 ඔක්තෝබර් මස 06 838 0

ලබුගම තුම්මෝදර යතුරු පැදියකින් යමින් සිටි පෙම්වතුන් යුවලක් බෝක්කුවක් පල්ලට ඇද වැටීමෙන් සිදු වූ අනතුරකින් දහනව හැවිරිදි පෙම්වතා මියගොස් විසි හැවිරි


හිටපු ඇමැති මස්සිනාගේ ලක්ෂ 700 ප්‍රා‍ඩෝව හංගලා
2024 ඔක්තෝබර් මස 06 4248 4

ප්‍රභූවරයකුට අයත් යැයි සැකකෙරෙන අධි සුඛෝපභෝගී ජීප් රථයක් ලුණුගල හොප්ටන් වත්ත ප්‍රදේශයේ ස්ථානයක සඟවා තිබියදී බදුල්ල පොලිසිය මගින් සොයාගෙන ඇත.


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39172 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25595 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 328 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1091 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 381 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site